FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

 
 
 
 

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» Expolanka to continue its winning streak
by samaritan Today at 10:22 am

» POSITIVES & TARGETS BY IMTIAZ BUHARDEEN
by Gowri123 Yesterday at 4:38 pm

» When will supply chain disruptions ease?
by Gowri123 Yesterday at 4:08 pm

» We’re seeing a shift toward international and value stocks, says Schwab’s Kleintop
by target1 Yesterday at 2:40 am

» Wall Street stumbles as consumer pessimism stokes growth fears
by target1 Yesterday at 2:34 am

» Free Market Capitalism vs. Crony Capitalism
by target1 Yesterday at 2:30 am

» Sri Lankan corporations reap large profits as workers and rural toilers face poverty and starvation
by CHRONICLE™ Tue Jun 28, 2022 6:37 pm

» අද රාත්‍රියෙන් පසු, යක්ෂයාගේ හෝරාව ඇරඹේ!
by God Father Tue Jun 28, 2022 6:13 pm

» Derana 360 with Minister Dhammika Perera
by samaritan Tue Jun 28, 2022 1:07 pm

» CENTRAL INDUSTRIES PLC (CIND.N0000)
by LHW Tue Jun 28, 2022 9:24 am

» Breaking News- Kanchana to go to Qatar ; 2 more ministers off to Russia
by Beyondsenses Tue Jun 28, 2022 8:13 am

» PM thanks President Biden for assuring US support to Sri Lanka
by Beyondsenses Tue Jun 28, 2022 8:07 am

» Sri Lanka Stock Market heading toward ASPI 4500
by God Father Mon Jun 27, 2022 9:14 pm

» Why no power cuts in certain areas of Colombo?
by God Father Mon Jun 27, 2022 8:03 pm

» කොළඹ රාජකීය ගොල්ෆ් සමාජය විසින් රජයේ දේපළ අවභාවිත කිරීම
by ddindika Mon Jun 27, 2022 9:33 am

» LOLC to enter the giant Indian Market
by samaritan Mon Jun 27, 2022 9:17 am

» LOLC HOLDINGS PLC (LOLC.N0000)
by CHRONICLE™ Mon Jun 27, 2022 6:46 am

» SOEs within Minimum Programme for Economic Recovery
by CHRONICLE™ Mon Jun 27, 2022 6:44 am

» COVID WAVES: Can there be another Covid-19 wave in Sri Lanka?
by CHRONICLE™ Mon Jun 27, 2022 6:36 am

» Luminex Limited lists on the Diri Savi Board after a capital raise of Rs. 250 Million
by CHRONICLE™ Mon Jun 27, 2022 6:34 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » දකුණු ආසියාවේ ජගත් මුවදොර

දකුණු ආසියාවේ ජගත් මුවදොර

Go down  Message [Page 1 of 1]

CHRONICLE™

CHRONICLE™
Admin

කොළඹ වරාය නගරය පිළිබඳ විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත වැඩි ඡන්ද අනූ එකකින් සම්මත වී ඇත. පක්ෂව ඡන්ද එකසිය හතළිස් නමයක් ද, විපක්ෂව ඡන්ද පනස් අටක් ද ලැබී තිබිණි. මෙයින් පෙනී යන්නේ මහජන නියෝජිතයන්ගෙන් බහුතරය රටේ අනාගත ආර්ථික දියුණුව ගැන කල්පනා කරන බව හා ඔවුනට ලෝක ආර්ථික ක්‍රියාවලිය ගැන හොඳ දැනුමක් ද ඇති බවය. විපක්ෂයේ කිහිප දෙනකු ද වරාය නගරය හොඳ ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දී ඇත. ඔවුන් ඊට පක්ෂව ඡන්දය දීමෙන් වැළකී සිටියේ ඇත්ත කියමින් පක්ෂයත් ආරක්ෂා කර ගැනීමේ අදහස මත යැයි සිතන්නට පුළුවන. මේ පනත සම්මත වීමත් සමඟ වරාය නගරය ක්‍රියාත්මක වෙයි. ජනාධිපතිවරයා මේ වන විටත් විදේශීය සමාගම්වලට ආයෝජනය සඳහා ආරාධනා කර ඇත.

දේශපාලන ඉතිහාසය ගත හොත් අපට වැරුදුණු තැන් ගණනාවක් තිබේ. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නිදහස් ආර්ථික කලාපවලට රටේ දේශපාලකයෝ විරුද්ධ වූහ. ආර්. ප්‍රේමදාස මහතාගේ ඇඟලුම් කම්හල් වැඩසටහනට දේශපාලකයෝ විවේචන ඉදිරිපත් කළහ. එහෙත් අද මේ රටේ ආර්ථිකයට වැඩිම ශක්තිය හිමි කර දෙන්නේ ඉහත වැඩසටහන්ය. නිදහස් ආර්ථික කලාප නිසා විදේශීය ආයෝජකයෝ ශ්‍රී ලංකාවට පැමිණියහ. ඇඟලුම් කම්හල් වැඩසටහන නිසා රටේ තරුණ පරපුර ජීවත් වෙති. ඒ හැරෙන්නට රටට විදේශ විනිමය ලබා දෙන ප්‍රධාන මාර්ගයක් ලෙස ද එය පවතී. ලෝකය සමඟ බද්ධ වන අලුත් ආර්ථික වැඩසටහන්වලට විරුද්ධ වීම මෝඩකමක් බව තේරුම් ගැනීමට එම උදාහරණ දෙක ප්‍රමාණවත්ය.

ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනා ගත් ආචාර්ය ඊ.එෆ්. ෂූමාකාර්, නිතර අවධාරණය කළ වාක්‍යයක් තිබේ. එනම් රටවල් තම-තමන්ට ඔරොත්තු දෙන හා ලෝකයට විවෘත වන ව්‍යාපෘති ආරම්භකොට පවත්වාගෙන යා යුතු බවය. ඔහු සඳහන් කරන තවත් යුගල පදයක් වන්නේ ආර්ථික අඛණ්ඩතාව යන්නය. ඉන් අදහස් වන්නේ ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවය. නිදහස් වෙළෙඳ කලාප අඛණ්ඩව පවත්වාගෙන යා යුතුය. ඇඟලුම් කම්හල් අඛණ්ඩව පවත්වාගෙන යා යුතුය. ඒවායෙහි ප්‍රතිඵල ලැබෙන්නේ එවිටය. ශ්‍රී ලංකාවේ තට්ටුමාරු දේශපාලන ක්‍රමයක් පවතින බැවින් ඉහත වැඩසටහන්වලට වරින්වර බාධා එල්ල වී ඇත. එසේ නොවන්නට අපේ ආර්ථිකය මීට වඩා දියුණු තැනක පවතිනු ඇත.

ලෝකය පුරා වරාය නගර පන්දහස් ගණනක් පවතී. ඉන්දියාවේ පමණක් වරාය නගර තුන්සිය ගණනක් ඇත. මේ සෑම කලාපයක්ම හඳුන්වන්නේ නිදහස් ආර්ථික කලාප හැටියටය. ඒවායෙහි විදේශ ගනුදෙනු හා විදේශ ව්‍යාපාර යහමින් පවතින අතර, විශාල පිරිසකට රැකියා අවස්ථා උදා වෙයි. විදේශ විනිමය ඉපයීම සඳහා ද තරුණ පරපුරට නව රැකියා හිමිකර දීම සඳහා ද වරාය නගර භාවිතා වෙයි. මේ හැරෙන්නට අන්තර්ජාතික සහයෝගිතාව ගොඩනැඟීම සඳහා ද වරාය නගර ව්‍යාපෘති භාවිත වන බව පෙනෙයි. චීනය හා කැනඩාව අතර ඉතා හොඳ සබඳතා පවතී. කැනඩාවේ වෑන්කූවර් වරාය නගරය තුළ ‘චයිනා ටවුන්‘ නමින් විශේෂ ආර්ථික කලාපයක් ද තිබේ. කැනඩාවේ කිසිවකු ඊට විරුද්ධ නැත.

කිසිදු රාජ්‍යයකට හුදෙකලාවේ දියුණු විය හැකි මාර්ග නැත. ලෝකය ඉදිරියට යන්නේ සාමූහික ගනුදෙනු මතය. මෙය හොඳින්ම වටහා ගත් රාජ්‍යය චීනය යැයි කිව හැකිය. චීනය ස්වයංපෝෂිත දේශීය ආර්ථිකය යන්න අතහැර බොහෝ කාලයක් ගත වී ඇත. ලෝකය සමඟ ගනුදෙනු කිරීම හා ව්‍යාපාර පවත්වා ගැනීම චීන ආර්ථිකයේ විශේෂ ලක්ෂණයකි. නූතන චීනය පළමුව ස්වකීය ගනුදෙනු ආරම්භ කළේ අප්‍රිකාව සමඟය. දෙවනුව යුරෝපය සමඟය. තෙවනුව ආසියාවේ කුඩා රාජ්‍යයන් සමඟය. චීනය අද මුළු ලෝකය සමඟම ගනුදෙනු කරන අතර, අමෙරිකාව පරදා ආර්ථික අතින් ඉදිරියට යමින් සිටී. මේ වන විටත් ලෝකයේ නිල නොවන ආර්ථික බලවතා චීනයයි. කොරෝනා වසංගතය තුළ පවා ආර්ථිකය පවත්වා ගැනීමට සමත් වූ රාජ්‍යය චීනය වෙයි.

චීනයෙන් අපට ගත හැකි ආධාර උපකාර මෙන්ම ආදර්ශ ගණනාවක් ද තිබේ. එයින් වටිනාම ආදර්ශය වන්නේ විවේචනවලට කන් නොදී අඛණ්ඩව වැඩ කර ගෙන යෑමය. කොවිඩ් - 19 වයිරසය සම්බන්ධයෙන් අමෙරිකාව චෝදනා ගොනු කළේ චීනය වෙතටය. චීනය ලෝක වසංගතයක් ආරම්භ කළ බව අමෙරිකාව කියා සිටියේය. චීනය ඊට උත්තර දෙනු වෙනුවට කොරෝනා පාලනය කළ හැකි උපායමාර්ග සොයාගෙන ගියේය. ඒ අතර ආර්ථිකය යථා තත්ත්වයෙන් පවත්වාගෙන ගියේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිගමනයට අනුව කොවිඩ් වයිරසය චීනයට කඩා වැදී ඇත්තේ විදේශයකින්ය. ලෝක ආර්ථික සංවිධානවල පුරෝකථනවලට අනුව වසංගතය තුළ පවා ආර්ථිකය හොඳින් නඩත්තු කරන රට චීනය වෙයි.

විපක්ෂය චීන භීතිකාවක් මහජනයා අතර ව්‍යාප්ත කරමින් සිටී. මෙහි පෙරමුණ ගෙන ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ යැයි කිව හැකිය. ජනතා විමුක්ති පෙරමුණ 1988/89 කාලයේ ඉන්දියානු භීතිකාවක් ගොඩනැඟීමට උත්සාහ කළේය. ඉන්දීය ආයෝජන හා ඉන්දීය නිෂ්පාදන රටට අවශ්‍ය නැතැයි හඬක් ගෙන ගියේය. වරෙක ඔවුන්ගේ අදහස වූයේ ඉන්දියාවෙන් ගෙන්වන පරිප්පුවලට භූමිතෙල් දමා ඒවා විනාශ කළ යුතු බවය. ජ.වි.පෙ තරුණයෝ එසේ කළහ. එහෙත් ශ්‍රී ලංකාව පරිප්පු ගෙන්වන ප්‍රධාන රට තුර්කිය මිස ඉන්දියාව නොවේ. අවසන් ලෙස ජ.වි.පෙ කාඩර්වරු තුර්කි පරිප්පුවලට භූමිතෙල් දමා ගිනි තබා ඉන්දියාවට විරෝධය දැක්වූහ. රටේ දේශපාලන පක්ෂවල පුහු විරෝධතා මෙයින් වටහා ගත හැකිය.

http://www.dinamina.lk/2021/05/22/කතුවැකිය/122621/දකුණු-ආසියාවේ-ජගත්-මුවදොර

https://www.srilankachronicle.com

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum