FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Marina development in Port City poised to redefine tourism & maritime industries - LOLC Group MD
by samaritan Yesterday at 9:50 am

» HSENID BUSINESS SOLUTIONS PLC (HBS.N0000)
by soileconomy Yesterday at 1:51 am

» Abans Electricals
by Rare Sat Jan 11, 2025 1:47 pm

» Asian stocks drift higher amid rate cut speculation; Japan lags
by Rare Sat Jan 11, 2025 4:09 am

» Large cap Sri Lankan companies
by Rare Sat Jan 11, 2025 3:46 am

» Convenience Foods Lanka
by Rare Sat Jan 11, 2025 3:12 am

» Sri Lankan stocks with the best yearly performance
by Rare Fri Jan 10, 2025 1:18 pm

» Sri Lankan companies with the highest dividend yields
by Rare Fri Jan 10, 2025 1:16 pm

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
by soileconomy Fri Jan 10, 2025 6:45 am

» Colombo Stock Market ASPI to reach 22,000 in 2025
by Rare Mon Jan 06, 2025 11:54 am

» CSE to turn bullish after November 14 poll
by Rare Mon Jan 06, 2025 11:20 am

» Plantation Companies
by blindhog Sun Jan 05, 2025 12:00 pm

» Great Value - High Importance
by Rare Sun Jan 05, 2025 7:20 am

» Colombo Stock Market: Where are we heading?
by Rare Tue Dec 31, 2024 10:48 am

» CSE IS UNDERVALUED: THE BEGINNING OF A GROWTH TRAJECTORY
by D.G.Dayaratne Tue Dec 31, 2024 5:40 am

» Millennial Capital Youtube Channel
by MillennialC Sun Dec 29, 2024 9:56 pm

» Bullish about a sustainable turnaround - CSE Chairman
by Rare Sun Dec 29, 2024 7:04 am

» LOLC Holdings & LOFC shines together in LMD's top 20 by profit for FY 23/24
by Equity Win Fri Dec 27, 2024 1:59 pm

» Good Times Ahead for LIOC
by Dilip Mon Dec 16, 2024 7:02 pm

» CIC Holdings PLC, signs agreement with SLINTEC - New herbicide formulation for the company’s Crop Solutions Division
by sakuni Sun Dec 15, 2024 8:42 pm

» CIC Holdings Impressive 2Q Financial Results
by nilantha suranga Sun Dec 15, 2024 2:38 pm

» Sri Lanka CIC Holdings to invest US$14mn n expansion
by rukshan1234 Sun Dec 15, 2024 8:48 am

» CIC Holdings Good Times Ahead
by Shiranli Sat Dec 14, 2024 8:16 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

ආයෝජනයකදී සිදුවන යාන්ත්‍රණය - කතාවකින්

3 posters

Go down  Message [Page 1 of 1]

sameeramlc

sameeramlc
Equity Analytic
Equity Analytic


අද කතාවක් හරහා තමයි මේක විස්තර කරන්න හදන්නෙ. යම් සමාගමක් බිහිවීමේ සිට කොටස් මිලට ගැනීම, විකිණීම, කොටස් මිල ඉහළ යාම, පහළ යාම....... කියන දේවල් වෙන හැටි අපි අද කතාවක් අනුසාරයෙන් බලමු.

ව්‍යාපාරයක් ඇරඹිණි (Company/Business started)
සිරිල් කියන්නෙ හොඳ ගොවියෙක්. ඔහුට ආසාවක් ඇති උනා, පොල් වත්තක් අරඹන්න. මොකද ඔහුට තේරුනා ඒ සඳහා හොඳ ඉල්ලුමක් තියෙනවා කියල. ඉතින් ඔහු ඔහු ලඟ තිබෙන මුදල් හා ණය මුදලක් අරගෙන ගැළපෙන විදිහෙ ඉඩමක් හා තවත් දේවල් කිහිපයක් මිලට ගත්ත. නමුත් ඔහුට අමතක උනා පොල් පැළ ගන්න මුදල් අවශ්‍ය වග. හොයාගෙන යනකොට ඔහුට හම්බ උනා ඉතා ඉක්මනින් ඵලදාවක් ලබා දෙන පොල් විශේෂයක් විකුණන තැනක්. ඔහුට අවශ්‍ය පැළ ලබා ගන්න රු.5,000ක් අවශ්‍ය උනා. නමුත් ඔහු ලඟ තියෙන්නෙ රු.2,500ක් පමණයි. ඉතින් මොකද කරන්නෙ???

වර්ධනය සඳහා මුදල් රැස්කිරීම වෙනුවෙන් ජනතාවට ආයෝජනයට අවස්ථාව ලබා දීම. (Initial Public Offering for raising capital)
සිරිල් මොකද කරන්නෙ, තමුන්ගෙ හොඳම මිතුරන් 5 දෙනෙක් හමුවෙන්න යනව, ඔබත් එක්කෙනෙක්. ඔහු ඔබ එකිනෙකාගෙන් රු.500 බැගින් ඉල්ලා සිටිනවා. ඔහු ඒක ණයක් වශයෙන් නෙමෙයි ඉල්ලන්නෙ, මොකද ඔහුට හරියටම කියන්න බෑ ණය ගෙවීම සඳහා ඔහුට ආදායමක් ලැබෙයිද කියල, නමුත් ඔහු පොරොන්දු වෙනවා තමුන්ට ලැබෙන ආදායමෙන් කොටසක්, ඔවුන් දුන්නු මුදලට අනුව ලබා දෙන්න. ඔවුනුත් ඊට ඒකට එකඟ උනා.
වෙනත් වචනවලින් කිව්වොත් මෙතන සිද්ද උනේ සිරිල් තමුන්ගේ පොල් වත්තෙන් කොටසක් තමුන්ගේ මිතුරන්ට ලබා දීම. (shares)

සහකරුවෙකු හා කොටස් හිමියෙකු වීම අතර වෙනස (Partners and Share Holders)
ඉතින් මේ පොල් පැළ ඉතාම වේගයෙන් වැවුනා, පළමු අවුරුද්දෙම ඵලදාව හටගත්ත. මුලින්ම පොල් ගෙඩි 100ක් හැදුන. ඉතින් පොල් පැළ වෙනුවෙන් සිරිල් 50%ක් වියදම් කරපු නිසා ඔහු පොල් ගෙඩි 50 තියාගෙන ඉතිරි පොල් ගෙඩි 50 මිතුරන් 5 දෙනා ඒ කියන්නෙ ආයෝජකයින් 5 දෙනා අතරේ සමව බෙදල දෙන්න තීරණය කළා. ඔවුන්ට මේ පොල් ගෙඩි පරිභෝජනය කරන්නත් පුළුවන් විකුණන්නත් පුළුවන්.
ඉතින් මේ ආයෝජකයින් එකතු වෙලා පොඩි සාකච්ඡාවක් පැවැත්වුවා. එයාල එයාලගෙ කොටස් ලබා ගන්නවද නැතිනම් සිරිල්ටම ඒ පොල් ගෙඩි ටික විකුණන්න කියල මුදල ගන්නවද කියල. ඔවුන් තීරණය කළා සිරිල්ටම පොල් ගෙඩි ටික විකුණන්න ඉඩ දීල ලාභය අතට ගන්න. (General meeting) ඉතින් සිරිල් ඒ ටික විකුණල, ලාභය ඔවුන්ට ලබා දුන්න. ඒ විතරක් නෙමෙයි සිරිල් පොඩි ලියවිල්ලක් හැදුව "සිරිල් සහ සමාගමේ එක් කොටසක් ඔබට හිමියි. ඒ සඳහා සමාගමේ ලාභයෙන් 10%ක් ඔබට අයිතියි" කියල.

