arunaupendra wrote:BPPL Holding - ( BPPL.N0000 )
ලෝකෙටම Brush හදන ලoකාවේ අපේ Company එකක් ගැන තමා අද අපි කතා කරන්නෙ . 2020 වර්ෂය සදහා Global Recycling පදනම විසින් සoවිධානය කරන ලද Recycling Heros 2020 Award සදහා සුදුසුකම් ලැබූ ලොවපුරා සමාගම් 700 ක් අතරින් BPPL Holding පලමුවන 100 දෙනා අතරට ඒමටත් සමත් වෙනව.
1984 ආරම්භ කොට 2017 වසරේ කොටස් වෙළෙඳපොළ ලියාපදිංචි වන මෙම සමාගම රට පුරා ඉවත ලන ප්ලාස්ටික් වතුර බෝතල් ටොන් 300 පමණ මසකට එකතු කර ඒවා ප්‍රතිචක්‍රිකරණයට ලක් කොට මොවුන්ගේ නිෂ්පාදන සදහා යොදා ගැනීමට මොවුන් කටයුතු කරනව.එමගින් පරිසරික වශයෙන් මොවුන් කරන සේවය අතිමහත්ය .ඒ සමගම බුරුසු වල අල්ලු කොටස් නිපදවන්නට දේශීය රබර් ලීත් භාවිතයට ගන්නව.
මොවුන්ගේ නිෂ්පාදන මොනවාද ?
# විවිධ වර්ගයේ බුරුසු
# මොප් වර්ග
# පොලියෙස්ටර් රෙදි
# ලි බුරුසු හසුරු ( Brush Handles )
# නූල් වර්ග
# ෆිලමන්ට්ස්
මොවුන්ගේ නිෂ්පාදන වලින් 95% කටත් වඩා ප්‍රමාණයක් යවන්නේ විදේශීය වෙළ්දපොළ වෙත. 2-4 % වගේ සුළු ප්‍රමාණයක් තමා දේශීය වෙළෙඳපොළ වෙත සපයන්නේ . ඒ අතින් ගත් කල ඉතා ඉහල මට්ටමේ අපනයන කරුවෙක් තමා මේ BPPL Holding සමාගම.
මොවුන්ගේ ප්‍රධාන ගැනුම්කරුවන් තමයි උතුරු ඇමරිකානු රටවල් සහ කැනඩාව.ඒ වගේම ඕස්ට්‍රේලියාව, නවසීලන්තය , ඉන්දියාව සහ යුරෝපානු රටවල් වලටත් මොවුන්ගේ නිෂ්පාදන වැඩි වශයෙන් අපනයන කරනව.
අනූෂ අමරසිංහ මහතා පවසන පරිදි මෙම සමාගමේ Brush & Filament අoශයේ නිෂ්පාදන ධාරිතාවයෙන් 85% කටම මේ වන විටත් ඇනවුම් ලැබී තියෙනව.ඊට හේතු වෙලා තියෙන්නෙ India ව සමග මොවුන් ගිවිසගත් ගනුදෙනු.
ඒ සමගම Polyester Yarn නිෂ්පාදනයත් දෙසැම්බර් 31 දක්වාම 94% පමණ පිරී පවතිනව.
කොරෝනා අර්බුදයත් සමගම මොවුන්ගේ සනීපාරක්ෂක කටයුතු සදහා යොදා ගන්නා Brush වර්ග සදහාත් හොද ඉල්ලුමක් මා තියෙන්නෙ.
" Tip Top " කියන වෙලද නාමය යටතේ ඔවුන්ගේ නිශ්පාදන වලින් 2% ක පමණ ප්‍රමාණයක් දේශීය වෙලදපොළ වෙතත් නිකුත් කරනව.
MAS Holdings ආයතනය විසින් මසන ලද Sri Lanka Cricket Jersey එක නිපදවන්නෙත් මේ BPPL Holding විසින් ප්‍රතිචක්‍රිකරණය කරන ලද හිස් වතුර බොතල් වලින් ලබා ගන්නා නූල් වලින්ම තමයි.එම බෝතල් එකතු කිරීම කරල තියෙන්නෙත් වෙරළ ආශ්‍රිතවම තමා.
අවසාන කාර්තුව සදහා මොවුන්ගේ බදු පෙර ලාභය රුපියල් මිලියන 165 ක් පමණ වෙනව .
Q2 EPS : 0.44
එය පසුගිය වසරේ එම කාර්තුවට සාපේක්ෂව 25% ක වර්ධනයක්. Lockdown කාලසීමාව තුලත් මෙම සමාගම ලාභ උපයන්න සමත් වෙලා තියෙනව.
10% ක පමණ සුළු කොටස් ප්‍රමාණයක් තමා public Quantity එක විදියට නිකුත් කරල තියෙන්නෙ. මෙහි හිමිකාරත්වය දරන්නේ Infinity Capital ( Pvt ) Ltd කියන ආයතනයයි.
ලාබාoශ වුනත් සැලකිය යුතු මට්ටමෙන් ගෙවන සමාගමක් . ඉතා කෙටි කලකින් ඉහළ කාර්ය සාධනයක් අත්පත්කර ගත හැකි සමාගමක් තමා මේ BPPL Holding කියන්නෙ .
පාරසරික වශයෙන් මොවුන් කරන අති මහත් සේවාව බොහෝ පිරිසක් නොදන්නවා වීම කණගාටුදායකය . අප නොදැන සිටි, මොවුන් විසින් කසල එකතු කිරීමේ මධ්‍යස්ථානය පිහිටුවා ඇති ස්ථාන,
# කතරගම පූජා භූමිය
# ශ්‍රී පාදස්ථානය
# අධිවේගී මාරිග පිවිසුම් සහ පිට වීම්.
# තලවිල සහ මුන්නේශ්වරම පූජා භූමි.
# වෙරළ කලාප.
හොදම සoකල්පයක් යටතේ පරිසරය සුරකිමින් , විදේශ විනිමය උපයන මෙම සමාගම ඇත්ත වශයෙන් ම සැගවුනු මැණිකකි.
Written by : Chamara Ranasinghe
( 19th Of Nov 2020 )
Open for your valuable comments and Ideas.