මෙසේ ජෝන් කීල්ස් සමාගමේ සභාපතිවරයා මූල්‍ය අපරාධ කොටඨාශය වෙත කැඳවීමට නියමිතව ඇත්තේ එම සමාගමට ලබාදුන් කැසිනෝ බලපත්‍රයක් සම්බන්ධයෙන් කටඋත්තරයක් ගැනීම සඳහාය.
මෙම කැසිනෝ බලපත්‍රය අයත්ව තිබී ඇත්තේ කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට වන අතර එය කීල්ස් සමාගම වෙත ලබා දීමේ ගණුදෙනුවේ තැරැව්කරුවා ලෙස කටයුතු කර ඇත්තේ සජින් වාස් ගුණවර්ධනය. මෙම ගනුදෙනුවේදී සජින් වාස් ගුණවර්ධන ධම්මික පෙරේරාගෙන් හා සුසන්ත රත්නායකගෙන් කොමිස් ලබාගෙන තිබේ. එම කොමිස්වලින් විශාල ප්‍රමාණයක් තමන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ලබාදුන් බව සජින් වාස් ගුණවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කොට ඇත.
අප කලින් වාර්තා කරන ලද්දේ සජින් වාස් ගුණවර්ධන මූල්‍ය අපරාධ කොට්ඨාශයට (FCID)අපරාධෝච්ඡාරණය කළ බවයි. එහෙත් එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ලෙස නිවැරදි විය යුතුය. සජින් CIDට කළ එම ප්‍රකාශය මත වැඩිදුර පරීක්ෂණ FCID ය මෙහෙයවයි.
කෝටිපති ව්‍යාපාරික රවී විජේරත්න හරහා මහින්ද රාජපක්ෂ මහතා 2002 වසරේ හඳුනාගත් තැන් සිට 2014 අග දක්වා කරන කියන ලද සියලු දේ සජින් වාස් ගුණවර්ධන ගිරවෙකු ලෙස CIDට වමාරා ඇත. මේ වන විට සජින් වාස් සමග ඩීල් දැමූ ගේම් ගැසූ සියළුම පුද්ගලයන් අන්දමන්ද වී සිටින බව වාර්තා වේ. ඔවුන් සියලුදෙනාට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙකු ලෙස සජින් වාස් ගුණවර්ධන උපයෝගී කර ගැනීමට රජය මේ වන විට තීරණය කොට තිබේ.
සබැඳි පුවත්
සජින් වාස් ඇප ලබාගත්තේ සියලුම අය පාවාදීලා !
http://sinhala.lankanewsweb.net/news/special-news/item/932-fcid