PCH HOLDINGS PLC(PCHH.N0000) හි නව අධ්‍යක්ෂවරුන් ලෙස කළමනාකරණ හා මූල්‍ය ක්ෂේත්‍රයේ දශක 02 ක අත්දැකීම් ඇති චමින්ද දයාන් බන්දුතිලක හා තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් වසර 16 ක පමණ අත්දැකීම් ඇති දර්ශන පද්මාල් ගලබොඩගේ යන අය පත් කර ඇතැයි කොළඹ කොටස් වෙළෙඳ පොළ නිවේදනය කරයි.
ලේකම්වරුන් ලෙස අගවිනිසුරු බිරිද ප්‍රියන්ති පීරිස් මුලසුන දරණ පී.ඩබ්ලිව්. කෝපරේට් සෙක්‍රටේරියල් ආයතනය පත්කර තිබේ.
පසුගියදා මෙහි තීරණාත්මක කොටස් හිමිකමකට උරුම කම් පෑ ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් පාර්ශ්වය විසින් මෙම පත් කිරිම් සිදු කර ඇත්තේ මේ සම්බන්ධයෙන් ඔවුනගේ වාසියට බස්නාහිර පළාත්බද මහාධිකරණය දුන් තීන්දුව ප්‍රකාරවය.