FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» COCR IN TROUBLE?
by Biggy Today at 12:09 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:24 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:22 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Thu Apr 25, 2024 9:26 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:25 pm

» THE KANDY HOTELS COMPANY (1983) PLC (KHC.N0000)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:23 pm

» ACCESS ENGINEERING PLC (AEL) Will pass IPO Price of Rs 25 ?????
by ddrperera Wed Apr 24, 2024 9:09 pm

» LANKA CREDIT AND BUSINESS FINANCE PLC (LCBF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:40 am

» FIRST CAPITAL HOLDINGS PLC (CFVF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:38 am

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:20 am

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
by sureshot Wed Apr 24, 2024 8:37 am

» Sri Lanka confident of speedy debt resolution as positive economic reforms echoes at IMF/WB meetings
by samaritan Mon Apr 22, 2024 9:28 am

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by LAMDA Mon Apr 22, 2024 12:58 am

» Construction Sector Boom with Purchasing manager's indices
by rukshan1234 Thu Apr 18, 2024 11:24 pm

» Asha Securities and Asia Securities Target AEL (Access Enginnering PLC )
by Anushka Perz Wed Apr 17, 2024 10:30 pm

» Sri Lanka: China EXIM Bank Debt Moratorium to End in April 2024
by DeepFreakingValue Tue Apr 16, 2024 11:22 pm

» Uncertainty over impending elections could risk Lanka’s economic recovery: ADB
by God Father Tue Apr 16, 2024 2:47 pm

» Sri Lanka's Debt Restructuring Hits Roadblock with Bondholders
by God Father Tue Apr 16, 2024 2:42 pm

» BROWN'S INVESTMENTS SHOULD CONSIDER BUYING BITCOIN
by ADVENTUS Mon Apr 15, 2024 12:48 pm

» Bank run leading the way in 2024
by bkasun Sun Apr 14, 2024 3:21 pm

» ASPI: Undoing GR/Covid19!
by DeepFreakingValue Thu Apr 11, 2024 10:25 am

» Learn CSE Rules and Regulations with the help of AI Assistant
by ChatGPT Tue Apr 09, 2024 7:47 am

» Top AI tools in Sri Lanka
by ChatGPT Tue Apr 09, 2024 7:21 am

» HDFC- Best ever profit reported in 2023
by ApolloCSE Mon Apr 08, 2024 12:43 pm

» WAPO 200% UP
by LAMDA Sun Apr 07, 2024 10:41 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube

Disclaimer
FINANCIAL CHRONICLE™ Disclaimer

The information contained in this FINANCIAL CHRONICLE™ have been submitted by third parties directly without any verification by us. The information available in this forum is not researched or purported to be complete description of the subject matter referred to herein. We do not under any circumstances whatsoever guarantee the accuracy and completeness information contained herein. FINANCIAL CHRONICLE™ its blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not in any way be responsible or liable for loss or damage which any person or party may sustain or incur by relying on the contents of this report and acting directly or indirectly in any manner whatsoever. Trading or investing in stocks & commodities is a high risk activity. Any action you choose to take in the markets is totally your own responsibility, FINANCIAL CHRONICLE™ blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental damages or loss arising out of the use of this information. The information on this website is neither an offer to sell nor solicitation to buy any of the securities mentioned herein. The writers may or may not be trading in the securities mentioned.

Further the writers and users shall not induce or attempt to induce another person to trade in securities using this platform (a) by making or publishing any statement or by making any forecast that he knows to be misleading, false or deceptive; (b) by any dishonest concealment of material facts; (c) by the reckless making or publishing, dishonestly or otherwise of any statement or forecast that is misleading, false or deceptive; or (d) by recording or storing in, or by means of, any mechanical, electronic or other device, information that he knows to be false or misleading in a material particular. Any action writers and users take in respect of (a),(b),(c) and (d) above shall be their own responsibility, FINANCIAL CHRONICLE™ its blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental violation of securities laws of any country, damages or loss arising out of the use of this information.


AI Live Chat

You are not connected. Please login or register

සජීවී තොරතුරු පෙලගැස්ම - GR Case

4 posters

Go down  Message [Page 1 of 1]

Beta1

Beta1
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

#2019 ඔක්තෝබර් 04
ප.ව. 1.33 - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 වන වගන්තිය බැලූ කල යම් පුද්ගලයෙකුට අමාත්‍යංශ ලේකම්ධූරයක් දැරීම සදහා ඔහු ශ්්‍රී ලාංකික පුරවැසියෙකු වීම අත්‍යවශ්‍ය නොවන බව ඉතාම පැහැදිලිය. ඔහු හෝ ඇය එවැනි ධූරයකට තේරී පත්වීමේදී දිව්රුම් ප්‍රකාශයක් සිදුකරන අතර එහිදී තමන් රාජ්‍යට පක්ෂපාතීව කටයුතුකරන බවට පොරොන්දුවේ. නමුත් ශ්රී ලාංකිකයෙකු වීම අත්‍යවශය නොවේ. නමුත් රටේ ජනාධිපතිවරයා වශයෙන් තෙරී පත්වීමට හෝ පාර්ලිමේන්තු මන්තීවරයෙකු වීම සදහා ශ්රී ලාංකිකයෙකු වීම අත්‍යවශ්ය බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතාම පැහැදිලිව දක්වා ඇත - නීතීඥ සුරේන් ප්‍රනාන්දු.

