FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post
Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer


Latest topics

» MELSTACORP PLC (MELS.N0000)
by engineer Today at 7:29 am

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by ONTHEMONEY Today at 6:39 am

» ASSOCIATED MOTOR FINANCE COMPANY PLC (AMF.N0000)
by dayandacool Today at 2:43 am

» R I L PROPERTY PLC (RIL.N0000)
by SAGA Yesterday at 9:57 pm

» Dividend - July/August
by High-flyer Yesterday at 9:41 pm

» SOFTLOGIC CAPITAL PLC (SCAP.N0000)
by madukp Yesterday at 9:08 pm

» Daily Foreign Transactions update
by Pradeep90 Yesterday at 9:08 pm

» Directors' Dealings 21/06/2021
by SAGA Yesterday at 8:25 pm

» CHEVRON LUBRICANTS LANKA PLC (LLUB.N0000)
by rukshan1234 Yesterday at 8:14 pm

» Top Foreign Trading today - 21/06/2021
by SAGA Yesterday at 8:02 pm

» Crypto , Digital Currency Trading , Forex
by RJ1010 Yesterday at 1:58 pm

» ACCESS ENGINEERING PLC (AEL.N0000)
by engineer Yesterday at 7:07 am

» Investing in Sri Lanka in ‘The New Normal’ - Nimal Perera
by ChooBoy Sun Jun 20, 2021 10:31 pm

» Who will be the Owner of Dividend after DVP?
by Mr. X Sun Jun 20, 2021 6:12 pm

» DVP යනු කුමක්ද? Explained
by samaritan Sun Jun 20, 2021 1:23 pm

» How to toggle between mobile and web versions of FC
by CHRONICLE™ Sun Jun 20, 2021 10:36 am

» I have 5 Million Cash To Invest in CSE
by chandike73 Sun Jun 20, 2021 8:42 am

» අයියෝ පෑන් ඒෂියා
by CHRONICLE™ Sun Jun 20, 2021 12:40 am

» කොටස් වෙළදපොල සිංහලෙන්
by CHRONICLE™ Sun Jun 20, 2021 12:35 am

» I keep seeing in the face book about the stock market but I still have no idea it is. Do you know? Stock market for beginners
by Asoka Samarakone Sat Jun 19, 2021 9:40 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » පොළී අනුපාත පහළට!

පොළී අනුපාත පහළට!

Go down  Message [Page 1 of 1]

Xmen

Xmen
Senior Equity Analytic
Senior Equity Analytic
පොළී අනුපාත පහළට!

පොලී අනුපාත සම්බන්ධයෙන් සමාජයේ සෑම කෙනෙක්‌ම පාහේ උනන්දු වෙයි. ප්‍රධාන වශයෙන්ම පොලී අනුපාත දෙවර්ගයකි. එනම් ණය පොලී අනුපාත සහ තැන්පතු පොලී අනුපාත වශයෙනි. බැංකුවලින් ණය ගැනීමට අපේක්‍ෂා කරන්නන් කැමැති වන්නේ අඩු පොලී අනුපාතිකයකටය. එහෙත් තම ඉතුරුම් බැංකුවල තැන්පතු කර ඇති තැන්පත්කරුවන් කැමැති වන්නේ වැඩි පොලී අනුපාතිකයකටය. ඔවුන්ට අවශ්‍ය වන්නේ තම ඉතුරුම් මුදල්වලට වැඩි පොලී ආදායමක්‌ ලබා ගැනීමටය. මේ නිසා පොලී අනුපාත වැඩි වන විට තැන්පත්කරුවන් සතුටට පත් වන අතර, බැංකු ණයකරුවන් අසතුටට පත් වෙති.. මේ අනුවම පොලී අනුපාත අඩු වීමට බැංකු ණයකරුවන් කැමැති වුවත්, බැංකු තැන්පත්කරුවන් එයින් අසතුටට පත් වෙති. මේ දිනවල පොලී අනුපාත ගැන කාගේත් අවධානය යොමුව තිබෙන්නේ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්තිමය පොලී අනුපාත මෑතදී අඩු කළ බැවිනි. ඒ නිසා මහ බැංකුවේ ප්‍රතිපත්තිමය පොලී අනුපාත අඩු කිරීම, විශේෂයෙන් බැංකු පොලී අනුපාත ඇතුළු සෙසු වෙළෙඳපොළ පොලී අනුපාතවලට සහ රටේ ආර්ථික ක්‍රියාකාරීත්වයට බලපාන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීම මේ අවස්‌ථාවේදී ඉතා වැදගත්ය. ඒ අනුව පොලී අනුපාත අඩු කිරීමේ ආර්ථික ප්‍රතිවිපාක පිළිබඳව මෙවර "ආර්ථික ඇසින්" තීරුවෙන් අපි සාකච්ඡා කරමු.

