මෙම මිළදි ගැනිමේ සංඥා බොහෝමයක් ජනප්රිේය කොටස් වල දැන් දක්නට ලැබෙමින් පවතින අතර ඒ සමගින් කොටස් වෙළෙඳ පොල පෙරළිකාර ආයෝජකයින් ක්ෂණික වාසි අපේක්ෂාවෙන් යුහුසුළුව තම ආයෝජනවල නිරත වන ආකාරයක් මේ දිනවල සුලබව අසන්නට දකින්නට ලැබෙන බව නම් නොඅනුමානය.පසුගිය දිනවල සිදු වු අනිවාර්ය විකුණුමි වලින් බට කෑ සාමාන්යම ආයෝජකයින්ට උදා වු මෙම තත්ත්වය තමනගේ අලාභ සමනය කර ගැනිමට මහගු අවස්ථාවන් රැසක් උදා කර දි ඇති බවත් වෙසෙසින් සදහන් කළ යුතුය.
GREG සමුහයේ නැගි සිටිම වෙළෙඳ පොල මෙම නව පිබිදිමට විශාල උත්තේජනයක් ලබා දි ඇති බවද පෙනෙන්නට තිබේ.මේ අනුව පසුගිය මාස 09 ක් තිස්සේ GREG සමුහයේ කොටස් බිද වැටිමි හමුවේ ,අර්බුදයට පත් ආයෝජකයිනට යළි අස්වැසිල්ලක් උදා වි ඇති අතර අපේ පුරෝකතන පරිදි ලබන සතියේ මැද භාගය වන විට මෙම සමුහයේ සියළු කොටස් හා කොටසේ බලපත්රි වල පසුගිය දින වල සිදු වු සියළු අලාභ පාඩු මකා දමමින් මිල ඉහළ යාමක් සිදු වනු ඇත.
පවතින මෙම හිතකර තත්ත්වයන් තවදුරටත් අඛණ්ඩව ක්රිලයාත්මක වුවහොත් අඛණ්ඩව තෙවැනි වසරටත් ලොව හොදම කොටස් වෙළෙඳ පොල අතර නම රදවන්නට කොළඹ කොටස් වෙළෙඳ පොලට හැකියාවක් ලැබෙන බව නොඅනුමානය.
වැලිබල් වන් තමන්ගේ අධි දායකත්වයක් ලද කොටස් මුදල් නැවත පියවිමට පියවර ගෙන ඇති අතරේ GREG W0001 මුල් කල් පිරිමේ දිනය හෙටට(07th) යෙදි ඇත. GREG සමුහයේ මිල ඉහළ යාමේ ප්රැවනතා හමුවේ නැණවත් ආයෝජකයින් මේ ගැන සිතා බලා සුදුසු පියවර ගනු ඇතැයි සිතිය හැකිය.
ගෙවි ගිය ජුනි අග සතියේ වැඩිමනක් පෙරළිකාර ආයෝජකයින් තමන්ගේ ජනප්රිිය කොටස් ආයෝජන අනිවාර්ය විකුණුමි බලපෑමි මත විකුණා සමපේක්ෂන වැඩි ලාභ අපේක්සාවෙන් GREG සමුහයේ කොටස් මත යැපෙනු දක්නා ලදි
Currently only LITE හා CLPL තවමත් මිලදි ගැනිමේ සංඥා නිකුත් කරමින් පවතිද්දි අනික් ජනප්රි ය කොටස් තවමක් රදවා ගැනිමේ සංඥා නිකුත් කරයි.මෙම තත්ත්වයන් ඇතැමි විට අද දින වෙනස් වි යා හැක.
අඩුවන උද්ධමන ප්ර වනතා මහ බැංකුවට තමන්ගේ ප්ර තිපත්තිමය පොලි තවත් ලිහිල් කිරිමට අවස්ථා උදා කර දි ඇත.
පාරිභෝගිකයා ආධිපත්යායක් නොදරන ශ්රීන ලංකා ආර්ථීකය තුල තවදුරටත් ඉල්ලුමෙන් ඇදුන උද්ධමනයක් රට තුල ඇති නොවන බව මහ බැංකු මහ විශාරදයින් සිහි තබා ගත යුතු අතරේ ආසියාවේ ආශ්චර්ය විමට නමි මහ බැංකුවේ ප්රදතිපත්තිමය පොලි අනුපාත සියයට 05 ක මට්මකටවත් පහළ හෙලිය යුතු බවද අවධාරණය කළ යුතුව ඇත.
ජාත්ය න්තර තත්ත්වයන් තුල ඇමෙරිකාණු ආර්ථීකය අලුත් හුස්මක් ගනිමින් සිටිද්දි ,04 දා උදා වු නිදහස් දින නිවාඩු විවේකය භූක්ති විදින ආකාරයක්ද දක්නට ලැබේ
මේ අනුව,ඇමෙරිකාණු වෙළෙඳ පොළ නැවත පිබිදෙමින් S&P 500 තාක්ෂණික බාධකය බිද දමමින් සිටින අයුරු පෙන්නුමි කරයි.
සියළු කොටස් හා හා මිලංකා මිල දර්ශකයේ සාපේක්ෂ බල දර්ශක දිනපතා ප්ර ස්ථාර යමි නැගිමක් පෙන්නුම් කරයි.. 30& 39!!! සියළු කොටස් හා හා මිලංකා මිල දර්ශකයේ සාපේක්ෂ බල දර්ශකය (Relative Strength Index (RSI)) මේ වන විට අධි විකුණුමි කලාපයෙන් ඔබිබට විතැන්විමක් පෙන්නුම් කර ඇත.
මෙහි අන්තර්ගත දෑ සියල්ල, කැපිටල් ට්රිස්ට් පර්යේෂණ අංශය වෙත ලැබුණු විශ්වාශවන්ත තොරතුරු මුලාශ පදනම් කර සැකසුණකි.