ප.ව. 1.13 (පැහැදිලිකිරීම්) - මෙම වාර්තාකිරීම සිදුකරනුයේ විවෘත අධිකරණයේ සිට නොවේය. මෙම තොරතුරු සමබිම වෙත අධිකරණ භූමිය සහ ශාලාවේ සිටින විවිධ පාර්ශව වෙතින් අප වෙත ලැබෙන තොරතුරු කියවා බලා, සුදුසු පරිදි පරිවර්තනය කර එසැනින් යාවත්කාලීනකිරීමකි. ඇතැම්විට අභ්‍යන්තර තොරතරු අපවෙත ලැබීමේ ප්‍රමාදයන් නිසා හෝ ලැබෙන තොරතරුවල විශ්වාසනියත්වය පිළිබද ගැටලු නිසාවෙන් යාවත්කාලීනකිරීම ප්‍රමාද විය හැක. ඒ හැරුණු කොට පක්ෂග්‍රාහීව තොරතරු සගවාගැනිමක් සිදුනොවේ. සමබිම යනු නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් පෙනී සිටින්නක් මිස දේශපාලකයෙකුගේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටින්නක් නොවේ.
ඉහළ අධිකරණවල සිදුවන පෙත්සම් විභාග සාමාන්‍ය පාසල් විවාදවලට වඩා බොහෝ සෙයින් වෙනස් බවද සලක්න්න. එක් නීතීඥවරයෙකු ඉදිරිපත්කරන තර්කවලට ප්‍රති තර්ක ඉදිරිපත්කිරීම සිදුවන්නේ බොහෝ සෙයින් සියුම්වය. තර්ක සෘජුවම ආමන්ත්‍රණයකිරීමක් සිදුනොවන තරම් වන අතර බොහෝ විට සිදුවන්නේ පැරණි නඩුතීන්දු දේශපාලන සංසිද්ධීන් භාවිත කර තම සේවාදායකයාගේ ක්රියාවන්හි නිරවද්‍යතාවය ඔප්පුකිරීම, පෙත්සමට අදාළ වන රටේ මූලික නීතියෙහි සහ නීතිමය මූලධර්ම ඒ ඒ පාර්ශවවලට වාසිසහගත වන ආකාරයට නිර්වචනයකිරීම මිස ප්‍රතිපක්ෂයේ තර්ක එකහෙලා බිද දැමීමක්ම නොවේ. ඇතැම් අවස්ථාවක පමණක් ප්‍රති පක්ෂයේ තර්ක අභිබවා යන කරුණු ඉදිරිපත්විය හැකි අතර තර්ක බිද දැමීම් බහුතර ප්‍රමාණයක් නඩුවේ අවසාන භාගයේ පමණක් සිදුවනු ඇත.
ප.ව. 12.58 - පෙත්සම්කාර පාර්ශව වෙනුවෙන් පෙනී සිටින නීතීඥ සුරේන් ප්‍රනාන්දු මහතා යළි කරුණු දැක්වීම සදහා නැගීසිටියි.
ප.ව. 12.45 - පුරවැසි පනතෙහි 19(2) වගන්තියට අනුව දැන් වෙනත් රටක පුරවැසියෙකු වූවද යමෙකුට තමාගේ මුල් පුරවැසිභාවය නැවත ලබාගත හැක. එයින් ඔහු ද්විත්ව පුරවැසියෙකු වන්නේ නැත. සිදුවන්නේ ඔහු සිය මුල් පුරවැසිභාවයට නැවත පිවිසීමක් පමණි. ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම යනු වෙනම කාර්යයකි.
අනෙක් අතට ජනාධිපතිවරයා කිසියම් විෂයක් යම් අමාත්‍යවරයෙකුට පවරා නොමැති අවස්ථාවක එම විෂය සම්බන්ධයෙන් ක්රියාත්මක වීමට ඔහුට බලය ඇත. එපමණක්ද නොව එස් ක්රියාත්මක වන අවස්ථාවක එකී ක්රියාව සිදුකළේ අමාත්‍යවරයෙකුද එහිදී අමාත්‍යංශ ලේකම්වරයෙකු එයට සම්බන්ධව තිබේදැයි විමසීම අවශ්‍යව නොවේ. මන්ද යත් එම ක්රියාව සිදුකර ඇත්තේ ජනරජයේ විධායක බලයෙහි මූලය වන විධායක ජනාධිපතිවරයා බැවිනි.
ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා අදහස් දැක්වීම අවසන් කරයි.
ප.ව. 12.41 - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වන වගන්තිය අනුව ජනාධිපතිවරයාට අමාත්‍යවුරුන් පත්කිරීමටද ඔවුනට විෂයන් පැවරීමට ද බලය ඇත. එකී බලය අමාත්‍ය මණ්ඩලයක් පත්කිරිමට පෙර දින 10 ක් පුරා තමන් ලග තබාගැනීමෙන් ජනාධිපතිවරයා බලය අවභාවිතකිරිමක් සිදුවන්නේ නැත. එවැන්නකට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් යම් විධිවිධාන සලසා තිබෙනවා විය හැක. ඇතැම් විට එයින් ඔබට ඔහුව දෝෂාභියෝගයකට ලක්කිරීමට අවස්ථාව සැලසෙනවා විය හැක. එහෙත් එසේ බලය ලබාගැනීම නිසා රට තුළ සාමාන්‍ය ක්රියාකාරීත්වයට බාධා සැලසීමක් සිදුවන්නේ නැත. යමක් ක්රියාත්මක විය හැකිවූ පමණින් එය ක්රියාත්මක වන්නේ නැත. ජනාධිපතිවරයාට බලය අමාත්‍ය මණ්ඩලයට ලබාදිය හැකිබව සත්‍ය නමුත් එය වහාම සිදුවිය යුතු බවක් කොතැනක හෝ සදහන්ව නැත. - ජනාධිපති නීතීඥ මාරපන මහතා.
ප.ව. 12.31 - 06 වන වගඋත්තරකරු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා කරුණු දැක්වීම ආරම්භකරයි.
මධ්‍යහන. 12.00 - එම ප්‍රකාශයත් සමග ජනාධිපති නීතීඥවරයා කරුණු දැක්වීම අවසන් කළ අතර අධිකරන මධ්‍යහන 12.15 දක්වා කල් තැබිණි.
මධ්‍යහන 12.00 - ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා විසින් සිදුකරන කරුණු දැක්වීම තවදුරටත් සිදුවේ. ස්වභාවික යුක්ති මූලධර්ම සහ නීතියේ පදනම් මූලධර්මයක් වන "අනෙකාට ද ඇහුම්කන් දෙන්න" (Audi Alterum Partem) වැනි මූලධර්ම පදනම් කරගනිමින් මෙම ගැටලුවෙහි ප්‍රතිඵලය බලපාන්නාවූ සියලු පාර්ශවවලට අධිකරණය සවන් දිය යුතුයැයි සදහන් කළ ජනාධිපති නීතීඥවරයා ඒ අනුව ශ්්‍රී ලංකා පොදුජන පෙරමුණ ද මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවෙකු වශයෙන් නම් කළ යුතුයැයි දැක්වීය.
මෙම නඩුවේ ප්‍රතිඵලයක් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට තරග කළ නොහැකිවන ආකාරයේ අතුරු තහනම් නියෝගයක් නිකුත්වුවහොත් රටේ මිලියන ගණනක් පුරවැසියන්ගේ අපේක්ෂාවන් ඒ හරහා බිද දැමෙනු ඇත. කිසිම අධිකරණයකට එවැනි ක්රියාවක් හරහා ඇතිවන ප්‍රතිඵල යථා තත්ත්වයට පත් කළ නොහැක.
පෙ.ව. 11.59 - ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා විසින් සිදුකරන කරුණු දැක්වීම තවදුරටත් සිදුවේ. මේ දක්වා ඒ මහතා පැය 04 කට අධික කාලයක් පුරා අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් සිටී.
පෙ.ව. 11.41 - ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ගමන් බලපත්‍රය සහ හැදුනුම්පත යන දෙකම විවෘත ලෙස භාවිත කළහ. ඒවා භාවිත කර ඔහු ගුවන් ගමන්වලද අනෙකුත් නීතිමය කටයුතුවලද නිරතවූහ. නීතිමය නොවන හෝ වැරදි ලෙස එවැනි ලිපිලේඛන ලබාගත් අයෙකුගේ හැසිරීමට වඩා එය හාත්පසින්ම වෙනස්ය.
පෙ.ව. 11.37 - ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා සෑම උදෑසනකම අධිකරණ භූමියට පැමිණ නඩු විමසනු ඇතැයි කිසිවෙකුත් බලාපොරොත්තු නොවේ. නමුත් එසේකිරීම සදහා ඔහුට බලයක් නැත්තේද නොව්. ඒ අනුව බලය දැරීම සහ බලය ක්රියාත්මක කරන ආකාරය යනු පැහැදිලිවම දෙකකි. එලෙසින්ම ජනාධිපතිවරයාට ද බලතල ලබාදී ඇති අතර ඒවා පරම වන අතර ජනාධිපතිවරයා අපේක්ෂා කරන ආකාරයකින් භාවිත කළ හැක. එසේ භාවිතකළ පසු ඒවායින් ඇතිවන ප්‍රතිඵල සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේම යම් යම් විධාන ඇති මුත් ඒවා භාවිත කරන ආකාරය සිදුවන්නේ ජනාධිපතිවරයාට අභිමත පරිදිය.- ජනාධිපති නීතීඥ රොම්ෂ් ද සිල්වා.
පෙ.ව. 11.27 - (අතිරේක තොරතුරු) - ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයක් කැදවමින් නිකුත් කළ ගැසට් නිවේදනය නීතිවිරෝධී බැවින් එය බල රහිත කරන ලෙස ඉල්ලා ගාල්ල මහ නගර සභාවේ හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා විසින් ශේ‍රෂ්ඨාධිකරණයට ඊයේ (ඔක්තෝබර් 03) දින ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගනම ප්‍රතික්ෂේපකිරීමට ශේර්ෂ්ඨාධිකරණය තීරණය කළහ.
පෙ.ව. 11.19 - ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා තවදුරටත් කරුණු දක්වමින් - ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසි සහතිකය සදහා හිටුපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය අත්සන යෙදූ දිනයේම තවත් එවැනි සහතික 20 කට හිටපු ජනාධිපතිවරයා අනුමැතිය ලබාදී ඇතිබව ජනාධිපති නීතීඥවරයා අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කරයි.
පෙ.ව. 10.41 - ගෝඨාභය රාජපක්ෂ මහතා 2005 වර්ෂයේ සිටම ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ අතර මැතිවරණවලදී ඡන්දය භාවිත කර ඇත. මෙතක් ඔහුගේ පුරවැසිභාවය පිළිබ‍ද නොතිබූ ගැටලුවක් දැන් ඇතිව තිබෙන්නේ කෙසේද? එය කිසියම් අනිසි අරමුණක් ඉෂ්ඨ කරගැනීම සදහා මෙම කාරණය ඉදිරියට ගෙන ඒමක්ද? මෙම පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කරන කරුණු සත්‍යයනම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂක ලේකම් තනතුර දැරීමට ඇති හැකියාවත් ඒවායින් අහෝසිවනවා නොවෙද?
පෙ.ව. 10.27 - අධිකරණයේ මුලික කටයුතුවලින් අනතුරුව ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දැක්වීම යළි ආරම්භකරයි. ඔහු පෙත්සම් විභාගයේ 05 වන වගඋත්තරකරුවන ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටී.
පෙ.ව. 9.55 - ත්‍රි පුද්ගල අභියානාධිකරණ විනිසුරු මණ්ඩලය පෙත්සම් විභාගයේ තුන්වැනි දිනයේ කටයුතු ආරම්භකරයි.
#2019 ඔක්තෝබර් 03
ප.ව. 6.14 - අභියාචනාධිකරණය පෙත්සම් විභාගය ඔක්තෝබර් 04 වන සිකුරාදා (හෙට දින) උදෑසන 9.30 තෙක් කල් තබයි.
ප.ව. 5.56 - ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා තවදුරටත් කරුණු දක්වමින්. "මෙම පෙත්සමේ එක්තරා තැනෙක ගෝඨාභය රාජපක්ෂ ශ්රී ලාංකිකයෙකු නොවන බවත් එමනිසා එවැනි තැනැත්තෙකු තෝරා පත්කරගැනීම රටේ ජාතික ආරක්ෂාවට සහ භෞමික අඛණ්ඩතාවයට පැහැදිලි තර්ජනයකැයි ද දක්වා ඇත. මේ ප්‍රකාශය පැහදිලිවම ඕනෑම පුද්ගලයෙකුගේ ලේ කකියවන ප්‍රකාශයකි. ගෝඨාභය රාජපක්ෂ යනු සෙසු සියල්ලන්ම මේ රට උගසට තබා කටයුතු කරද්දි මේ රට ආරක්ෂා කළ පුද්ගලයෙකි. ඒ නිසාම ඔහුගේ ජීවිතයට අහිමිවීමේ අවදානමක් පවා ඇතිවිය" යැයි දැක්වීය.
ප.ව. 5.43 - (පැහැදිලිකිරීම්) දැනට මෙම පෙත්සම් විභාගය ඉදිරියට යන ආකාරයට අනුව එය ජනාධිපතිවරයා විධායක බලයේ මූලය වන්නේය යන තර්කය සහ ජනාධිපතිධූරය යනු හුදෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි එන ප්‍රතිපාදන ක්රියාත්මකකිරීම සදහා පිහිටුවා ඇති ව්‍යූහයක්ය යන තර්ක දෙක අතර ගැටුමක් බවට පරිවර්තනයව ඇත.
ප.ව. 5.25 - ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය පත්කිරීමට යම්කිසි කාලයක් ගනු ලබන්නේද , ඒ සමස්ත කාලය පුරාවටම එකී බලතල ඔහු සතුව පවතින්නේය. මන්ද ඔහු විසින් දෙනු ලබන්නේ ඔහු සතු දෙයක් බැවිනි. ජනාධිපති නීතීඥවරයා ඉදිරිපත් කරන අදහස්වල මූලික සාරාංශය එපරිදිය.
ප.ව. 5.24 - ඕනෑම විෂයක් හෝ කාර්යයක් තමා යටතේ තබා ගැනීමට ජනාධිපතිවරයාට බලය ඇති බැවින් එම විෂය හෝ කාර්යය සදහා අමාත්‍යවරයෙකු පත්කිරීමට ඔහු බැදී නොමැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(1) ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට අමාත්‍ය මණ්ඩලයේ ප්‍රමාණය තීරණය කිරීම හා ඔවුන්ට පැවරෙන විෂයයන් තීරණයකිරීමට බලය පවරා ඇතත්, ජනාධිපතිවරයාට සිය ධූරයේ වගකීම් ඉටුකිරීමට එසේ අමාත්‍යවරුන් පත්කර තිබීම අත්‍යවශය වන්නේ නැත. එසේම 19 වැනි සංශෝධනය ප්‍රකාරව ජනාධිපතිවරයාට අමාත්‍ය තනතුරු දැරිය නොහැකිවුවත් කවර හෝ අමාත්‍යංශයකට ලැබෙන්නාවූ බලයෙහි මූලය වන්නේ මහජනතාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ඔහුට පවරා දෙන විධායක බලයයි.
ප.ව. 5.23 - 05 වන වගඋත්තරකරු වෙනුවෙන් කරුණු දක්වන ජනාධිපති නීතීඥ රොම්ෂ් ද සිල්වා මහතා 19 වන සශෝධනය ප්‍රමුඛ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පැහැදිලිවම දක්වා ඇති පරිදි විධායක බලයෙහි මූලය/ගබඩාව ජනාධිපති ධූරයයැයි දක්වාසිටී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වන වගන්තියට අනුව ඔහු ජනරජයේ විධායක බලය දරන්නා වන බැවින් "ඔහු විසින් බලය [අමාත්‍ය මණ්ඩලයට] ලබා දෙන අතර ඔහු විසින්ම ඒ බලය අවශ්ය විටෙක ආපසු පවරා ගනී. ඔහු සතුව එවැනි බලයක් නොමැති නම් ඔහුට එය [අමාත්‍ය මණ්ඩලයට] දීමට හැකිවන්නේ ද නැත."
ජනාධිපති නීතීඥවරයා මෙහිදී ඉහත තත්ත්වය පැහැදිලිකිරීම සදහා භාවිත කළ යෙදුම වූයේ President is the repository of the Executive Power යන්නයි.
ප.ව. 5.12 - පෙත්සම් විභාගය අතරතුර මතුකරන ලද ඇතැම් කරුණු සම්බන්ධයෙන් නිශ්චිත මතයක් දැක්විය හැක්කේ ශෙර්ෂ්ඨාධිකරණයට පමණි යැයි ගරු විනිශ්චය මණ්ඩලය පවසාසිටියි.
(පැහැදිලිකිරීම්) ඇතැම්විට විසිනුරු මණ්ඩලයේ ඉහත ප්‍රකාශය ශෙර්ෂ්ඨාධිකරණයේ මතය විමසීම සදහා පෙත්සමේ ඇතැම් කරුණු යොමුකිරීමට තමන් කල්පනාකරමින් සිටින බවට ඉගියක් විය හැක.
ප.ව. 4.37 - ජනාධිපති නීතීඥ චානක ද සිල්වා මහතා විසින් සිදුකළ කරුණු දැක්වීම අතිශය දීර්ඝ එකක්විය. එම කරුණු දැක්වීම අතරතුර එක් වරක් ජනාධිපති නීතීඥ රොම්ෂ් ද සිල්වා මහතා පෙත්සම් විභාගය අතිශය වැදගත් කරුණක් සම්බන්ධයෙන් හෙයින් විභාගය හැකි ඉක්මනින් සිදුකර අවසන් කළ යුතුයැයි සදහන් කළහ. නමුත් එම අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති ගරු විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා මෙම පෙත්සම් විභාගය කඩිමුඩියේ කළ නොහැකියැයි සදහන් කළහ.
ප.ව. 4.26 - ගෝඨාබය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රොම්ෂ් ද සිල්වා මහතා කරුණු දැක්වීම අරඹයි.
ප.ව. 4.15 - ජනාධිපති නීතීඥ චානක ද සිල්වා මහතා කරුණු දැක්වීම අවසන් කරයි. අධිකරණ සුලුවේලාවකට පසු නැවත රැස්වීමට නියමිතයි.
ප.ව. 4.14 - (පැහැදිලිකිරීම්) 1993 මැයි 1 වෙනිදා පැවති මැයි රැළිය අතරතුර එවකට ජනාධිපති ආර්. පෙර්මදාස මහතා කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකට ලක්ව ඝාතනය විය. ඉන් අනතුරුව රැස්වූ පාර්ලිමේන්තුව ජනාධිපති පේරමදාස මහතාගේ ධූර කාලයේ ඉතිරිය සම්පූර්ණ කරන පිණිස එවකට අග්රාමාත්‍යවරයාව සිටි ඩී.බී.විජේතුංග මහතා ඒකමතිකව ජනාධිපතිධූරයට නම් කරන ලදි (මෙය ආණ්ඩුක්රම ව්‍යවස්ථාව පරිදි ක්රියාකිරීමකි).
ප.ව. 4.12 - ජනාධිපති නීතීඥවරයා එයට පිළිතුරු සපයයි. "එවැනි අවස්ථාවක රජයේ ඒ ඒ දෙපාර්තමේන්තුවල ප්රධානීන් තවදුරටත් සිය රාජකාරී ඉටුකරයි. එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි සිදුවේ. එහෙත් අමාත්‍යවරුන් විසින් අනුමැතිය දිය යුතු ඔවුන් විසින් ක්රියාවට නැංවිය යුතු ඇතැම් කාර්යය කිහිපයක් පමණක් එවැනි කාලයක් තුල සිදු නොවී පවතී. රටේ විධායක ජනාධිපතිධූරය හිස්ව තිබෙන අවස්ථාවක පවා රටෙහි රාජ්‍ය යන්ත්රය ක්රියාත්මකය. නිදසුනක් වශයෙන් 1993 මැයි 01 වන දා හිටපු ජනාධිපති රණසිංහ පෙර්මදාස මහතා ඝාතනය වූ අවස්ථාවේ සිට ඩී.බී.විජේතුංග ජනාධිපතිවරයාගේ පත්වීම තෙක් පැය 03 ක් පමණ කාලයක් ජනාධිපතිධූරය හිස්ව පැවතිනි. ඒ මොහාතේ පවා පොලීසිය ක්රියාත්මක වූ අතර, රට තුළ නීතිය සහ සාමය පවත්වාගෙන යනු ලැබිනි. ආණ්ඩුවක් රට තුළ නොමැතිවූ පමණින් රජයේ සියලු කටයුතු නැවතී යන්නේ නැත."
ප.ව. 4.11 - මේ අවස්ථාවේදී ගරු විනිශ්චය මණ්ඩලය ජනාධිපති නීතීඥවරයා වෙත ගැටලුවක් යොමුකරයි. මැතිවරණයකින් පසුව හෝ වෙනයම් අවස්ථාවක කැබිනට් මණ්ඩලයක් විසුරුවාහරිනු ලදුව එය යළි පත්කරන තෙක් කාලය තුළ එන අතරතුර කාලයේදී රජයක ක්රියාකාරීත්වය නතරවනවාද?
ප.ව. 4.03 - ජනාධිපති නීතීඥ චානක ද සිල්වා මහතා විසින් දැක්වූ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සම්බන්ධයෙන් 2018 ශෙර්ෂ්ඨාධිකරණ නඩු තීන්දුව පහත සබැදිය හරහා කියවිය හැකිය.
Link: http://bit.ly/SCFR-351-2018

ප.ව. 3.46 - 1978 මුල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා සිය බලතල ක්රියාත්මකකිරීමේදී පාර්ලිමේන්තුවට වගකිවයුතුයැයි දක්වා තිබෙන බව සදහන් කළ ජනාධිපති නීතීඥ චානක ද සිල්වා එවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිධූරයේ බලතල පරම සහ කොන්දේසිවලට යටත් නොවන්නකැකි කිව හැකිදැයි ගරු අධිකරණයෙන් විමසා සිටියහ.
ප.ව. 3.42 - මෙම පෙත්සම් විභාගයේ අරමුණ විය යුත්තේ ජනාධිපතිවරයා සතු බලය පරම සහ කොන්දේසිවලට යටත් නොවන එකක්ද (Plenary) යන වග අවබෝධකරගැනීම විය යුතුයැයි ජනාධිපති නීතීඥ චානක ද සිල්වා මහතා කියා සිටී. Plenary යන යෙදුම නිර්වචනය කරන ජනාධිපති නීතීඥවරයා එයින් සම්පූර්න, පරිපූර්ණ, පරම සහ සීමාකිරීමකට යටත් නොවන (full, entire, complete, absolute, unqualified) යන අර්ථය දෙන්නේ යැයි නිර්වචනය කළහ.
ප.ව. 3.39 - ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සදහා ඉදිරිපත් කළ ඉල්ලුම් පත්රය හෝ ඒ පිළිබද යම් තොරතුරක් පිළිබද මෙතෙක් කිසිවක් සොයාගැනීමට සිය සේවාදයාකයා වන රාජ්‍ය පරිපාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාට හැකිව නැතැයි ජනාධිපති නීතීඥ චානක ද සිල්වා මහතා අධිකරණය හමුවේ ප්රකාශ කරයි.
ප.ව. 3.28 - ජනාධිපති නීතීඥ චානක ද සිල්වා මහතා විසින් මේ දක්වා ඉදිරිපත් කර ඇති කරුණුවල මූලික සාරාංශය ගත්කල එය නීතිපතිවරයා නියෝජනය කරමින් මෙතෙක් ඉදිරිපත්ව ඇති තර්කවල වලංගුභාවය ප්‍රශ්න කරන සහ එම තර්ක නිශේධනය කරන ආකරයේ කරුණු දැක්වීමකි.
ප.ව. 3.15 - ජනාධිපති නීතීඥවරයා 2018 වර්ෂයේදී ජනාධිපති සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව දෙසැම්බර් මස සත් පුද්ගල ශේෂ්ඨාධිකරණ විනිශ්ය මණ්ඩලයක් විසින් ලබාදුන් තීන්දුව අභියාචනාධිකරණයේ අවධානයට ලක්කරයි. එම නඩුව හරහා ජනාධිපතිවරයාගේ බලය පරම නෙවන සහ කිසිදු කොන්දේසියකට යටත් නොවන්නක්යැයි (President dose not have plenary powers ) නොසැලකිය යුතුයැයි අධිකරණය තීරණය කළ බව ජනාධිපති නීතීඥවරයා දක්වයි.
ප.ව. 3.05 - 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාවේ තුන්වැනි සහ හතරවැනි ව්‍යවස්ථා වෙත අවධානය යොමුකරන ජනාධිපති නීතීඥවරයා ජනරජයේ ස්වාධිපත්‍ය බලය පිළිබදව තවදුරටත් පැහැදිලි කරයි. මජනතාව සතු පරමාධිපත්‍ය බලය පාර්ලිමේන්තුව සහ විධායක ජනාධිපති යන ආයතන දෙක හරහාම ක්රියාත්මක වේ. නීති සම්පාදන බලය පාර්ලිමේන්තුව හරහාත් විධායක බලය ජනාධිපතිවරයා හරහාත් ක්රියාත්මක වේ. එබැවින් ජනාධිපතිවරයාගේ විධායක බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ සෙසු ලිඛිත නීති තුලින්ම පැමිණිය යුතුවේ.
ප.ව. 3.01 - 03 වන වග උත්තරකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ චානක ද සිල්වා මහතා නීතිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ජනාධිපතිධූරයේ බලතල දක්වන 42 වන වගන්තිය මූලික කරගෙන ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීම් තහවුරු කරයි. 1978 ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියන බව ජනාධිපති නීතීඥවරයා විසින් ගෙනහැර දක්වයි.
ප.ව. 2.51 - රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා (03වන වග උත්තරකරු) වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ චානක ද සිල්වා මහතා සිය සේවා දායකයා වෙනුවෙන් කරුණු දැක්වීම ආරම්භකරයි.
ප.ව. 1.53 - පෙත්සම් විභාගයේ දෙවැනි දින කටයුතු ආරම්භ විය. රාජ්‍ය පරිපාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වෙනුවෙන් අද දින ජනාධිපති නීතීඥ චානක ද සිල්වා මහතා පෙනී සිටිමට නියමිතව ඇත.
පෙ.ව. 10.01 - පෙත්සම් විභාගයේ දෙවැනි දිනයේ කටයුතු අද සවස 1.30 ට ආරම්භවීමට නියමිතයි.
ඊයේ දින පෙත්සම් විභාගයේ සාරාංශය පහත පරිදි වේ.
පෙත්සම්කරා පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුරේන් ප්‍රනාන්දු මහතා දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් පෙත්සමෙහි 05 වන විත්තිකරුවන ගෝඨාභය රාජපක්ෂ මහතා යටකී ප්රශ්නගත ද්විත්ව පුරවැසි සහතිකය ලබාගත් ආකාරය නීතියට පටහැනියැයි දක්වා සිටියහ. එහිදි ඔහු ඉදිරිපත් කළ අදහස් වූයේ අදාළ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2005 වර්ෂයේ නොවැම්බර් මස 21 වන දාතමින් යුතුව නිකුත් කරන ලද ද්විත්ව පුරවැසි සහතිකයක් ලබාගෙන ඇති නමුත්, ජනාධිපතිවරණයක් අවසන්ව කැබිනට් මණ්ඩලයක් පත්කර නොතිබූ නොවැම්බර් 17 - 24 දක්වා කාලය තුළ එවැනි සහතිකයක් නිකුත්කිරීම සදහා බලය සහිත අමාත්‍යංශ ලේකම්වරයෙකු අදාළ කාලය තුළ පත්කර නොසිටි බවයි. එබැවින් යටකී ද්විත්ව පුරවැසි සහතිකයේ වලංගුභාවය දිගින් දිගටම ප්‍රශ්න කළ පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයා එය පිළිගත නොහැකි සහතිකයක්යැයි සදහන් කළහ.