මහ බැංකුව සිය ප්‍රතිපත්තිමය පොලී අනුපාත අඩු කිරීමේ තීරණය සිය මැයි මස මුදල් ප්‍රතිපත්ති විවරණ වාර්තාවෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව එහි මෙසේ සඳහන් විය.

"සාර්ව ආර්ථික වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, විශේෂයෙන්ම උද්ධමනය හා උද්ධමනාත්මක පීඩනයන් ආර්ථිකයට වහාම අවදානම් ඇති කළ හැකි මට්‌ටමක නොපවතින බැවින් දේශීය ආර්ථික කටයුතු උත්තේජනය කිරීම සඳහා මහ බැංකුවේ පොලී අනුපාතික පහළට සංශෝධනය කිරීම සුදුසු යෑයි මුදල් මණ්‌ඩලය විසින් තීරණය කරන ලදී.

මේ අනුව, 2013 මැයි 09 වැනි දින පැවැති සිය රැස්‌වීමේදී මුදල් මණ්‌ඩලය විසින් මහ බැංකුවේ ප්‍රති මිලදී ගැනුම් සහ ප්‍රතිවිකුණුම් අනුපාතික පිළිවෙළින් පදනම් අංක 50 කින් පහත දැමීමට තීරණය කරන ලද අතර, මේ අනුව ප්‍රති මිලදී ගැනුම් අනුපාතිකය සියයට 7.00 ක්‌ ද, ප්‍රතිවිකුණුම් අනුපාතිකය සියයට 9.00 ක්‌ ද වනු ඇත. තවද වාණිජ බැංකුවලට සිය ද්‍රවශීලතාව කළමනාකරණය කිරීමේදී වැඩි නම්‍යශීලීත්වයක්‌ ලබා දෙමින් සංචිත පවත්වාගෙන යැමේ කාලපරිච්ඡේදය 2013 ජුනි 01 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි සති 1 ක සිට සති දෙකක කාලයක්‌ දක්‌වා දීර්ඝ කිරීමටත්, ව්‍යවස්‌ථාපිත සංචිත අනුපාතිකය නොවෙනස්‌ව සියයට 8 මට්‌ටමේම පවත්වාගෙන යැමටත් තීරණය කරන ලදී."

