මේ අනුව අද පෙරවරු 10.55 වන විට සියළු කොටස් මිල දර්ශකය තවදුරටත් පසුගිය සිකුරාදාට සාපේක්ෂව සියයට 1.89 ක් හෙවත් ඒකක 140 කින් පහළ යමින් ඒකක 7261.68 ක් ලෙසද S&P SL 20 දර්ශකය ඒකක 88.77 ක් හෙවත් සියයට 2.15 කින්ද පහළ යමින් ඒකක 4.038.59 ක්ද විය.
ACME PRINTING & PACKAGING අද නිවේදනය කළේ ස්වකිය හිමිකම් නිකුතුව සදහා උෘන දායකත්වයක් ලද බවයි.
කොමාර්ෂල් බැංකු,ජෝන් කීල්ස්,නෙස්ලේ ,ට්‍රාන්ස් ඒෂියා,LOLC හා ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි මහගු සතු සමාගම් මෙහිදි ඇද වැටි තිබිණි.
කෙසේවෙතත්,කතානායක ධුරය හැර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට ආසන 155 ක බලයක් අද උදැසන වන විටත් තිබු තත්ත්වයක මෙම අයවැය අද පරාජය කිරිමට විපක්ෂයට ඇති හැකියාව අල්ප බවද මේ අතරේ දේශපාලන නිරික්ෂකයෝ කියති.
මේ මොහොතේ ආණ්ඩුවෙන් ඉවත්ව යාමට වැට උඩ ඇති මැති ඇමති පාර්ශව කෙසේ හෝ ආණ්ඩුයේ රදවා ගැනිමට පුළුල් මෙහෙයුමක් ආණ්ඩුවේ පාර්ශව දියත් කර ඇති පසුබිමක අපේක්ෂිත පිල් මාරු ඒ ආකාරයෙන්ම සිදු වේ යැයි පුරෝකතනය කිරිමට අපහසු බව ආණ්ඩු හා විපක්ෂ ක්‍රියාකාරිහු කිහිප දෙනෙකුම රන්දොරට කීහ.
ආණ්‌ඩුවේ මුල් පෙළේ ඇමැතිවරුන් වූ මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වෙද්දී ඇමැති රාජිත සේනාරත්න මහතා, නියෝජ්‍ය ඇමැතිවරුන් වන එම්. කේ. ඩී. එස්. ගුණවර්ධන, දුමින්ද දිසානායක, පත්කළ මන්ත්‍රී මහාචාර්ය රජීව් විඡේසිංහ, ගම්පහ දිස්‌ත්‍රික් මන්ත්‍රී වසන්ත සේනානායක, නුවරඑළිය දිස්‌ත්‍රික් මන්ත්‍රී පෙරුමාල් රාජදොරේ යන අය ඔහුට සහාය දීම සඳහා ආණ්‌ඩුවෙන් ඉවත් වූහ.එයට පෙර සිහළ උරුමය නියෝජනය කළ අමාත්‍ය පාඨලි චම්පික රණවක හා අතුරලියේ රතන හිමියෝද ආණ්ඩුවේ සියළු තනතුරු වලින් ඉවත් වෙමින් මේ වන විට ස්වාධිනව කටයුතු කරති.
ඒ අනුව මේ වන විට එම ආණ්‌ඩුවේ සංයුතිය මන්ත්‍රීවරුන් 161 සිට (කථානායකවරයා හැර) 155 දක්‌වා අඩු වී ඇත.
අයවැය ඡන්ද විමසීමට පෙර උදෑසන 9.30 සිට මුදල් අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදය පැවැත්වේ. මෙම විවාදය අතරතුරදී ආණ්‌ඩු පක්‍ෂයෙන් මැති ඇමැතිවරු කිහිපදෙනෙක් මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දක්‌වමින් ආණ්‌ඩුවෙන් ඉවත්වීමේ සූදානමක් ඇතැයි වාර්තා කියයි.
මේ නිසා අද පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගනු ඇතැයි මන්ත්‍රීවරු පවසති.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඔක්‌තෝබර් 24 වැනිදා අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඊට පසු දා එනම් ඔක්‌තෝබර් 25 දා සිට අද දක්‌වා පුරා මාසයකට ආසන්න කාලයක් අයවැය දෙවැනි වර කියෑවීමේ විවාදය සහ කාරක සභා අවස්‌ථාවේ විවාදය පැවැත්විණි.