ඉන් අනතුරුව පෙත්සමේ වලංගුභාවය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මූලික විරෝධතා දැක්වීය. එහදී නිතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් දැක්වූ අදහස වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වගන්තිය ප්‍රකාරව අමාත්‍යවරයෙකු පත්කර නොමැති ඕනෑම විෂයක් සම්බන්ධයෙන් අධිකාරීබලය ජනාධිපතිවරයා සතු බැවින් ඔහුගේ අනුදැනුම සහ අනුමැතිය යටතේ ඕනෑම අමාත්‍යංශයක නිල කාර්යයන් සිදුවිය හැකිබවයි. එබැවින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසි සහතිකය නීතියට අනුකූලව (interms of the law) සහ නිසි බලධාරියාගේ අධිකාරීත්වය යටතේ (intra vires) නිකුත් කරන ලද්දකැයි නීතිපතිවරයා විසින් දැක්වීය.
පෙත්සමෙහි මූලික සාරාංශය පහත පරිදි වේ.
ගාමිණී වියන්ගොඩ සහ මහාචාර්ය චන්දර්ගුප්ත තේනුවර යන මහත්වරුන් විසින් ගොනු කළ රිට් පෙත්සම එහි 05 වන වගඋත්තරකරු වශයෙන් නම් කර තිබෙන ගෝඨාභය රාජපකෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය නීතිවිරෝධී වශයෙන් සදහන් කළ පෙත්සමකි.
මෙම පෙත්සම හරහා අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ ඉල්ලීම පහතපරිදි විය.
1) යටකී ද්විත්ව පුරවැසිභාවය අහෝසිකරන සර්ටියෝරාරි ආඥාවක් නිකුත් කරන ලෙස
2) යටකී ද්විත්ව පුරවැසිභාවය පදනම් කරගෙන 05 වන වගඋත්තරකරුවන ගෝඨාභය රාජපක්ෂ මහතාට නිකුත්කර ඇති ශ්රී ලාංකික ගමන් බලපත්‍රය අහෝසි කරන සර්ටියෝරාරි ආඥාවක් නිකුත් කරන ලෙස
3) එම ද්විත්ව පුරවැසි සහතිකය පදනම් කරගෙන 05 වැනි වගඋත්තරකරුට නිකුත් කර ඇති ජාතික හැදුනුම්පත අහෝසි කරන ලෙස
4) ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම හෝ ඒ අනුව ඔහුට ශ්රී ලාංකික ගමන් බලපත්රයක් නිකුත්කිරීමෙන් හෝ පෙත්සමේ පළමු වගඋත්තරකර්වන ආගමන විගමන පාලකවරයා වලක්වාලන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස
5) ගෝඨාභය රාජපක්ෂ මහතාට ජාතික හැදුනුම්පතක් නිකුත්කිරීමෙන් දෙවැනි වගඋත්තරකරුවන පුද්ලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයා වලක්වාලන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස
6) ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ ඔහු වෙනුවෙන් පෙනී සිටින කවරෙකු හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්රී ලාංකික පුරවැසියෙකු සේ සලකා කටයුතුකිරීමට එරෙහි අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස
7) පෙත්සම් විභාගය අවසන් වනතුරු 05 වන විත්තිකරු යටකී ප්‍රශ්නකාරී ගමන් බලපත්‍රය හෝ හැදුනුම්පතභාවිත කර කිසිදු නීතිමය ක්රියාවක නිරතවීම වලක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස
Cool පෙත්සමෙහි 01 - 04 වග උත්තරකරුවන් යටකී 05 වන වග උත්තරකරු ශ්රී ලාංකිකයෙකු සේ සලකා කිසිදු හෝ ක්රියාමාර්ගයක් ගැනීම පෙත්සම් විභාගය අවසන් වන තෙක් තහනම්කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබිණි.