මේ අනුව මහ බැංකුව විසින් ප්‍රතිමිලදී ගැනුම් සහ ප්‍රතිවිකුණුම් යන සිය ප්‍රධාන ප්‍රතිපත්තිමය පොලී අනුපාත දෙකම පදනම් අංක 50 කින් අඩු කර තිබේ. මෙම ප්‍රතිපත්තිමය පොලී අනුපාතික ලෙස අදහස්‌ කරන්නේ මහ බැංකුව විසින් සිය මුදල් ප්‍රතිපත්තිය මෙහෙයවීම සඳහා භාවිත කරන පොලී අනුපාතිකයන්ය. ප්‍රති මිලදී ගැනීම්වලින් සිදුවන්නේ වාණිජ බැංකු සතු අතිරක්‌ත මුදල් මහ බැංකු සුරැකුම්පත්වල ආයෝජනය කිරීමයි. එහිදී මහ බැංකුව විසින් වාණිජ බැංකුවලට ගෙවන පොලී අනුපාතය, ප්‍රති මිලදී ගැනුම් පොලී අනුපාතිකයයි. එසේම ප්‍රතිවිකුණුම් තුළින් මහ බැංකුව විසින්, වාණිජ බැංකු සතු භාණ්‌ඩාගාර බිල්පත් ලබාගෙන, මුදල් ලබාදීම සිදු කරනු ලබයි. එහිදී වාණිජ බැංකුවලින් මහ බැංකුව අය කරනු ලබන පොලී අනුපාතිකය හඳුන්වන්නේ ප්‍රති විකුණුම් පොලී අනුපාතය ලෙසය. ඉතා සරලව මේ පොලී අනුපාත දෙක යනු ණය ගැනීමේ සහ ණය දීමේ පොලී අනුපාත දෙකකි. මේ පොලී අනුපාත වෙනස්‌ කිරීම තුළින් රටේ මුදල් වෙළෙඳපොළෙහි ද්‍රවශීලතාව සහ පොලී අනුපාත කළමනාකරණය කිරීමට මහ බැංකුවට හැකි වේ. ඒ නිසා මෙම ප්‍රතිපත්තිමය පොලී අනුපාතික, වෙළෙඳපොළ පොලී අනුපාතිකවලට පාදක වන පොලී අනුපාතයන්ය. මේ අවස්‌ථාවේදී සිදු කර ඇත්තේ මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්තිමය පොලී අනුපාතික අඩු කිරීමක්‌ නිසා ඒ අනුව බැංකු පොලී අනුපාතික ඇතුළු වෙළෙඳපොළ පොලී අනුපාතික ද ක්‍රමානුකූලව අඩුවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. එහෙත් මහ බැංකුව සිය පොලී අනුපාත අඩු කළ විගසම, බැංකු පොලී අනුපාත ක්‍ෂණිකව අඩු වන්නේ නැත. වෙළෙඳපොළ බලවේග හරහා එය සිදුවීමට තරමක කාලයක්‌ ගත වේ. එසේම මෙහිදී වෙළෙඳපොළ තුළ අප දකින තවත් දෙයක්‌ වන්නේ වාණිජ බැංකු විසින්, තැන්පතු පොලී අනුපාත ඉක්‌මනින් පහත හෙළනු ලැබූවත්, ණය පොලී අනුපාත අඩු කිරීමට ක්‍රියා කරන්නේ ඉතා සෙමින් වීමයි. එය මහ බැංකුවේ අවධානය යොමු විය යුතු කාරණයකි.

ගිය වසරේ (2012) අපේ ආර්ථික වර්ධන වේගය මුලින් අපේක්‍ෂා කළ සියයට 8 සිට සියයට 6.4 දක්‌වා පහත වැටුණු බව අපි දනිමු. ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය විසින් ගිය වසරේ (2012) පෙබරවාරි මස සිට ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සමූහයද තීරණාත්මකව බලපාන ලදී. එම ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සමූහය ද තීරණාත්මකව බලපාන ලදී. එම ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගන්නා ලද්දේ ආනයන විශාල වශයෙන් ඉහළ ගොස්‌, වෙළෙඳ හිඟය (ආනයන සහ අපනයන අතර පරතරය) ඉහළ යැම හරහා, ආර්ථිකයේ විදේශීය අංශයට, විශේෂයෙන් ම විදේශ විනිමය අනුපාතිකයකට ඇතිවූ පීඩනය සමනය කර ගැනීමටය. එම අපේක්‍ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට අප සමත් වුවද, ඒ නිසා සිදුවූ අනිත් ප්‍රතිඵලය වූයේ ආර්ථික ක්‍රියාකාරීත්වය මන්දගාමී වීමයි. ගිය වසරේ (2012) ආර්ථික වර්ධන වේගය සියයට 6.4 දක්‌වා අඩු වීමටද මෙය හේතු විය. ඒ සඳහා බලපාන ලද තවත් හේතු ද තිබේ. මෙම ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල එක්‌ ප්‍රධාන පියවරක්‌ වූයේ, මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්තිමය පොලී අනුපාතික ඉහළ දැමීමට ගත් පියවරයි. ඒ අනුව 2012 පෙබරවාරි 03 දින ප්‍රති මිලදී ගැනුම් සහ ප්‍රති විකුණුම් පොලී අනුපාතික පදනම් අංක 50 කින් එනම් සියයට 7.5 සහ සියයට 9 දක්‌වා ඉහළ නංවන ලදී. එසේම 2012 අප්‍රේල් 05 වැනිදා ද සිය ප්‍රතිපත්තිමය පොලී අනුපාතික යළිත් වරක්‌ ඉහළ දැමීමට මහ බැංකුව ක්‍රියා කළේය. මේ තුළින් වාණිජ බැංකු ඇතුළු සෙසු පොලී අනුපාතික ඉහළ ගියේය. මේ නිසා ණය ගැනීම අධෛර්මත් වීමෙන් රටේ ආර්ථික කටයුතුවල වර්ධනය අඩුවීමක්‌ සිදු වේ. ණය පොලී වැඩිවන විට ආයෝජනයෙහි පිරිවැය ඉහළ යන බැවින් ආයෝජකයන් අලුතින් ආයෝජන කටයුතුවලට යොමු වීම අඩුවේ. මේ තත්ත්වය ගිය වසරේදී පමණක්‌ නොව, මේ වසරේ (2013) මුල් කාලයේදීද නිරීක්‍ෂණය කළ හැකිය. ඒ බව මහ බැංකුවේ මැයි මස මුදල් ප්‍රතිපත්ති විවරණයේ ඇති පහත සඳහනින් ද අපට පැහැදිලි වන්නකි.

