(ලංකා ඊ නිව්ස් -2014.ජුනි.14, ප.ව.9.30) ජාත්‍යන්තරය රවටමින් චන්ඩින් සේ හැසිරෙන මැදමූලන රාජපක්ෂ ගංකබරයන්ගේ මෘග අත්තනෝමතිකත්වය නිසා ලඟ ලඟ එන ආර්ථීක සම්බාධක ගැන සොහොන් ලකුණු පෙන්වමින් ලෝකයේ දැවැන්ත ඇමරිකානු සමාගමක් ශ්‍රී ලංකාවේ සියළු ව්‍යාපාර වසා දමා ඉවත්ව යෑමට තීරණය කර තිබේ.
වසර 2000 සිට ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ව්‍යාපාර කටයුතු කළ මෙම සමාගම නමින් ඇමරිකන් ඉන්ටර්නැෂනල් ගෘෘප් හෙවත් ඒ.අයි.ජී. නම් වේ. තම සමාගම වසා දමා ශ්‍රී ලංකාව හැරදා යන බව පසුගිය බදාදා ශ්‍රී ලංකාවේ රක්ෂණ කර්මාන්තයේ නියාමන මණ්ඩලයට දැනුම් දී ඇත. හේතු ලෙස දන්වා ඇත්තේ ජාත්‍යන්තර රක්ෂණ ක්ෂේත්‍රයට ගැලපෙන ලෙස තම අනාගත සැලසුම් සකසද්දී ශ්‍රී ලංකාව ඊට නොගැලපෙන බව පෙනී යන නිසා තමන් මෙම තීරණය ගත් බවත් සේවකයන්ගේ ගැටළුව සහ දැනට ලබා දී ඇති රක්ෂණ ආවරණ විසඳා තමන් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන බවත් ය.
කොළඹ ලංකා බැංකු ව්‍යාපාරික කුළුනේ තම ව්‍යාපාර මූලස්ථානය පවත්වාගෙන ගිය ඒ.අයි.ජී. සමාගමේ මෙම තීරණය හදිසි තීරණයක් බව එහි සේවකයෝ පවසති. ව්‍යාපාර වල අවුලක් නොතිබූ නමුත් හදිසියේ රක්ෂණ ආවරණ විකිණීම නවතා දැමීමට තීරණය ගෙන තිබේ.
ඒ.අයි.ජී සමාගම අත් කර ගෙන තිබුනේ ශ්‍රී ලංකාවේ රක්ෂණ වෙළඳාමෙන් සියයට එකක ප්‍රතිශතයක් නිසා එම සමාගම ලංකාවෙන් ගියාට අපට ප්‍රශ්ණයක් නැතැයි බලධාරිහු ප්‍රකාශ කළද මෙහි ඇත්තේ වෙනත් කතාවක් බව තතු දත්තෝ පවසති.
එනම් ඇමරිකාව විසින් කිසියම් රටකට ආර්ථීක සම්බාධක පැමිණවීමට පෙර එම රටෙහි ආයෝජනය කර ඇති ඇමරිකානු සමාගම් වෙත කලින් ඒ බව දන්වා තම ආයෝජන ආරක්ෂිතව ඉවත් කර ගැනීමට දැනුම් දෙන බවත් ඒ.අයි.ජී සමාගම ඉවත්වීමට සත්‍ය හේතුව එය බවත් තතු දත්තෝ කියති. මෙවැනිම සිදුවීම් ඉරානයට ආර්ථීක සම්බාධක පැමිණවීමට පෙර ද ඇමරිකාව අනුගමනය කර තිබේ.
ලංකාවේ ඇමරිකානු ආයෝජන ඉතාමත් අල්ප වන අතර ඒ.අයි.ජී. සමාගමද ලංකාවේ රක්ෂන වෙළෙඳාමෙන් සියයට 1 ක් පමණක කොටසක පමණක් පැතිර පැවැතිණ. නමුත් එම සමාගම ලෝකයේ අති විශාල සමාගමකි. ලොව පුරා රටවල් 88 ක ඩොලර් බිලියන 69 ක් ආයෝජනය කර තිඛෙන ලොව පුරා ඇති සමාගම් වල සේවකයන් 64000 ක් සේවයේ නියුතු සමාගමකි. ලෝකයේ ව්‍යාපාර සම්බන්ධ තොරතුර පළ කරන ෆෝචූන් සඟරාව විසින් 2014 දී නම් කරන ලද ලොව පළමු සමාගම් 500 න් සියයට 98 ක්ම තම රක්ෂණ කටයුතු සඳහා තෝරාගෙන තිඛෙන්නේ ලංකාව හැර දා ගිය ඒ.අයි.ජී. ඇමරිකානු සමාගමයි. ඇමරිකාවේ ධනවත්ම 400 න් සියයට 40 ක්ම තම රක්ෂණ කටයුතු බාර දී ඇත්තේ ද ඒ.අයි.ජී. සමාගමට ය.
එවන් සමාගමක් ලංකාව හැර දා යෑම තීරණාත්මක සිදුවීමකි. අනාගත අනතුරක සොහොන් ලකුණු පෙන්නුම් කිරීමකි.
sorce : Lankaenews.
I just shared this news for your information. I am not sure about accuracy of this news, some thimes this is important for investors.