#2019 ඔක්තෝබර් 02
ප.ව. 05.00 - පෙත්සම් විභාගයේ අද දිනය සදහා නියමිත කටයුතු අවසන් කළ අභියාචනාධිකරණය පෙත්සම හෙට (ඔක්තෝබර් 03) සවස 1.30 යළි විභාගකිරීම සදහා කැදවීමට නියම කළහ.
ප.ව. 04.52 - (පැහැදිලිකිරීම්) ඇතැම් වෙබ් සහ සමාජ මාධ්‍ය වාර්තා කරන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ ලිපිගොනු සිය දෙපාර්තමේන්තුව සතුව නොමැති බවක් ආගමන විගමන පාලකවරයා විශේෂයෙන් සදහන් නොකළහ. ඔහු පොදුවේ සදහන් කළේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සදහ 2007 වර්ෂයට පෙර ඉදිරිපත්වූ කිසිදු ඉල්ලීමක් සම්බන්ධයෙන් ලිපිගොනු තම දෙපාර්තමේන්තුව සතුව නොමැති බවයි.
ප.ව. 04.51 - 2007 වර්ෂයට පෙර ද්විත්ව පුරවැසිභාවය ඉල්ලා සිටිමින් ඉදිරිපත්වූ කිසිදු ඉල්ලීමක් සම්බන්ධයෙන් ලිපිගොනු සිය දෙපාර්තමේන්තුව සතුව නොමැති බව ආගමන විගමන පාලක ආර්.එම්.එස්.පී.බී. රත්නායක මහතා තමන් වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජය සොලිසිටර් ජෙනරාල් නෙරීන් පුල්ලේ හරහා අභියාචනාධිකරණයට දැනුම් දෙන ලදි. මෙම ප්‍රකාශය හෙට දිනයේදී නීතිපතිවරයා හරහා ඉදිරිපත්කරන දිව්රුම් පර්කාශ වශයෙන් ලබාදෙන ලෙස අධිකරණය අදාළ වගඋත්තරකරුවන්ට දැනුම් දෙන ලදි.
ප.ව. 04.33 - (පැහැදිලිකිරීම්) පෙත්සම්කාර පාර්ශව විසින් මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති පාර්ශව 08 න් පාර්ශව 05 ක්ම රාජ්‍ය නිලධාරීන්වේ (ආගමන විගමන පාලකවරයා, පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ කොමසාරිස් ජෙනරාල්වරයා වැනි පිරිස්). නීතිපතිවරයා රජයේ ප්‍රධානතම නීතීඥයා වන බැවින් යටකී රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීමත්, ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයේ නීතිමයභාවය අධිකරණයට ඒත්තු ගැන්වීමත් ඔහුගේ රාජකාරිය වේ. ඒ හැර ඉහත රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් කරුණු දැක්වීමක් සදහා පුද්ගලික නීතීඥයන් පෙනී සිටිමක් සිදු නොවේ. නමුත් නීතිපතිවරයාගේ උපදෙස් සහ අනුමැතිය යටතේ රජයේ පාර්ශවයේ ඒ ඒ වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරුන් පෙනීසිටී.
ප.ව. 04.33 - නීතිපති දප්පුල ද ලිවේරා මහතා පෙත්සමේ වලංගුභාවය සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත්කිරීම ආරම්භ කරයි.
ප.ව. 04.14 - "ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන තැනැත්තෙකු ජනාධිපතිධූරය සදහා යම් හෝ හෙයකින් තේරී පත්කරගනු ලැබුවහොත් එයින් රටේ ජාතික ආරක්ෂාව, ස්වෛරීත්වය මෙන්ම භෞමික අඛණ්ඩතාවයටද කිසිසේත් නිවැරදි කළ නොහැකි හානියක් සිදුවනු ඇත."
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතීඥ සුරේන් ප්‍රනාන්දු සිය කරුණු දැක්වීම අවසන් කරයි.

