FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post
STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

CHRONICLE™ NEWS PRODUCTS

FINANCIAL CHRONICLE™

Views & Reviews, Analysis, Evaluations, Discussions, Gossip and Hot Tips relating to Sri Lankan companies listed on the Colombo Stock Exchange (CSE)
Contribute

DAILY CHRONICLE™

Latest news and articles published in Newspapers, Websites, Blogs and other online news sites relating to business and investments in Sri Lanka
Contribute

ECONOMIC CHRONICLE™

This is a section that provide news, views, analysis, predications relating to Political and Socio-Economic factors and how such activities affect the Stock Market and other economic activity of the Country.

Contribute

EXPERT CHRONICLE™

This is an exclusive section for Expert Articles which will help member to share knowledge through comments and responses of the members. All members are allowed to reply and make comments to these articles.

Contribute

Submit Post

CHRONICLE™ YouTube

Youtube Videos and other visual presentations relating Stock market and other investment advise submitted by members or other contributors.

Contribute

Submit Post

කොළඔ කොටස් වෙළඳපොළේ වංශකථාව
කොළඔ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් කොටස් ගැන තොරතුරු¸විශ්ලේෂණ¸සාකච්ඡා¸ කටකතා¸රසකතා යන සියල්ල අපේම සිංහලෙන් කතා කළ හැකි ‘කතා මණ්ඩපය’

Contribute

Submit Post

CHRONICLE ANALYTICS
All Share Index (ASI), S&P, Milanka Price Index (MPI), Moving Averages and all other analytical graphs and charts

Contribute

Twitter Feeds

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » PLANTATION SECTOR

PLANTATION SECTOR

Go to page : Previous  1 ... 8 ... 12, 13, 14

Go down  Message [Page 14 of 14]

326PLANTATION SECTOR - Page 14 Empty Re: PLANTATION SECTOR Tue Nov 17, 2020 5:05 pm

High-flyer

Manager - Equity Analytics
Manager - Equity Analytics
@Vishwanarth wrote:
@High-flyer wrote:Budget 2021

Plus

Agriculture, Livestock and Fisheries sectors to be exempted from income tax for the next 5 years.

Negative

Daily wage of estate workers to be increased to Rs 1,000 from January 2021.

Daily wage 1000 is a long standing CARROT story. He promised in last 2019 November election as well. Can you remember MP Wadivelu did protest at that election and promise was 1000salary. By now they receive salary nearly to promise amount

As I believe, Industry is willing for Performance based pay (Based on No of KG) rather Daily Fixed pay.

Vishwanarth likes this post

gayanhdd dislikes this post

327PLANTATION SECTOR - Page 14 Empty Re: PLANTATION SECTOR Wed Nov 18, 2020 8:25 am

කොටස් වෙළඳපොළ2020

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
කෘෂිකාර්මික, පශු සම්පත් හා ධීවර අංශ ඉදිරි වසර 5 සඳහා ආදායම් බද්දෙන් නිදහස්  TPL,KVAL,LAMB,WATA,LMF,CIC,LCEY,TESS

328PLANTATION SECTOR - Page 14 Empty Re: PLANTATION SECTOR Wed Nov 18, 2020 8:56 am