"2013 වසරේÊපළමු මාස කිහිපය තුළ ආර්ථික ක්‍රියාකාරකම් අපේක්‍ෂිත මට්‌ටමට වඩා අඩුවීම කෙරෙහි මුදල් මණ්‌ඩලය සිය අවධානය යොමු කළ අතර, විශේෂයෙන් මතුපිට උද්ධමනය ක්‍රමිකව අඩුවීම සහ ආර්ථිකයේ පහළ ඉල්ලුම් පීඩනය හමුවේ දේශීය ආර්ථිකයට උත්තේජකයක්‌ ලබාදීමේ අවශ්‍යතාව කෙරෙහි සිය අවධානය යොමු කර ඇත."

මේ සඳහනට අනුව පැහැදිලි වන්නේ ද මේ වසරේ (2012) පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරීත්වය අපේක්‍ෂා කළාට වඩා අඩු වී ඇති බවයි. මේ වසරේ (2013) ආර්ථික වර්ධනය සියයට 7.5 ක්‌ දක්‌වා ඉහළ යනු ඇතැයි සහ ඉන්පසු මධ්‍යකාලීනව ආර්ථිකය සියයට 8 කට වඩා ඉහළ වර්ධන මාවතකට ප්‍රවේශ වනු ඇතැයි අපේක්‍ෂා කළත්, මේ ඉහළ වර්ධන මාවතට පිවිසීමේදී ජයගත යුතු තවත් අභියෝග ද තිබේ. ගෝලීය ආර්ථිකය මන්දගාමීව යථා තත්ත්වයට පත්වීම නිසා අපගේ අපනයන භාණ්‌ඩ සඳහා පවතින ඉල්ලුම් තත්ත්වයට අවධානමක්‌ මතුව තිබේ. ඒ අනුව අපනයන භාණ්‌ඩ සඳහා වන විදේශ ඉල්ලුම අඩුවීම තුළින් අපගේ අපනයන ආදායම් අපේක්‍ෂිත පරිදි වර්ධනය කර ගැනීමට උදා කරනුයේ බාධාකාරී තත්ත්වයකි. මෙසේ ලෝක ආර්ථිකය මන්දගාමීව යථා තත්ත්වයට පත්වීමේ අහිතකර බලපෑම් ප්‍රධාන වශයෙන් ම කර්මාන්තශාලා අංශය සහ විදේශ වෙළෙඳ අංශවල අඩුවීම තුළින් දැනටමත් පිළිබිඹු වී තිබේ. ඒ නිසා දේශීය ඉල්ලුම වර්ධනය කිරීම තුළින් දේශීය ආර්ථිකයට උත්තේජනයක්‌ ලබාදීමේ අවශ්‍යතාව මහ බැංකුව විසින් හඳුනාගෙන ඇති අතර, මහ බැංකුව විසින් පොලී අනුපාත අඩුකරනු ලැබුවේද ඒ අරමුණ ඇතිවය.