ප.ව. 04.01. පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතීඥ සුරේන් ප්‍රනාන්දු මහතා විසින් සිදුකරන කරුණු දැක්වීම තවදුරටත්. මේ දක්වා නීතීඥවරයා විසින් ගෙනහැර දක්වන ලද කරුණුවලටවල මූලික සාරාංශය වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2005 වර්ෂයේ නොවැම්බර් මස 21 වන දාතමින් යුතුව නිකුත් කරන ලද ද්විත්ව පුරවැසි සහතිකයක් ඉදිරිපත් කර ඇති නමුත්, එවැනි සහතිකයක් නිකුත්කිරීම සදහා බලය සහිත අමාත්‍යංශ ලේකම්වරයෙකු අදාළ කාලය තුළ පත්කර නොසිටි බවයි. ජනාධිපතිවරණයක් අවසන්ව එවකට බලයේ සිටි අග්‍රාමාත්‍යවරයා (මහින්ද රාජපක්ෂ) ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීමෙන් අනතුරුව (2005 වර්ෂයේ ජනාධිපතිවරණය එම වසරේ නොවැම්බර් මස 17 වන දින පැවැත්විණි) නොවැම්බර් 18 වනදා සිට 24 වන දා දක්වාම අමාත්‍යංශ ලේකම්වරුන් පත්කර නොතිබුනි. එබැවින්, එවැනි සහතිකයක් නිකුත්කිරීම සදහා නිසි බලධාරියා වන අමාත්‍යංශ ලේකම්වරයෙකු නොමැති අවස්ථාවක නිකුත් කළ ද්විත්ව පුරවැසි සහතිකයක් වලංගු සහ පිළිගත හැකි සහතිකයක් නෙවේ.
පෙ.ව. 11.34- අභියාචනාධිකරණයේ සෙසු කටයුතුවලින් අනතරුව තරීපුද්ගල විනිශ්චය මණ්ඩලය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබද පෙත්සම විභාගය ආරම්භකරන ලදි. පෙත්සම්කාර පාර්ශව වෙනුවෙන් ඉදිරිපත්ව සිටින නීතීඥ සුරේන් ප්‍රනාන්දු මහතා කරුණු දැක්වීම ආරම්භකරයි.
පෙ.ව. 10.20 - මෙම නඩුවෙහි වගඋත්තරකාර පාර්ශව වශයෙන් 1) ආර්. එම්.පී.එස්.බී. රත්නායක මහතා. (ආගමන විගමන පාලක), 2) පී. වියානි ගුනතිලක මහතා (පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්), 3) අමාත්‍ය වජිර අබේවර්ධන (ස්වදේශකටයුතු සහ රාජ්‍ය පරිපාලය අමාත්‍ය), 4) ගාමිනී සෙනෙවිරත්න මහතා (ස්වදේශකටයුතු සහ රාජ්ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්). 5) ගෝඨාභය නන්දසේන රාජපක්ෂ, 6) මහින්ද රාජපක්ෂ, 7) රවී සෙනෙවිරන්ත (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති), ජී. එස්. අබේසේකර මහතා (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ), සහ 9) ලලිත දිසානායක (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කොට්ඨාශයේ ස්ථානාධිපති) යන පුද්ගලයන් නම් කර ඇත.
පෙ.ව. 10.00 - අද දිනය සදහා නියමිත අභියාචනාධිකරණ කටයුතු ආරම්භවිය.
පෙ.ව. 9.31 - ගොඨාභය රාජපක්ෂ මහතාගේ ශිරී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත්ව ඇති පෙත්සම ප්‍රමුඛතා කාර්යයක් සේ සලකා විභායගයට ගැනීමට අභියාචනාධිකරණය මින් පෙර තීරණය කළහ. එබැවින් අද දිනයට නියමිත සෙසු නඩු කැදවා ඒවා සදහා ඉදිරි දින නියමකිරීමෙන් අනතුරුව (keep down) ගොඨාභය රාජපක්ෂ මහතාට සම්බන්ධ පෙත්සම විභාගයට ගනු ඇත.
පෙ.ව. 9.30 - සාමාන්ය ඉහළ උසාවි සම්ප්‍රධායන්ට අනුව පෙරවරු 9.30 වනවිට අභියාචනාධිකරණය ඉදිරියේ නඩු කටයුතු ඇති සියලු පාර්ශව අභියාචනාධිකරණ පරිශ්‍රය තුළ සිටිය යුතුවේ. එදිනට නියමිත නඩු සදහා සහභාගීවන ගරු විනිසුරුවරුන් පෙ.ව.10.00 වනවිට විනිශ්චයාසනය වෙත පැමිණේ.
#2019 සැප්තැම්බර් 30
පෙත්සම සදහා අතුරු සහන ලබාදීම (interim relief) සදහා වන පෙත්සම් විභාගය ඔක්තෝබර් මස 02 සහ 03 යන දිනවල පැවැත්වීමට තීරණයවිය. ඔක්තෝබර් මස 02 වන දින නඩු විභාගය උදෑසන 9.30 ට ආරම්භවීමට නියමිත අතර 03 වැනිදා නඩු විභාගය සවස 2.00ට ආරම්භවුන ඇත.

කෙසේ වෙතත් මෙම නඩුවෙහි ඇති සංකීරණභාවය සැලකිල්ලට ගෙන නඩුව සදහා තුන්වැනි විනිසුරුවරයෙකු නම්කිරීමට තීරණය කළ අභියාචනාධිකරණය ඒ සදහා ගරු මහින්ද සමයවර්ධන විනිසිරුතුමන්ගෙන් ද සමන්විත ත්‍රී පුද්ගල විනිශ්චය මණ්ඩලයක් (විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු අර්ජුන ඔබේසේකර සමග) නඩුව සදහා නියමවිය.
මූලික පෙත්සම් විභාගය සිදුකළ ද්වීපුද්ගල විනිශ්චය මණ්ඩලය විසින්ම පෙත්සමේ ඉදිරි විභාග කටයුතු සිදුකිරීම සම්බ්නධයෙන් විරෝධතා කිසිවක් ඇතිද යන වග ගරු අධිකරණය විසින් වගඋත්තරකාර පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගෙන් විමසනු ලැබීය. එවැනි විරෝධතාවයක් නැතිබව වගඋත්තරකාර පාර්ශව වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් විසින් අධිකරණයට දැනුම් දෙන ලදි.
කෙසේ වෙතත් ගරු අධිකරණය මෙම පෙත්සම විභාගකිරීමට තීරණය කළ අතර අදාල ගැටලුවෙහි ඇති ජාතික සංවේදීතාවය සලකා එය ප්‍රමුඛතාවයක් සේ විභාගයට ගැනීමට දින නියම කළහ
වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රෝමේෂ් ද සිල්වා මහතා යටකී පෙත්සම කූඨ අරමුණක් පෙරදැරි කරගෙන ගොනු කර ඇති බවත් එය පදනම් විරහිතබවටත් කරුණු දැක්වීය.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් ගොඨාභය රාජපක්ෂ මහතාගේ යටකී ශ්‍රී ලාංකික පුරවැසිභාවය ප්‍රශ්නකාරී සහ නීතිමය නොවන ආකාරයට ලබාගෙන ඇතැයි පැහැදිලිකරේය. වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන ජනාධිපතිවරණයට නාමයෝජනා භාර දීමේ සූදානමක් ඇති බව දැනගන්නට ඇති හෙයින් පෙත්සම පිලිබද නඩු විභාගය හදිසි කාරණාවක් සේ සලකා හැකි වහාම විභාගයට ගන්නා ලෙසද ඒ මහතා ගරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතාද වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සහ ජනාධිපති නීතිඥ අලි සාබ්‍රි යන මහත්වරුන් පෙනී සිටියහ. පෙත්සම විසින් වගඋත්තරකාර පාර්ශවයක් වශයෙන් නම්කර තිබෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ඊයේ දින අධිකරණය හමුවේ පෙනී සිටියහ.
පෙත්සම සම්බන්ධයෙන් මූලික විභාගය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ඉදිරියේ එදිනම විභාගයට ගන්නා ලදි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකා එකසත් ජනපදයේ පුරවැසිභාවය දරමින්ම 2005 වර්ෂයේ දී ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගත් ආකාරයේ නීතිමය බව ප්‍රශ්න කරමින් එකී පුරවැසිභාවය පිලිනොගන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලාසිටිමින් අභියාචනාධිකරණය වෙත පසුගිය සැප්තැම්බර් 30 වෙනිදා රිට් පෙත්සමක් ඉදිරිපත් විය.

Beta1

Beta1
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

ප.ව. 1.45 - කිසියම් අපරාධයක් සදහා යමෙකු චෝදනා ලැබූවිට ඔහු පවුලේ ප්‍රධානියා නිසා හෝ පවුලේ ප්‍රධාන ආදායම් මාර්ගය ඔහු හරහා තීරණය වන බැවින් ඒ පවුලේ සෙසු පුද්ගලයන්ද අපරාධ නඩුවේ විභාගයට සදහා ගෙන්වීමට අවශය වන්නේ නැත. එසේම යම්කිසි පෙත්සමක වගඋත්තරකරුවෙකු දේශපාලන පක්ෂයකින් අපේක්ෂකයෙකු වූ පමණින් අදාළ දේශපාලන පක්ෂය ඔහුට නියමිත සියලු පෙත්සම් විභාගයන්ට කැදවීමේ අවශ්‍යතාවයක් නොමැත. නීතීඥ සුරේන් ප්‍රනාන්දු සිය අදහස් දැක්වීම අවසන් කරයි.

Beta1

Beta1
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

ප.ව. 1.47 - අධිකරණය සිය කටයුතු සුලු මොහාතකට කල් තබයි. ඉන් අනතුරුව ගරු විනිසුරුවරුන් රැස්වී අතුරු සහන නිකුත්කිරීම පිළිබද අධිකරණයේ මතය ලබාදෙනු ඇතැයි අපේක්ෂිතය.

Beta1

Beta1
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

ප.ව. 2.09 - ගරු අධිකරණය විසින් පෙත්සම්කරුවන් විසින් ඉල්ලා ඇති අතුරු සහන සම්බන්ධයෙන් සහ පෙත්සමේ පූර්ණ විභාගය සදහා තීන්දුව ලබාදීම අද සවස 6.00 ට සිදුකරන බව නිවේදනය කරයි.

Arrowrisk

Arrowrisk
Manager - Equity Analytics
Manager - Equity Analytics

Beta1 wrote:ප.ව. 2.09 - ගරු අධිකරණය විසින් පෙත්සම්කරුවන් විසින් ඉල්ලා ඇති අතුරු සහන සම්බන්ධයෙන් සහ පෙත්සමේ පූර්ණ විභාගය සදහා තීන්දුව ලබාදීම අද සවස 6.00 ට සිදුකරන බව නිවේදනය කරයි.
Anyone can translate this pls?

Eugine Fernando


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Beta1 wrote:ප.ව. 2.09 - ගරු අධිකරණය විසින් පෙත්සම්කරුවන් විසින් ඉල්ලා ඇති අතුරු සහන සම්බන්ධයෙන් සහ පෙත්සමේ පූර්ණ විභාගය සදහා තීන්දුව ලබාදීම අද සවස 6.00 ට සිදුකරන බව නිවේදනය කරයි.
GOOD JOB Beta1, keep it up.

Beta1

Beta1
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

ප.ව. 5.45 - ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්ව්ත්ව පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් විසින් එකී ද්විත්ව පුරවැසිභාවය පිළිගැනිම වලක්වාලමින් සර්ටියෝරාරි රිට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණය වෙත ගොනු කළ පෙත්සම ඔක්තෝබර් 02 වන සහ 03 වන දින (එනම් ඊයේ සහ අද දින) විභාගයට ගනු ලැබිණි. මෙම පෙත්සම හරහා පෙත්සම්කරුවන් විසින් ඉල්ලා සිටි අතුරු සහන (interim relief) සහ පෙත්සමේ ඉදිරි විභාග කටයුතු (order of notice) සම්බන්ධයෙන් සිය තීරණ ගරු ත්‍රි පුද්ගල විනිසුරු මණ්ඩලය විසින් අද සවස 6.00 ට ලබාදෙනු ඇතැයි අපේක්ෂිතය. දැනට අපට ලැබි ඇති තොරතුරු අනුව පෙත්සම් විභාගය පැවැත්වෙන කොළඹ අලුත්කඩේ අභියාචනාධිකරණ ශාලාව පෙත්සම් විභාගය දැකගැනිමට පැමිණි නොයෙක් දෙනාගෙන් පිරී ගොස් ඇත.

Beta1

Beta1
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

ප.ව. 5.49 - යටකී රිට් ඉල්ලීම හරහා පෙත්සම්කරුවන් විසින් ඉල්ලා සිටි අතුරු සහන පහත පරිදිය. මේ එක් එක් අතුරු සහනය සම්බන්ධයෙන් සිය තීරණය අභියාචනාධිකරණය විසින් දැනුම් දෙනු ඇත.
1) යටකී ද්විත්ව පුරවැසිභාවය අහෝසිකරන සර්ටියෝරාරි ආඥාවක් නිකුත් කරන ලෙස
2) යටකී ද්විත්ව පුරවැසිභාවය පදනම් කරගෙන 05 වන වගඋත්තරකරුවන ගෝඨාභය රාජපක්ෂ මහතාට නිකුත්කර ඇති ශ්රී ලාංකික ගමන් බලපත්‍රය අහෝසි කරන සර්ටියෝරාරි ආඥාවක් නිකුත් කරන ලෙස
3) එම ද්විත්ව පුරවැසි සහතිකය පදනම් කරගෙන 05 වැනි වගඋත්තරකරුට නිකුත් කර ඇති ජාතික හැදුනුම්පත අහෝසි කරන ලෙස
4) ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම හෝ ඒ අනුව ඔහුට ශ්රී ලාංකික ගමන් බලපත්රයක් නිකුත්කිරීමෙන් හෝ පෙත්සමේ පළමු වගඋත්තරකර්වන ආගමන විගමන පාලකවරයා වලක්වාලන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස
5) ගෝඨාභය රාජපක්ෂ මහතාට ජාතික හැදුනුම්පතක් නිකුත්කිරීමෙන් දෙවැනි වගඋත්තරකරුවන පුද්ලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයා වලක්වාලන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස
6) ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ ඔහු වෙනුවෙන් පෙනී සිටින කවරෙකු හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්රී ලාංකික පුරවැසියෙකු සේ සලකා කටයුතුකිරීමට එරෙහි අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස
7) පෙත්සම් විභාගය අවසන් වනතුරු 05 වන විත්තිකරු යටකී ප්‍රශ්නකාරී ගමන් බලපත්‍රය හෝ හැදුනුම්පතභාවිත කර කිසිදු නීතිමය ක්රියාවක නිරතවීම වලක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස
Cool පෙත්සමෙහි 01 - 04 වග උත්තරකරුවන් යටකී 05 වන වග උත්තරකරු ශ්රී ලාංකිකයෙකු සේ සලකා කිසිදු හෝ ක්රියාමාර්ගයක් ගැනීම පෙත්සම් විභාගය අවසන් වන තෙක් තහනම්කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබිණි.

Beta1

Beta1
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

gota win

Beta1

Beta1
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

ප.ව. 56.11 - මේ වනවිට අපට ලැබී ඇති තොරතුරු අනුව පෙත්සම නිෂ්ප්‍රභාකිරීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත.

Arrowrisk

Arrowrisk
Manager - Equity Analytics
Manager - Equity Analytics

The 'traitors' questions what did Gota do for the country. Following is the list what Gota did


(Lanka-e-News - 30.Sep.2019, 5.00AM)

1.      Starting the white van abduction culture and kidnapping, abducting and enforce disappearing journalists, reporters and political dissidents

2.      Sending a SL airline to Switzerland to bring a puppy dog to his wife

3.      Killing the two chopper pilots who brought the gold captured by Sarath Fonseka of LTTE through a helicopter crash

4.      Killing of parliament MP Sripathi Suryarachchi through a fatal accident who proved with evidence that Rajapaksa gave extortion to LTTE

5.      Raising sharks at home and feeding them with white van victims who are abducted

6.      Killing the mother elephant and illegally possessing the two baby elephants.

7.      Killing the beggars by hitting their heads with stones and decorating the towns.

8.      Forcibly dumping the Colombo garbage to Meethotamulla area which destructed many lives and properties.

9.      Forcibly removing poor households from Colombo by deploying the army. Kidnapping the people through white van who are protesting.

10.     Bombing Sirasa, Siyatha and Udayan media institutions. 

11.     Setting fire to Lanka e News office and its library

12.     Setting fire to Colombo Kachcheri to destroy documents belong to people have valuable properties in Colombo who has gone overseas.

13.     Spending 90miliion public money to renovate his parent’s grave. Following a court verdict a part payment was made leaving the arrears
unpaid.

14.     Selling the army headquarters land located at Galle face for hotel Shangrila and taking a 40 million commission through the deal

15.     Taking Rs. 550 million bribe from Tata company of India

16.     Misusing the “Api wenuwen api” war heroes fund

17.     Leaving to US during the intense war with LTTE claiming false psychiatric disorder

18.     Taking the American citizenship claiming as a Sri Lankan patriotic

19.     Making arbitrary agreement with the US government without informing the SL parliament

20.     Threatening monks alleging bombing Buddhist monasteries when the Mahanayakas came out to protest the imprisonment of General Fonseka.

21.     Acquisition and misusing of valuable lands belong to the urban development ministry.

22.     Threatening the senior police DIG’s who are enforcing the law during a protest opposite the UN headquarters lead by Weerawansa

23.     Misusung US $ 8million for the Mig aircraft deal claiming to be paid to a company named Belimmsa which was not existed in London

24.     Protecting the Interpol red warranted Udayanga Weerathunga who is the main accused for the mig aircraft corruption.

25.     Mysterious death of Noel Ranaweera who knew the secrets of the Mig aircraft deal. Not allowing to keep a postmortem of his corpse when the body was brought to SL.

26.     Acquiring large scale commission from all Chinese projects in the country.

27.     Acquire commissions from all purchases by taking the exclusive right to import weapons during wartime.

28.     Abduction and assaulting Journalists like Upali Tennakoon, Poddala Jayantha, Keith Noyar and Namal Perera.

29.     Abduction, enforce disappear and killing of Tamil journalists.

30.     Abduction and enforce disappearing of Lanka e news journalist Prageeth Ekneligoda who exposed the family tree of Rajapaksa

31.     Killing dissenters under the guise of showing weapons.

32.     Killing the chief editor of Sunday Leader Newspaper Lasantha Wickramathunga

33.     Abduction and killing of Ragama Sudu Seeya and Danduwam Mudalali of Tangalle

34.     Killing of Parliament MP Raviraj in broad day light in Colombo

35.     Killing of parliament MP Joseph Pararajasingham during the eve of Christmas

36.     Killing of parliament MP Maheshwaran in Colombo in broad day light

37.     Breaking the Colombo museum and stealing valuable ancient swords and false accusing  a person named Kangetta

38.     Trying to steal the sword supposedly belong to prince Sapumal and killing two chief monks of the Kotte temple.

39.     Killing by calling names of the witness of the above temple together with 27 inmates of the Welikaada prison.

40.     Killing three people of Rathupaswala who protested demanding pure water against polluted water discharged by a factory belong to Dammika Perera.

41.     Killing of rugby player Wasim Thajudeen who exposed a birth mark of the lover of one of Rajapaksa son.

42.     Displacing documents belong to the fake company of the Mig aircraft deal

43.     Misusing public servants, military personal, intelligence officers for personal benefits and causing betrayal, enforce disappear and killing them. Ex Gopi

44.     Shooting and killing fisherman Anthony of Chilaw who protested to reduce the oil price.

45.     Forming paramilitary forces with EPDP and EPRLF and kidnapping of children demanding extortions. Killing the children following the extortions.

46.     Forming a paramilitary force with underworld gangsters and abducting people who are against.

47.     Creating paramilitary forces with members of renegade LTTE and misusing them for personal revenge

48.     Shooting of Katunayake free trade zone worker Roshane Chanaka who protested against the arbitrary plundering of the provident fund on the pretext of pension. While taking the funeral Imposing restrictions to the catholic church and deploying troops to the funeral

49.     Attempting to abduct “wanathe Sunil Ayya” for showing his resentment directly to Gotas face for the dumping of the meethotamulla garbage. He was released by the abductors due to the fear of peoples protest

50.     Abducting the chairman of the Kollonnawa urban council Ravindra Udayashantha by the white van. The abduction was foiled due to the intervention of the people of the area. The abductors were apprehended by the area people later they were released by Gota pressurizing the police.

51.     Taking the ancient bell owned to the Sri Pada claiming for repairs but later it was disappeared.

52.     Enforce disappearance of two human rights defenders Lalith and Kugan on the International world human rights day

53.     Kidnapping of wealthy Tamil and Muslim businessmen’s and demanding ransoms

54.     Influencing Duminda Silva to kill trade union leader Baratha Luxhman Premachandra when Baratha publicly accused Gota working with drug dealers. Later Gota Helped Duminda to escape from prosecution.

55.     Illegally owning Lanka Hospitals and misusing the fiancés

56.     Aggressively controlling the journalists and threatening them to stop drawing cartoons.

57.     Threatening journalist Fredika Jansz and yelling at her in raw filth.

58.     Throwing bomb to Tiran Alles and Wijedasa Rajapaksa houses

59.     Throwing bomb to the executive director of Transparency International and presidents counsel lawyer J.C. Weliamuna who exposed the corruptions of Rajapaksas.

60.     Deploying the troops and chasing the people living in Slave Island and selling those lands to foreign companies.

61.     Enforce disappearing the former election commissioner Dayananda Dissanayake and rigging the election results and forcibly taking over Fonseka’s victory (It’s still a question that the disappeared elections commissioner is still alive)

62.     Creating “Grease Yaka” to fear and fool the people

63.     Disguise of giving security to international vessels against sea pirates, creating a floating armory in the south Indian ocean, selling weapons to international terror organizations.

64.     Paying monthly wages to members of Thawheed jamath including Zaharan and 26 others

65.     Giving a land to extremist Thawhid Jamath at 241/1, Sri Saddarma Mawatha

66.     Creating, promoting and nurturing religious extremist groups such as Thawhid Jamath, Shiva Sena and Bodu Bala Sena. Creating a rift between minority Muslims and majority Buddhists thus trying to create a Sinhala Buddhist country by acquire 51% from the total Sinhala Buddhist vote bank .

67.     Surpassing brother Basil Rajapaksa and building palaces without an owner in Kataragama

68.     Hiding his dual citizenship and obtaining an illegal passport

69.     Allowing his wife and children to the US and removing his US citizenship

70.     Contesting the presidential election to be held in 2020

Gaani Vasuhewa

samaritan


Moderator
Moderator

holocaust of 1983 lead by JR & annihilation of thousands of youth in 1989 lead by RP. Have we forgotten???

In the recent past ,Central Bank Robbery lead by 'Bean'. Have we forgotten???

Arrowrisk

Arrowrisk
Manager - Equity Analytics
Manager - Equity Analytics

samaritan wrote:holocaust of 1983 lead by JR & annihilation of thousands of youth in 1989 lead by RP. Have we forgotten???

In the recent past ,Central Bank Robbery lead by 'Bean'. Have we forgotten???
Whether it is Blue or Green all are corrupt guys. They are doing so called "Smart Politics" Both partys have the intention to earn money as much as they can rather developing the country. Voters are blindly following them..... Very Happy

samaritan


Moderator
Moderator

Even a dictator like Hitler did not set fire to a Library but it took place in Sri Lanka and the world knows the green politicians who were behind the scene.

samaritan


Moderator
Moderator

samaritan wrote:Even a dictator like Hitler did not set fire to a Library but it took place in Sri Lanka and the world knows the green politicians who were behind the scene.
2019 - සජීවී තොරතුරු පෙලගැස්ම - GR Case 9k=

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum