මෙම ජනාධිපතිවරණයෙන් මෛත්රීපාල ජයග්රහණය කළත් ඔහුට පාර්ලිමේන්තුවේ බලය ලබාගත නොහැකි බව ස්ථිර යැයි චම්පික රණවක මහතා පවසා ඇත. එහෙත් තමාට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරු 71ක ගේ සහායද එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරු 32කගේ සහායද ලබාගත හැකි බවත් එතුමා පාරම් බාමින් පවසා ඇත. එමෙන්ම ආණ්ඩුවට කරුණා සමග වැඩ කිරීමට හැකිනම් තමාට TNA සහයෝගය ලබාගැනීමට කිසිඳු බාධාවක් නොමැති බවත් හෙතෙම ප්රකාශ කර ඇත. එසේම තාවකාලික භාරකාර ආණ්ඩුවේ අගමැති වීමට රනිල්ට කිසි ලෙසකත් ඉඩ නොතබන බව වැඩි දුරටත් ප්රකාශ කර ඇත.
මෙහිදී රාජිත සේනාරත්න ගැනද සාකච්ඡා කරන ලදුව ඔහු විසින් ප්රා සංවිධානයේ නායකයා ලෙස නීතීඥවරුන් වන කාංචන අබේපාල සහ චරිත ලංකාපුර ඇතුළු රාශියක් මරා දැමීම සම්බන්ධයෙන් වග කිවයුතු එම කටයුතු වලට නායකත්වය දුන්නේ රාජිත සේනාරත්න මහතා බවත්, ඔහු මහ ගුණ මකුවකු බවත්, ඔහු සම්බන්ධ වීම නිසා අධිකරණය අමනාප වී ඇති බවත් රණවක මහතා පවසා ඇත.
මෙම සාදයේදී ප්රදීප් එක්නැලිගොඩ මහතාගේ අතුරුදහන් වීම සිදුවූ ආකාරය ගැනත් ප්රකාශ වී ඇති අතර එම අතුරුදහන් වීම සැලසුම් කළ පිරිසක් එතැන සිටි බවත් වාර්තා වෙයි. එක්නැලිගොඩ මහතා අතුරුදහන් වීමට පෙර හෙතෙම චම්පික රණවක මහතාගේ අපකීර්තිමත් ලිංගික ජීවිතය පිළිබඳ ලිපි 3ක් පළ කර තිබුණි. ඔහුගේ අතුරුදහන් වීමට ආසන්නතම හේතුව මෙය බව දේශපාලන විචාරකයෝ පවසති.
මෙම සාදය රාත්රී වනතුරු පැවති අතර ඔහුගේ විශ්ව විද්යාල මිතුරන් සහ සමකාලීනයන් මීට සහභාගී වී ඇත. මීට අමතරව කරුණාරත්න පරණවිතාන, මාලක විමලසූරිය, සෙනරත් වඩුගේ ඇතුළු පිරිසක් සහභාගී වූ බව වාර්තා වෙයි.
http://www.119gossiplanka.com/550/2014/12/champika-fucks-ranil.html