පොලී අනුපාත අඩුවීමෙන් ආයෝජනයෙහි පිරිවැය (පොලී වියදම්) අඩුවන බැවින් ආයෝජන ධෛර්යමත් වේ. එනම් ණය ඉල්ලුම ඉහළ ගොස්‌ ආයෝජකයන් මෙන්ම සාමානය මහජනතාව ද නොයෙකුත් ආර්ථික ක්‍රියාකාරකම්වලට යොමුවීම ධෛර්යමත් වනු ඇති බවයි. මේ තුළින් පසුබෑමට ලක්‌ව ඇති ආර්ථික ක්‍රියාකාරීත්වය යළි ඉහළ නංවා ගැනීමට අපේක්‍ෂා කෙරේ. එසේම වෙළෙඳපොළ පොලී අනුපාතිකයන්ගේ අපේක්‍ෂිත අඩුවීම තුළින් රාජ්‍ය ණය වියදම් (රාජ්‍ය ණයෙහි පොලී පිරිවැය) අඩුවනු ඇති අතර රජයේ ආයෝජන කටයුතුවලට වැඩි සම්පත් ප්‍රමාණයක්‌ දායක කරගත හැකිවනු ඇතැයිද අපේක්‍ෂිතය.

මහ බැංකුව විසින් සිය දැඩි මුදල් ප්‍රතිපත්ති ස්‌ථාවරය ලිහිල් කරමින් පොලී අනුපාත පහත හෙළීම ආරම්භ කළේ ගිය වසරේ (2012) අග සිටමය. මේ අනුව 2012 දෙසැම්බර් මාසයේ සිටම වෙළෙඳපොළ පොලී අනුපාතවල පහළ යැමක්‌ සිදුව තිබුණත්, එය සිදුව ඇත්තේ සෙමිනි. මේ අතරම ලංකා විදුලිබල මණ්‌ඩලය හා තෙල් සංස්‌ථාව වැනි රාජ්‍ය සංස්‌ථා බැංකු අංශයෙන් විශාල වශයෙන් ණය ගැනීමද, බැංකු ක්‍ෂේත්‍රයට මෙන්ම පොදුවේ ආර්ථිකයටත් එල්ල කර ඇත්තේ අහිතකර බලපෑමකි. මේ ආයතනවල ඉහළ ණය වගකීම් නිසා පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා ලබාදිය හැකිව තිබෙන සම්පත් ප්‍රමාණය ද සීමිත වී තිබේ. ඒ නිසා මේ ආයතනවල මුල්‍ය තත්ත්වය නංවාලීම ද අත්‍යවශ්‍ය කාරණයකි. මේ ගැන මහ බැංකුව කියා සිටින්නේ මෑතදී සිදු කළ විදුලි ගාස්‌තු ඉහළ නැංවීම සහ පසුගිය පෙබරවාරි සහ අප්‍රේල් මාසවලදී සිදු කළ තෙල් මිලගණන් වැඩි කිරීම යන පියවරයන් ද මේ රාජ්‍ය සංස්‌ථාවල මුල්‍ය තත්ත්වය ඉහළ නංවාලීමට උපකාරී වනු ඇති බවයි. එසේම මෙකී රාජ්‍ය ආයතනවල බැංකු ණය වගකීම් අඩුවීමේ බලපෑම පැහැදිලිව පෙන්නුම් කිරීමත් සමග, ණය දීමේ පොලී අනුපාත තවදුරටත් අඩුවනු ඇතැයි ද අපේක්‍ෂිතය. එහෙත් වාණිජ බැංකු විසින් සිය ණය පොලී අනුපාත අඩු කිරීම බොහෝ මන්දගාමීව සිදු කිරීමට ඉඩ ඇති බැවින් ඒ ගැන මහ බැංකුව අවධියෙන් සිට එම ක්‍රියාවලිය වේගවත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම කළ යුතු බව අපගේ අදහසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2013/05/30/feature02.html

salt

salt
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
GOVT is taking initiative, fine
What about commercial bank's rates?
I don'y know whether they have gone down really

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum