රටේ පොදු ජනතාව වෙනුවෙන්, හොරකම්, දූෂණ වංචාවලට එරෙහිව 2015 ජනවාරි 8 වෙනිදා පෙළ ගැසුණු සමස්ත ජනතාව වෙනුවෙන් එම බලකිරීම සිය පක්ෂය කරන බව ජවිපෙ දේශපාලන මණ්ඩල සහික ලාල් කාන්ත මහතා ඊයේ (15) පැලවත්ත එම පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසීය.
මහ බැංකු අධිපතිවරයාගේ සේවය අවසන් වීමේ කාලය පැමිණ තිබෙන්නේ යැයි ද එබැවින් ඊට අවස්ථාව සලකා දී එම ධුරය සඳහා සුදුසු ගැළපෙන අයෙකු පත් කිරීමට පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයිද ඒ මහතා පැවැසීය.
මහ බැංකු අධිපතිවරයා පත් කිරීම හෝ වෙනත් කෙනකු පත්ක කිරීම හෝ ඔහුගේ කාලය දීර්ඝ කිරීම කළ යුතු වන්නේ අග්‍රාමාත්‍යවරයා නොව ජනාධිපතිවරයා යැයි පෙන්වා දුන් ඒ මහතා තමන්ට හොරකම් වංච දූෂණ වැළැක්වීමට සැබෑ වුවමනාවක් ජනාධිපතිවරයාට තිබේනම් මේ පිළිබඳ තීන්දුව ඇත්තේ ජනාධිපතිවරයා අතේ යැයි ද පැවැසීය.