කොටස් වෙළඳපොළ2020

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
හේලීස් වැවිලි සමාගම Western High Grown තේ සඳහා වූ වෙන්දෙසියේදී ඉහළම ශ්‍රේණිගත කිරීම් 10 ක් හිමිකර ගනී
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ වතු සමාගමක් වන හේලීස් වතු සමාගමේ තේ වතු 2020 සැප්තැම්බර් මස පවත්වනු ලැබූ Western High Grownතේ සඳහා වූ වෙන්දේසියේදී ඉහළම දළ විකුණුම් සාමාන්‍යය (GSA) සඳහා වූ ඉහළම ස්ථාන 10 ම ලබා ගනිමින් පෙර නොවූ විරූ සන්ධිස්ථානයක් අත් කරගත් බව පවසයි.
තලවාකැලේ වතු සමාගමේ (TTEL) තේ වතු හයක්, කැළණිවැලි ප්ලාන්ටේෂන්ස් (KVPL) හි තේ වතු තුනක් සහ හොරණ ප්ලාන්ටේෂන්ස් (HPL) හි එක් තේ වත්තක් සැත්තැම්බර් මාසයේදී හොඳම වතු 10 බවට පත්වෙමින් වතු සමාගමක් ලෙස එම සමාගම ක්ෂේත‍්‍රයේ තවත් සන්ධිස්ථානයක් කරා ලඟා කර තිබේ.
PLANTATION SECTOR - Page 14 Roshan-rajadurei
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා “හේලීස් වැවිලි සමාගම සෑමවිටම සිය නිෂ්පාදනයන්ගේ උසස් ගුණාත්මක බව පිළිබඳ සැලකිලිමත් වන අතර මෙය සිදු කරනු ලබන්නේ නිෂ්පාදනයේ සියලූම අංශ පුරා විශිෂ්ටත්වය ඇති කිරීම සඳහා වූ නොසැලෙන කැපවීම තුළිනි. මෙයට පාරිසරික කෘෂිකාර්මික සහ කර්මාන්තශාලා කළමනාකරණය යනාදියෙහි හොඳම භාවිතයන් පවත්වා ගෙන යාම සහතික කිරීම මෙන්ම අපගේ සේවකයින් සවිබල ගැන්වීම සඳහා වූ අසමසම කැපවීම ද ඇතුළත් වේ. එමඟින් ඔවුන් තම උපරිමය ලබා දීමට දැඩි උනන්දුවක් දක්වයි.” යනුවෙන් සඳහන් කරයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා “විශේෂයෙන්ම මෑත මාසවලදී, ක්ෂේත‍්‍රයේ නිපදවන විශිෂ්ට තේ වර්ග කිහිපයක් සමඟ දේශීය වශයෙන් දැඩි තරගකාරීත්වයක් අපට දක්නට ලැබුණා. එබැවින් අපගේ තේ වල ගුණාත්මකභාවය නිරන්තරයෙන් පිළිගැනීමට හා ජයග‍්‍රහණයට පාත‍්‍ර වීම ඇත්තෙන්ම ගෞරවයක්. අපට එය කළ හැකි වූයේ අන්තර්ජාතික වෙළෙඳපොළ සඳහා හොඳම තේ වර්ග කිහිපයක් නිර්මාණය කිරීමට කාර්ය මණ්ඩලයේ වූ කැපවීම නිසා,” යනුවෙන්ද පවසා සිටියි.
හේලීස් වැවිලි සමාගමට අයත් තේ වතු ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ඉහළම ශ්‍රේණිගත කිරීම් දහයෙන් නවයක්ම  හිමි කර ගැනීමට සමත් වී තිබීම කැපී පෙනේ. සමාගමට අයත් තවත් වතු සමාගම් පහක් ද ඊළඟ ස්ථාන 10 තුළ සිටින අතර වසර පුරාවටම හොඳම ශ්‍රේණිගත කිරීම් 20න් 15ක් ලබා ගනිමින් ශ්‍රේණිගත කිරීම් අතර ශක්තිමත්ව රැඳී සිටී.
සෑම මසකම ලංකා තේ වෙළෙඳුන්ගේ සංගමය (Ceylon Tea Traders Association) විසින් ශ්‍රේණිගත කරනු ලබන තේ වෙන්දේසියේදී වාර්තා කරන අලෙවි කාර්යසාධනය මගින් එක් එක් වතු යාය අපනයන වෙළෙඳපොළවල් සඳහා ලබා දෙන ගුණාත්මක නිෂ්පාදන පිළිබඳ වැදගත් අවබෝධයක් ලබා දෙයි. එමෙන්ම වෙන්දේසියේදී ඉහළම මිල ගණන් ලබා ගන්නා වතු සෑම මසකම ශ්‍රේණිගත කරන අතර සමුච්චිත සහ වාර්ෂික ශ්‍රේණිගත කිරීම් ද සෑම වසරකම අවසානයේදී සකසනු ලබයි.
2019 දී හේලීස් වැවිලි සමාගමට අයත් වතු සමාගම් ඉහළ ශ්‍රේණිගත කිරීම් 20හි ස්ථාන 11ක් ලබා ගත් අතර ඉහළ ස්ථාන 10න් 5ක්ම එයට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි. 2018 වසරේදී ද සමාගමේ වතු සමාගම් ඉහළ ස්ථාන 15න් 12කට හිමිකම් කියන ලදී. හේලීස් වැවිලි සමාගම හොඳම ගුණාත්මකභාවයෙන් යුතු සිලෝන් ටී නිෂ්පාදනය සඳහා කීර්තියක් උසුලන අතර සමාගම සතු වතු පසුගිය වසර කිහිපය පුරාවට ඉහළම ශ්‍රේණිගත කිරීම් 20 හි තම ආධිපත්‍ය පැතිරවීමට සමත් වී ඇත.
ඒ අතරින් තලවාකැලේ වතු සමාගමට අයත් Mattakelle වතුයාය පසුගිය වසර 11 තුළ වසර 9ක් Western High Grown ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයට පත් වී ඇත.
හේලීස් වැවිලි සමාගම කැළණි වැලි ප්ලාන්ටේෂන්ස් (KVPL), තලවකැලේ වතු සමාගම (TTEL) සහ හොරණ වතු සමාගම (HPL) යන සමාගම් තුනකින් සමන්විත වෙයි. මෙම සමාගම් තුනම පිළිවෙලින් ශ්‍රී ලංකාවේ ප‍්‍රාදේශීය වැවිලි සමාගම් අතර තේ සහ රබර් කර්මාන්තය සඳහා ඉතා ඉහළ පිළිගැනීමක් අඛණ්ඩව පවත්වා ගෙන යයි. ඒ අනුව, මෙම සමාගම් මගින් තේ සහ රබර් වතු 60ක් පමණ කළමනාකරණය කරන අතර හෙක්ටයාර 26,137ක භූමියක් පුරා ඒවා ව්‍යාප්තව පවතනිවා මෙන්ම ශ‍්‍රී ලංකාවේ වාර්ෂික තේ සහ රබර් නිෂ්පාදනය සඳහා පිළිවෙලින් 4.5% ක සහ 2.5% ක දායකත්වයක් ද මෙම සමාගම් ලබා දෙයි.
බලශක්ති කළමනාකරණ පද්ධතිය සඳහා ISO 50001: 2018, හරිතාගාර වායු (GHG) ලියාපදිංචි සහතිකය සඳහා ISO 14064:2018  සහ පරිසර කළමනාකරණ පද්ධති (EMS) සඳහා ISO 14001: 2015 යන සහතික ලබා ගත් ශ‍්‍රී ලංකාවේ පළමු වැවිලි සමාගම වන්නේ තලවකැලේ වතු සමාගමයි. එසේම රබර් සඳහා කාබනික සහතිකය (Organic Rubber Certification) ලබා ගත් පළමු සමාගම ලෙස KVPL සමාගම ද ප‍්‍රසිද්ධියක් උසුලයි.
PLANTATION SECTOR - Page 14 Image-03-1

329PLANTATION SECTOR - Page 14 Empty Re: PLANTATION SECTOR Wed Nov 18, 2020 9:00 am

Win Win

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
TPL, KVPL & ELPL are undervalued good counters in plantation sector..

I think they can easily touch following prices in short term !!

TPL Rs.95
KVPL Rs.100
ELPL Rs.54

330PLANTATION SECTOR - Page 14 Empty Re: PLANTATION SECTOR Wed Nov 18, 2020 9:14 am

subash81

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
Wage high for plantation and tax concession too

331PLANTATION SECTOR - Page 14 Empty Re: PLANTATION SECTOR Wed Nov 18, 2020 9:46 am

Love Boy

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
Increasing Wages is highly negative factor to the Plantation stocks. cyclops cyclops cyclops cyclops Exclamation

332PLANTATION SECTOR - Page 14 Empty Re: PLANTATION SECTOR Wed Nov 18, 2020 11:18 am

RJ1010

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
Good time to buy plantations Kval, Elpl, TPL.
Wage hike proposal will be disputed and not implemented. This rs1000 daily wage payment has been proposed and debated many times and never implemented. 😄

Win Win and Kevinmikegrit like this post

333PLANTATION SECTOR - Page 14 Empty Re: PLANTATION SECTOR Wed Nov 18, 2020 11:19 am

RJ1010

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
Even if there is a wage increase it is for 2021 and last quarter of 2020 will be super profitable for plantations due to high prices for rubber and more demand for tea.

334PLANTATION SECTOR - Page 14 Empty Re: PLANTATION SECTOR Wed Nov 18, 2020 11:22 am

RJ1010

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
Buy when others are selling is a good theory to apply today in Plantation sector 👌🏽

335PLANTATION SECTOR - Page 14 Empty Re: PLANTATION SECTOR Sat Nov 21, 2020 9:48 am

කොටස් වෙළඳපොළ2020

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

ටයර් කර්මාන්තශාලා, ලංකාව රබර් මිළ+ ,වතුසමාගමිවල කොටස් මිළ+

හොරණ රිජිඩ් ටයර් 2021 ජනවාරියේ සිට දෙස් විදෙස් වෙළඳපොළට

2021 ජනවාරියේ සිට යුරෝපා ප්‍රමිතියෙන් යුතු, ඉතාම අනර්ඝ සෑම වර්ගයකම ටයර් 100%ක් ම දේශීය කර්මාන්ත ශාලාවක නිපදවා දෙස් - විදෙස් වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් - අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදනාගාරය වන රිජිඩ් ටයර් කෝපරේෂන් කර්මාන්තශාලා පරිශ්‍රය නිරීක්‍ෂණයෙන් අනතුරුව ඇමති විමල් කියයි.
හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයේ ස්ථාපිත අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදනාගාරය වන 'රිජිඩ් ටයර් කෝපරේෂන්' කර්මාන්තශාලා පරිශ්‍රය ඊයේ (20) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
පළමු අදියර ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 100ක වියදමින් ඉදිකර ඇති මෙම ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාවේ පළමු නිෂ්පාදන අදියර ලෙස මෝටර් සයිකල් ස්කූටර් සහ ත්‍රී රෝද රථ ටයර්, ට්‍රක් හා බස් රථ ටයර් සහ Industrial Tyres නිෂ්පාදනය කිරීමට නියමිතය. SUV වර්ගයේ වාහන ටයර් සදහා දේශීයව සහ විදේශීය ඉල්ලීම සැළකිල්ලට ගනිමින් වැඩි වශයෙන් ඒ වෙනුවෙන් අවධානය යොමුකිරීමට නියමිතවේ. යුරෝපිය තාක්ෂණික සහ තාක්ෂණික දැනුම උපයෝගී කරගනිමින් මෙහි නිෂ්පාදන කටයුතු සිදුකරනු ලබයි. අක්කර 155ක් පුරා විහිදුනු කර්මාන්තශාලා පරිශ්‍රය අවට හරිත පරිසරයද රැක ගනිමින් නිර්මාණය කොට තිබේ.
දෙවන අදියර සදහා ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 150 කි. ලබන වසරේ ආයෝජකයන් සමග ඒකාබද්ධ ගිවිසුමක් හරහා මිලියන 1.5ක නිෂ්පාදන ධාරිතාවයකින් යුතු ටයර් නිෂ්පාදනය ඇරඹීමට සුදානමින් සිටියි.මෙම නිෂ්පාදනයන්ගෙන් 80%ක ප්‍රමාණයක් අපනයනය සදහා වේ. Industrial Tyres නිෂ්පාදනය කිරීම සදහා මෙට්‍රික්ටොන් 15,000 කින් යුත් වෙනම නිෂ්පාදන අංගනයක්ද රිජිඩ් ටයර් සමාගම සතු වෙයි.

මෙම කර්මාන්තශාලාව අවට තරුණ තරුණියන් නිර්මාණය වන රැකියා අවස්ථා මෙන්ම අදාළ ක්ෂේත්‍රයේ යුරෝපීය තාක්ෂණික දැනුම මෙන පුහුණුවද තමන්ගේ රට තුලදීම ලබා ගැනීමට අවස්තාව මේ හරහා නිර්මාණය වී තිබේ. එමෙන්ම කර්මාන්තශාලාව අවට සිටින තත්වයෙන් උසස් රබර් කිරි නිෂ්පාදකයන් සදහා හොද මිලක් නිර්මාණය වීමත් එමගින් රබර් වැවිලි කරුවන් තවත් දිරිමත් කරමින් ඔවුන්ගේ ජීවනෝපාය නගා සිටුවීමට හැකියාව ලැබීමත් මෙම කර්මාන්තශාලාවේ වැදගත්කම් වේ. අදියර දෙකෙහිම නිෂ්පාදන ලබන වසරේ සිට විදෙස් වෙළදපොලට අපනයනය කිරීම මගින් රටේ අපනයන ආදායමද ඉහල යෑම සිදුවෙනු ඇත.

මෙම අවස්ථාවට ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, රිජිඩ් ටයර් කෝපරේෂන් ආයතනයේ සභාපති නන්දන ලොකුවිතාන මහතා, කර්මාන්ත අමාත්‍යංශයේ සහ රිජිඩ් ටයර් කෝපරේෂන් ආයතනයේ නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී විය.
BOI සහ චීනයේ Shandong Haohua Tire Co. Ltd අතර ටයර් කර්මාන්තශාලාවකට එකඟතාවක්
[size]
හම්බන්තොට ආයෝජන කලාපය තුළ අපනයනය සඳහා ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සහ චීනයේ Shandong Haohua Tire Co. Ltd සමාගම අතර එකඟතාවක් ඊයේ දිනයේදී අත්සන් තැබුණු බව එම මණ්ඩලය පවසයි.
මෙම ව්‍යාපෘතිය හරහා මෙරටට ලැබෙන ඍජු විදේශ ආයෝජනයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 300 කි. හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආශ්‍රිතව පිහිටි කර්මාන්ත උද්‍යානයේ අක්කර 121ක භූමියක මෙම කර්මාන්තශාලාව පිහිටුවෙයි. ඒ අනුව මෙය එම කර්මාන්ත උද්‍යානයේ සිදුවන පළමු ඍජු විදේශ ආයෝජනයද වෙයි. වසර තුනක් තුළදී මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදන අපනයනය ආරම්භ කිරීමට නියමිතව ඇත.
මෙහිදී අදාළ ගිවිසුම් අත්සන් කිරීම ආයෝජන මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති සුසන්ත රත්නායක සහ චීනයේ Shandong Haohua Tire Co. Ltd සමාගම වෙනුවෙන් එහි Cao Mingzhand හා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) Xu Jiancun යන මහත්වරුන් අතර සිදුව තිබේ.
මෙහිදී Shandong Haohua Tire Co. Ltd සමාගම මගින් ට්‍රක් රථ, බස් රථ සහ කාර් රථ සඳහා අවශ්‍ය අර්ධ-ලෝහ රේඩියල් ටයර් මෙන්ම සම්පූර්ණ ලෝහ රේඩියල් ටයර් නිෂ්පාදනයට සූදානමින් සිටියි.  මේ හරහා නිපදවෙන රැකියා සංඛ්‍යාව 2,000ක් පමණ වෙයි.
[/size]
PLANTATION SECTOR - Page 14 Unnamed-2-1024x580
[size]
ඒ අනුව මෙම ආයෝජනය හරහා දේශීය තාරුණ්‍යයට පුහුණුව සහ තාක්ෂණය හිමිවන බවත් එය රට වෙත සුවිශේෂී වාසි අත්පත් කරදෙන බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි. එසේම ශ්‍රී ලංකාව තුළ ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය සඳහා රබර් ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රය ක්‍රමෝපායික අවස්ථාවක් ලෙස හඳුනාගෙන ඇතැයිද ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය &මෙම කැපී පෙනෙන ආයෝජනය සමගින්ම රට තුළ රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ වර්ධනයක් දැකගත හැකි වෙනු ඇති. එසේම අපනයනය වෙළෙඳ පොළ වෙත තවත් නව මාවතක් මේ හරහා නිර්මාණය කෙරෙනු ඇති.* යනුවෙන් සඳහන් කරයි.
එම මණ්ඩලය පවසන ආකාරයට අද වනවිට ශ්‍රී ලංකාව රබර් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන අපනයනය හරහා වාර්ෂිකව රුපියල්  බිලියනයක මුදලක් උපයා ගනියි. එය වසර 2025 වන විට ඩොලර් බිලියන 2ක් දක්වා ඉහළ නංවා ගැනීම රජයේ අරමුණ වී තිබේ. ඒ අනුව මෙම කර්මාන්තශාලාව සිය මෙහෙයුම් ආරම්භ කිරීමත් සමගින්ම එම අපේක්ෂාවෙන් 30෴ක් සම්පූර්ණ වන බවද ආයෝජන මණ්ඩලය සඳහන් කර සිටියි.
[/size]
PLANTATION SECTOR - Page 14 Unnamed-3
[size]
Shandong Haohua Tire Co. Ltd සමාගමේ සැලසුමට අනුව මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ වාර්ෂිකව ටයර් මිලියන 9ක් නිපදවීම අරමුණ වී ඇත. කන්ටේනර් බහාලුම් 45,000 කින් මෙම නිෂ්පාදන අපනයනය  කෙරෙන බව සමාගම පවසයි. ඒ අනුව මේ සමගින්ම හම්බන්තොට වරායද වඩාත් ඵලදායී ස්ථානයක් බවට පත්වන බවත්, රටෙහි ආර්ථික ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා ආදායම් උත්පාදනයට එයට හැකිවන බවත් ඔවුන් සඳහන් කරයි.
මෙම ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාව සඳහා වරාය සහ නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, ගුවන්සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක සහ තේ සහ රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් යන මහත්වරුන්ද සහභාගි වී තිබේ.

[/size]

336PLANTATION SECTOR - Page 14 Empty Re: PLANTATION SECTOR Sat Nov 21, 2020 11:53 am

කොටස් වෙළඳපොළ2020

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
වතු කම්කරුවන්ගේ සාම්ප්‍රදායික දෛනික වැටුප් ආකෘතිය වෙනස් කරන්න” – ලංකා වැවිලිකරුවන්ගේ සංගමය

PLANTATION SECTOR - Page 14 Tea_workersAug31-800x445

[size=34]“දෛනික රුපියල් දහසේ වැටුපට වඩා මෙමඟින් කම්කරුවන්ට ලබා දෙන වටිනාකම බොහෝ සෙයින් වටින බව මගේ විශ්වාසයයි.’’ – ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති භාතිය බුළුමුල්ල.[/size]

[size=34]“අප යෝජනා කරන වැටුප් ක‍්‍රමය ප‍්‍රාදේශීය වැවිලි සමාගම්වලට අලූත් වුවත්, මෙය රජයට අයත් වතුවල සාර්ථක ලෙස අත් හදා බලා ඇති ක‍්‍රමවේදයේම වැඩිදියුණුවක්.’’ – ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය රොෂාන් රාජදුරෙයි.

[size=34]“ඵලදායිතාව හා බැඳුනු වැටුප් ක‍්‍රමවේදයක් කරා ගමන් කිරීම අපගේ කර්මාන්තය වඩාත් නිවැරදි යොමු වීමක් ලෙස මා දකිනවා.” – සමස්ත ලංකා කුඩා තේ වතු සංවර්ධන සමිති සංවිධානයේ සභාපති කේ. එල්. ගුණරත්න[/size]

වතු කම්කරුවන්ගේ මෙන්ම තේ කර්මාන්තයේ ද සමස්ත අනාගත සුභ සිද්ධිය උදෙසා තිරසාර ප‍්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා සම්ප‍්‍රදායෙන් බැහැර වූ වැටුප් ප‍්‍රතිසංස්කරණවල අවශ්‍යතාව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය අවධාරණය කර සිටී.
ඔන්ලයින් ක‍්‍රමවේදය ඔස්සේ වීඩියෝ සම්මන්ත‍්‍රණයක් ආකාරයෙන් පැවති මාධ්‍ය සම්මන්ත‍්‍රණයකදී අදහස් දක්වමින් එම සංගමයේ ප්‍රධානීන් මේ කරුණු දන්වා සිටියි. මෙම මාධ්‍ය සම්මන්ත්‍රණය සඳහා ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති භාතිය බුළුමුල්ල, වැවිලිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක සහ ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය රොෂාන් රාජදුරෙයි, සමස්ත ලංකා කුඩා තේ වතු සංවර්ධන සමිති සංවිධානයේ සභාපති කේ. එල්. ගුණරත්න යන මහත්වරුන් සහභාගි වී ඇත.
සම්පූර්ණයෙන් යථාර්තවාදී ආර්ථික දෘෂ්ටියෙන් බැහැරව හුදෙක් පටු දේශපාලන මතයන්හි එල්බගෙන සිටින යටත් විජිත යුගයේ සිට එන, පවතින සාම්ප‍්‍රදායික දෛනික වැටුප් ආකෘතිය කඩිනමින් වෙනස් කළ යුතු බව අවධාරණය කරන වැවිලිකරුවන්ගේ සංගමය යෝජනා කරනු  ලබන්නේ වතු කම්කරුවන්ට ඔවුන්ගේ ඉපැයීම් පාලනය කළ හැකි ආකාරයේ ව්‍යවසායකත්වය පදනම් කර ගත් ආදායමක් උත්පාදනය කළ හැකි නව වැටුප් ආකෘතියක් ස්ථාපිත කරන ලෙසයි.
පසුගිය වසර 28 පුරාවට ප‍්‍රාදේශීය වැවිලි සමාගම් (RPCs) ශ්‍රී ලංකාවේ මුළු තේ නිෂ්පාදනයෙන් ආසන්න වශයෙන් 30%ක් සඳහා දායක වෙයි. නමුත් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් පිළිබඳව තීරණය කිරීමේදී සාමූහික ගිවිසුම මගින් වතු සංගම් සම්පූර්ණයෙන් බැඳ දමා ඇත.
[/size]
PLANTATION SECTOR - Page 14 Image_1
[size]
කෙසේ වෙතත්, 2021 ජනවාරි මාසයේදී ගනු ලබන නව එකඟතාවන් සමඟ ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති භාතිය බුළුමුල්ල මහතා සඳහන් කරන්නේ අර්ථාන්විත හා ඵලදායී ප‍්‍රතිසංස්කරණ සඳහා දැන් කාලය උදා වී ඇති බවයි. කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය සඳහා එවැනි වැටුප් ආකෘති හඳුන්වා දුන් වෙනත් රටවල් සාර්ථකත්වයට පත් වූ ආකාරයත් එමගින් කම්කරුවන් සවිබල ගැන්වී ඔවුන්ගේ ඉපැයීම් සම්පූර්ණයෙන් පාලනය කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙම මාධ්‍ය සම්මන්ත‍්‍රණයකදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ ‘‘ඉදිරියට යා හැකි එකම ක‍්‍රමය වන්නේ මෙයයි. වතු කම්කරු පවුල්වල යහපත් අනාගතයක් ගැන උනන්දුවක් දක්වන සියලූම පාර්ශවකරුවන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මේ සඳහා සහාය දක්වන ලෙස. එමගින් ඔවුන්ට දෛනිකව රුපියල් දහසකට වඩා වැඩියෙන් මෙන්ම මසකට රුපියල් 55,000/-ත් රුපියල් 70,000/-ත් අතර උපයා ගැනීමට හැකි වේවි.
‘‘වෙළෙඳ පොළවල්, ගැනුම්කරුවන්, පාරිභෝගිකයින් සහ තාක්ෂණය ආදි වැවිලි කර්මාන්තයේ ඇති සෑම දෙයක්ම වෙනස් වී තිබෙන නමුත් වෙනස් වී නොමැති  එකම සාධකය වන්නේ මෙම වැටුප් ක‍්‍රමය පමණයි. මෙම යල්පැන ගිය ආකෘතිය වෙනුවට කම්කරුවන්ට ව්‍යවසායකයින් බවට පත් විය හැකි ඔවුන්ගේ ඉපැයීම් ඔවුන්ටම පාලනය හැකි ආකෘතියක් ගෙන ඒමට දැන් කාලය එළැඹ තිබෙනවා. එසේ නැත්නම්, ඔවුන්ට හෝ කර්මාන්තයට කිසිඳු ප‍්‍රතිලාභයක් නොමැති මේ වැටුප් ක‍්‍රමවේදය තුළ ඔවුන් සැමදා සිර වී සිටීවි’’ යනුවෙන් ඔහු පැවසුවේය.
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයට අනුව ඵලදායිතාවය සම්බන්ධ වැටුප් ආකෘති ලොව පුරා කෘෂිකාර්මික ව්‍යාපාර සඳහා සාර්ථකව යොදා ගෙන ඇති අතර ශ්‍රී ලංකාවටද ඉන් ඉහළ ඵලදායීතාවක් ඇති බව දැනටමත් ඔප්පු කර ඇත.
ප‍්‍රකාශයට පත් කර ඇති පර්යේෂණයකින් දැනටමත් ඔප්පු කර තිබෙනවා කම්කරු වැටුප ඵලදායීතාවය හා සම්බන්ධ කර ඇති තේ වතුවල කම්කරුවන්ට මසකට රුපියල් 65,000/-කට වැඩි මුදලක් උපයා ගැනීමට හැකියාව ඇති බව. එපමණක් නොව මෙම ක‍්‍රමය අත්හදා බලා පසුව අත්හැර දැමූ වතුවල නැවත දෛනික වැටුප් ක‍්‍රමවේදයට පැමිණීමත් සමඟ සේවක ඵලදායිතාවය, ඉපැයීම් හා වතුවල ඵලදායීතාවය තියුණු ලෙස පහත වැටී තිබෙන බව මේ පර්යේෂණයෙන් පෙන්වා දෙනවා. ඒවගේම අපගේ සේවකයින් අතර පවා මෙම වැටුප් ප‍්‍රතිසංස්කරණවලින් ඔවුන්ට වැඩි ප‍්‍රතිලාභයක් ලැබෙනු ඇති බවට දැන් වැටහීමක් තිබෙනවා. දෛනික රුපියල් දහසේ වැටුපට වඩා මෙමඟින් කම්කරුවන්ට ලබා දෙන වටිනාකම බොහෝ සෙයින් වටින බව මගේ විශ්වාසයයි.’’ යනුවෙන් බුළුමුල්ල මහතා සඳහන් කළේය.
1992 වසරේදී පුද්ගලීකරණය කිරීමෙන් පසු තේ කර්මාන්තයේ නිෂ්පාදන පිරිවැය (COP) ක‍්‍රමයෙන් ඉහළ ගොස් ඇතත් ඊට සාපේක්ෂව ඵලාදායීතාවය හා අස්වැන්න වර්ධනය වී නොමැත. ‘‘ඒ අනුව නිෂ්පාදන පිරිවැය සඳහා වැය වන ශ‍්‍රම කොටස වර්තමානයේදී 63%ක් ලෙස දැක්වෙනවා. වැටුප් ඵලදායීතාවය හා සම්බන්ධ වූ විට සමස්ත නිෂ්පාදන පිරිවැය අඩු වී කම්කරුවෙකුගේ ඉපැයීම් වැඩි වන බවක් පෙන්නුම් කළා. ආර්ථිකයන්හි පරිමාව ක‍්‍රියා කරන්නේ මේ ආකාරයටයි.’’ යනුවෙන් වැවිලිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා පැවසුවේය.
[/size]
PLANTATION SECTOR - Page 14 Image_2
[size]
ලෝකයේ තේ නිෂ්පාදනය කරන වෙනත් කිසිඳු රටකට වඩා වැඩි වැටුපක් අප විසින් අපගේ කම්කරුවන්ට ගෙවන නමුත් අප තවමත් අඩු ශ‍්‍රම ඵලදායීතාවක් වාර්තා කරනවා. මෙම ප‍්‍රතිසංස්කරණය මගින් ඔවුන්ට වැඩි නිදහසක් හිමි වනවා එනම්, නියමිත අස්වැන්න නෙලා ගැනීමෙන් පසු ඉතිරි කාලය ඔවුන්ට වෙනත් කාර්යයන් සඳහා යෙදවිය හැකි වීමයි.’’
‘‘අප යෝජනා කරන වැටුප් ක‍්‍රමය ප‍්‍රාදේශීය වැවිලි සමාගම්වලට අලූත් වුවත්, මෙම ක‍්‍රමය කුඩා තේ වතු හිමියන් දීර්ඝ කාලයක් තිස්සේ ක‍්‍රියාත්මක කළ මෙන්ම ඉහත සමාගම් හා රජයට අයත් වතුවල සාර්ථක ලෙස අත් හදා බලා ඇති ක‍්‍රමවේදයේම වැඩිදියුණුවක්.’’ යනුවෙන් ආචාර්ය රාජදුරෙයි මහතා පැවසුවේය.
සමස්ත ලංකා කුඩා තේ වතු සංවර්ධන සමිති සංවිධානයේ සභාපති කේ. එල්. ගුණරත්න මහතා සිය පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් අදහස් දක්වමින් පැවසුවේ දෛනික වැටුප් ක‍්‍රමවේදයකට වඩා ඵලදායිතාව හා බැඳුනු වැටුප් ක‍්‍රමවේදයක් මගින් වතු කම්කරුවන්ට මෙන්ම කුඩා තේ වතු හිමියන්ට ලැබී ඇති දිරිගැන්වීම පිළිබඳවයි.
[/size]
PLANTATION SECTOR - Page 14 Image_3
[size]
‘‘වතු කම්කරුවන්ගේ ඉපැයීම් ඔවුන්ගේ පාලනය තුළ තිබෙන විට ඔවුන් වඩාත් සවිබල ගැන්වෙන බව මගේ විශ්වාසයයි. ඔවුන් යම් පුද්ගලික කාර්යයක් කිරීමට අරමුණු කරගෙන සිටින විට ඔවුන් වැඩ කරන පැය ගණන කළමනාකරණය කරමින් ඔවුන්ට ඒ සඳහා යොමු වීමට හැකියාව තිබෙනවා. මගේ අත්දැකීම් වලින් මෙන්ම අනෙක් කුඩා තේ වතු හිමියන්ගේ අත්දැකීම් ද සැලකිල්ලට ගනිමින් මා පවසන්නේ ඵලදායිතාව හා බැඳුනු වැටුප් ක‍්‍රමවේදයක් කරා ගමන් කිරීම අපගේ කර්මාන්තය වඩාත් නිවැරදි යොමු වීමක් ලෙස මා දකිනවා. එමඟින් වතු කම්කරුවන්ගේ කාර්යක්ෂමතාවය හා ජීවන තත්වය ඉහළ නැංවීමටත් අපගේ කර්මාන්තයේ අස්වැන්න වැඩි කිරීමටත් සමත් වී තිබෙනවා.’’ යනුවෙන් ගුණරත්න මහතා පැවසුවේය.
මෙම ඵලදායිතාවය හා බැඳුනු වැටුප් ආකෘතිය මගින් වතු කම්කරුවන් ඔවුන්ගේ ප‍්‍රජාවන් අතර ‘වෙනසක් ඇති කිරීමේ නියෝජිතයින්’ බවට පත් වනු ඇති බව වැවිලිකරුවන්ගේ සංගමය අවධාරණය කර සිටී.’ එවැනි ආකෘතියක් මගින් සෑම වතු කම්කරුවෙකුගේම තිරසාර අනාගත අභිවෘද්ධිය සහතික කිරීම සඳහා සියලූ පාර්ශව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට උනන්දුවෙන් සිටින බව සංගමය නැවත අවධාරණය කරයි.[/size]
 
මෙම ඵලදායිතාවය හා බැඳුනු වැටුප් ආකෘතිය මගින් වතු කම්කරුවන් ඔවුන්ගේ ප‍්‍රජාවන් අතර ‘වෙනසක් ඇති කිරීමේ නියෝජිතයින්’ බවට පත් වනු ඇති බව වැවිලිකරුවන්ගේ සංගමය අවධාරණය කර සිටී.’ එවැනි ආකෘතියක් මගින් සෑම වතු කම්කරුවෙකුගේම තිරසාර අනාගත අභිවෘද්ධිය සහතික කිරීම සඳහා සියලූ පාර්ශව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට උනන්දුවෙන් සිටින බව සංගමය නැවත අවධාරණය කරයි.
[/size]

337PLANTATION SECTOR - Page 14 Empty Re: PLANTATION SECTOR Tue Dec 08, 2020 11:46 pm

DamithAsian

Manager - Equity Analytics
Manager - Equity Analytics
Dear friend,,What has happened to ELPL ??

338PLANTATION SECTOR - Page 14 Empty Re: PLANTATION SECTOR Wed Dec 09, 2020 12:03 am

fireshelter

fireshelter
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

  • HOME

  • ABOUT US 

  • CEYLON TEA 

  • INFORMATION 

  • MEMBERS 

  • NEWS AND EVENTS

  • SERVICE PROVIDERS

PLANTATION SECTOR - Page 14 Tea-prices

  • TEA PRICES
  • MARKET REPORTS
  • WEEKLY TEA MARKET REPORT

APPLY FOR MEMBERSHIP

News & Events

PLANTATION SECTOR - Page 14 1593684779

TEA AGM 2020

02-Jul-2020Read More

Videos

PLANTATION SECTOR - Page 14 Video-thumb

Serendipity

PLANTATION SECTOR - Page 14 Newsletter
TEA Newsletter
[size=11]October 2020

Download 

[/size]

Tea Prices

[size]

Monthly Tea Auction average price movements for three elevations in SL. Rs. per kg

[/size]

  • HIGH GROWN

  • MEDIUM GROWN

  • LOW GROWN

  • ALL ELEVATIONS

[size]

Monthly Tea Auction average price movements for three elevations in US $ per Kg

[/size]

  • HIGH GROWN

  • MEDIUM GROWN

  • LOW GROWN

  • ALL ELEVATIONS

[size]

Monthly Tea Auction average prices for all three elevations in SL. Rs. & US $ per Kg

[/size][th]
Months
[/th][th]
2016
[/th][th]
2017
[/th][th]
2018
[/th][th]
2019
[/th][th]
2020
[/th]
 
Rs.
US $
Rs.
US $
Rs.
US $
Rs.
US $
Rs.
US $
Jan
410.882.85596.903.95637.754.16587.163.23588.853.27
Feb
403.842.83596.853.97633.734.10581.963.27604.463.35
Mar
412.032.87638.764.01613.133.95585.923.38595.223.08
April
429.342.99648.524.05609.003.88578.233.34696.203.66
May
449.153.08628.744.02591.243.76539.553.09697.573.76
June
432.122.96606.873.95545.673.39494.482.78612.673.30
July
453.273.18593.093.86536.853.41497.352.84611.253.32
Aug
505.403.46632.004.13534.023.34545.343.06618.323.37
Sep
526.863.60654.414.27537.773.25512.832.88619.333.35
Oct
577.083.88647.614.19586.193.48527.342.94643.703.51
Nov
599.104.01628.984.11589.353.36569.673.19641.663.47
Dec580.463.91619.114.11572.643.18577.293.21

Vishwanarth likes this post

339PLANTATION SECTOR - Page 14 Empty Re: PLANTATION SECTOR Fri May 14, 2021 6:09 am

කොටස් වෙළඳපොළ2020

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
[size=30]2021 දී ද ඔබ ඉහළ රබර් මිලක් අපේක්ෂා කළ යුතුය.ස්වාභාවික රබර් නිෂ්පාදනයේ 4 වන විශාලතම ඉන්දියාව වන අතර ඉන්දියාවේ නිෂ්පාදනයෙන් 80% ක්ම පැමිණෙන්නේ කේරළයෙන්වන අතර මහාරාෂ්ට්[/size]රයෙන් දෙවන ස්ථානයට පත්ව ඇත.අඛණ්ඩව කොවිඩ් -19 ඉන්දියාවේ ව්යාප්ත වීමත් සමඟඑය බිදවැටෙයි.

340PLANTATION SECTOR - Page 14 Empty Re: PLANTATION SECTOR Fri May 14, 2021 6:17 am

කොටස් වෙළඳපොළ2020

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
[size=30],,තේ හිඟයක් ,, ලෝක වෙළඳපොලේ මිල ඉහළ යාමක් අපේක්ෂා කළ හැකිය ලෝකයේ දෙවන විශාලතම අපනයනකරුවා ඉන්දියාවයි අඛණ්ඩව කොවිඩ් -19 ඉන්දියාවේ ව්[/size]යාප්ත වීමත් සමඟඑය බිදවැටෙයි

341PLANTATION SECTOR - Page 14 Empty Re: PLANTATION SECTOR Fri May 14, 2021 10:13 pm

කොටස් වෙළඳපොළ2020

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
[size=30]මෙහි බලපෑම[/size]
[size=30]BUKI,CARS,GUAR,CINV[/size]
[size=30]වලට මුදල් පවාහා ලැබිම+විදේශ විනිමය හුවමාරු වාසිය +පග්ධන ලාභ+කළමනාකරන ගාස්තු අාදායම [/size]

කේමන් දූපත්හි පිහිටුවා තිබූ The Sri Lanka Fund ඈවර කෙරේ
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සීහි පූර්ණ අනුබද්ධිත සමාගම් දෙකක් වන සිලෝන් ගාර්ඩියන් ඉස්වෙස්ට්මන්ට් ට්‍රස්ට් පීඑල්සී සහ සිලෝන් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී යන සමාගම් මගින් කේමන් දූපත්හි පිහිටුවා තිබූ The Sri Lanka Fund නම් ආයෝජන අරමුදල ඈවර කෙරුණු බව එම සමාගම් දෙක ඒකාබද්ධ නිවේදනයක් සිදු කරමින් දැනුම් දී සිටියි.
ඒ අනුව කේමන් දූපත්හි මුදල් අධිකාරිය විසින් 2021 මැයි 5 වැනිදා නිකුත් කළ ලිපියකට අනුව මෙම The Sri Lanka Fund අරමුදල වෙත ලබා දී තිබූ ලියාපදිංචි සහතිකය අවලංගු කරන බව දැනුම් දී ඇතැයිද සිලෝන් ගාර්ඩියන් ඉස්වෙස්ට්මන්ට් ට්‍රස්ට් පීඑල්සී සහ සිලෝන් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී යන සමාගම් කොළඹ කොටස් හුවමාරුව වෙත සඳහන් කර තිබේ.
කැරීබියානු මුහදු සීමාවෙහි පිහිටි මෙම කේමන් දූපත්හි පවතින අක් වෙරළ බදු සහන උපයෝගී කරගනිමින් ඩොලර් මුදල් ඒකකයෙන් ගනුදෙනු කෙරෙන අරමුදලක් ලෙස මෙම The Sri Lanka Fund පිහිටුවා තිබුණි.
එහිදී ඉහත සඳහන් කළ සමාගම් දෙක එම අරමුදලෙහි 43.34%ක එක සමාන හිමිකාරීත්වයක් දැරූ බවත්, ගාර්ඩියන් ෆන්ඩ් මැනේජ්මන්ට් ලිමිටඩ් සමාගම එහි කළමනාකරුවා ලෙස කටයුතු කළ බවත් සඳහන් වෙයි.
1993 වසරේ ඔක්තෝබර් මාසයේදී ආරම්භ කර ඇති මෙම අරමුදල, 2010 අගෝස්තු මාසයේදී ගාර්ඩියන් ෆන්ඩ් මැනේජ්මන්ට් ලිමිටඩ් සමාගම යටතේ යළිත් දියත් කෙරී ඇත. කොළඹ කොටස් හුවමාරුව වෙත විදෙස් ආයෝජකයන් ආකර්ෂණය මෙම අරමුදලේ අරමුණ.වී තිබේ.
2018 වසරේ අගෝස්තු මාසය අවසන් වනවිට මෙම අරමුදලේ විශාලත්වය එක්සත් ජනපද ඩොලර් මිලියන 2.23ක් පමණක් වූ බව පැවසෙයි.
එහිදී අරමුදලේ ඉහළම දායකත්වය කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී සමාගම, හැටන් නැෂනල් බැංකුව, සෙලින්කෝ ඉන්ෂුවරන්ස්, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ ඩයලොග් ආසිආටා යන සමාගම් මගින් දරා තිබුණි.
එහිදී සමස්ත අරමුදලෙන් 43%ක ප්‍රතිශතයක් කොළඹ කොටස් හුවමාරුවෙහි බැංකු, මූල්‍ය සහ රක්ෂණ අංශය තුළද, 14.4%ක ප්‍රතිශතයක් සමාගම් තුළද, 11%ක් ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය තුළද ආයෝජනය කර තිබී ඇත.
මෙම අරමුදල බදු සහන පවතින කේමන් දූපත්හි ලියාපදිංචි කර තිබීම හේතුවෙන් ඒ වෙත බදු ප්‍රාග්ධන බදු සහ ලාභාංශ බදු යන බදු අය වීමක් සිදු නොවුණු බවත් පැවසෙයි.
කෙසේ වෙතත් මෙම The Sri Lanka Fund අරමුදල තවදුරටත් ආයෝජක ආකර්ෂණය සහිත ස්ථානයක් නොවීමත් සමගින්ම එය ඈවර කිරීම සම්බන්ධයෙන් මීට පෙර සිටම අවධානය යොමු වී තිබුණි.
ඒ අනුව සිලෝන් ගාර්ඩියන් ඉස්වෙස්ට්මන්ට් ට්‍රස්ට් පීඑල්සී සහ සිලෝන් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී යන සමාගම් මගින් 2019 පෙබරවාරි මාසයේදී මෙන්ම 2020 පෙබරවාරි මාසයේදීද මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම් දී තිබී ඇත.
කේමන් දූපත් යනු අද වනවිට ලෝකයේ ආයෝජන අරමුදල් සඳහා මුල් පෙළේ ස්ථානයක් ලෙස ප්‍රකටව පවතී. එහි පවතින අක්වෙරළ බදු සහන ඊට හේතුවයි. ඒ අනුව ලෝකයේ අක්වෙරළ හෙජ් අරමුදල් අතරින් තුනෙන් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් මෙම කේමන් දූපත්හි ස්ථාපිත කර ඇති අතර, එම අංශය තුළ ඇස්තමේන්තුගත එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 1.1ක වත්කම් අතරින් ආසන්න වශයෙන් අඩක් පමණ එහිදී කළමනාකරණය කෙරෙන බවත් සඳහන් වෙයි.

Sponsored content

Back to top  Message [Page 14 of 14]

Go to page : Previous  1 ... 8 ... 12, 13, 14

Permissions in this forum:
You cannot reply to topics in this forum