2017 මැයි මාසයේ දී GSP+ සහනය නැවත ලබා ගැනීමේ යහපත් බලපෑම පිළිබිඹු කරමින් 2017 ජූලි මාසයේ දී යුරෝපා වෙළෙඳපොළ වෙත සිදු කරන ලද ඇඟලුම් අපනයනවලින් ලද ආදායම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 188 ක් දක්වා සියයට 6.5 කින් වර්ධනය විය.
මෙම මාසය තුළ. ඇමරිකා එක්සත් ජනපදය සහ සාම්ප්‍රදායික නොවන වෙළෙඳපොළ වෙත යොමු වූ ඇඟලුම් අපනයන තුළින් ලද ආදායම් ද පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව පිළිවෙලින් සියයට 7.9 කින් සහ සියයට 6.5 කින් වර්ධනය විය.
2017 ජූලි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම වාර්තාවකින් මේ බව අනාවරණය වී තිබේ.
http://biz.adaderana.lk/gsp-%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%83%E0%B7%94-%E0%B6%87%E0%B6%9F%E0%B6%BD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA/