කියනු මැන බලන්නට කොහෙන් ආ බයියාද මීට පෙර මහ මුහුද ගොඩකරේ
ඔබාමල,හාපර්ල,කූපර්ල වගේ අය දන්නෙ නෑ ලංකාවෙ නොම්මරේ
අත අරින් නෑ අපිත්,අල්ල ගෙන ඉන්නවා ඉන්න තුරු ලොවේ කොටි හැතිකරේ.
බලනු මැන සුද්දො සහ සුද්දියෝ අප රටට මත්තලින් බැස එන්නෙ පෙරහැරේ
ඩොලර් මිටි පවුම් මිටි ගණන් පිරි බෑග් ඇත පිම්බිලා ඉදිමිලා උන් කරේ
දැකල ඇති ඔයාලත් සුද්දන්ගෙ පින්තූර පළවෙනව නිතරෝම පත්තරේ
දුවන ගිරියෙන් අරන් සීනි සම්බල පාන් බුදින හැටි දුටුවාම කෙළ පෙරේ
කොළඹ එන කාර් නැව් ගිහින් හම්බන්තොටට පාර වැරදිලා හරි ඡරමරේ
නැවත එනවා කොළඹ කාර් ටික පටවගෙන ලොරි ගණන් දමා ගෙන බර බරේ
මත්තලින් නඟින විට ගුවන් නැව් පෝලිමට බලා හිටියත් අපගෙ බඩ පිරේ
තොන්ඩලත් දැන් යන්නෙ හමර් වගෙ ඡීප්වල කාටදැයි මිතුර ආ ඩම්බරේ
හෝටලෙන් කන්නෙ නැති ඉන්න හැටි දන්නෙ නැති ඉන්දියානුවන්ගේ කරදරේ
කාමරේ අයන් එක උඩ දමා තුන් වේල රොටි කන්න උන් බදිති බිත්තරේ
ලෝකෙ වෙන කොහේවත් නැති තරම් බෝ වෙලා සැප විඳිති මැති ඇමති හැතිකරේ
අවදි වන විටදි අප තොවිලයත් හමාරව සොයනු බැරි වේවි පළුවත් බෙරේ
ආසියාවේ නොවේ මුළු ලොවේ පුදුමයයි නිකම්දැයි රට එහෙම නම් කරේ
වැටෙනවා ඡන්දයට පසු ගෙලට තොන්ඩුවක් බඩු නොවෙයි “බදු මල්ල“ අපෙ කරේ
කොහොම හරි ගන්නවා පුන්නක්කු අපට දී මහ පුටුව මාමණ්ඩි මේ වරේ
කොටස් මිල ඉහළ යයි අපිත් ඡොලියේ නටයි ණය හැළිය උතුරනා තුරු “දොරේ.“