අව මිල සහිත සිරිල්ගේ සමාගමේ කොටස් අලෙවි වෙයි (Trading of Undervalued Stocks)
ඉතින් ඔන්න දැන් සිරිල්ගේ පොල් වත්ත ඉතාම සරුසාරයි. දැන් ඔහුගේ වත්තෙන් පොල් ගෙඩි 500ක ඵලදාවක් තිබෙනවා. ඔහු ඒ පොල් ගෙඩියක් රු. 20 ගණනේ විකුණනවා. ආදායම රු. 10,000/=යි. ඔහු දැන් මිතුරන්ට (කොටස් හිමියන්ට) රු. 1,000 ගණනෙ ලබා දෙනවා. සිරිල් තමුන්ගේ රු. 5,000න් තවත් පොල්පැළ මිලට ගෙන සිටුවනවා. ඒවාත් ඉතාම වේගයෙන් වැඩිල, ඵල හට ගන්නවා. දැන් සිරිල්ට රු. 20,000ක ආදායමක් ලැබෙන පොල් වත්තක් තිබෙනවා.
ඉතින් මේක දැකපු සිරිල්ගේ අසල්වැසියෙක් වන නිමල්ටත් මේකට සම්බන්ධ වෙන්න ඕනෙ වෙනවා. ඒ අතරේ සිරිල්ගේ සමාගමේ කොටස් හිමියෙක් වෙන සුනිල් තමුන්ගේ කොටස් විකුණන්න කැමත්තෙන් ඉන්නවා. ඉතින් නිමල්, සුනිල්ට රු. 500ක් (bid price) දෙන්න කැමතියි මේ කොටස මිලට ගන්න. ඒත් සුනිල් මෝඩ නෑ, ඔහු දන්නවා දැනටමත් මේ සමාගම කොටසකට රු. 2,000ක් උපයනවා කියල. ඉතින් සුනිල් ඒ කොටස සඳහා රු. 2,000ක් ඉල්ලනවා (ask price) නිමල්ගෙන්.නිමල් එවෙලෙම කැමති වෙලා කොටස ඒ මිලට, මිලට ගන්නවා. (trading happens)

පොඩි රැවටිලිකාර දෙයක් සිද්ධ වෙනවා. (Bubble Formed)
සිරිල්ගේ අනෙක් කොටස් හිමි මිතුරන් දකිනවා සුනිල් කරපු දේ හා ඔහුට ලැබුනු මුදල, ඉතින් ඔවුන්ටත් තමුන්ගේ කොටස් විකුණන්න ඕනෙ වෙනවා. (කොටස් හිමියන්) අනිත් පැත්තෙන් සිරිල්ගේ තවත් අසල්වැසියන්ට මේකට සම්බන්ධ වෙන්න ඕනෙ වෙනවා (ආයෝජකයින්), ඔවුන් දැක්කනෙ නිමල්ගේ ආයෝජනය කෙතරම් ඉක්මනින් සිදු උනාද කියන එක.
ඉතින් මෙහෙම එහෙට මෙහෙට කොටස් අලෙවි වෙලා, (trading of shares) කොටසක මිල රු. 5,000 දක්වා ඉහළ යනවා. ඒක සිරිල්ගේ පොල් වත්තේ ආදායමටත් වඩා ඉහළ අගයක්. (කොටස් අධි මිලට අලෙවි වෙනවා) සිරිල්ගේ මුල්ම ආයෝජකයින්ගෙන් එකම එක්කෙනෙක් පමණයි තවමත් තමුන්ගේ කොටස තියාගෙන ඉන්නෙ. ඒ ගයාන්. රු. 6,000ට ඉල්ලුවත් ඔහු ඒක තියාගෙන ඉන්නෙ, ඒකෙන් තමුන්ට ස්ථිර ආදායමක් ලැබෙන නිසයි. (fixed income=dividends)
ඉතින් මේ අතරෙ, පොල් කුරුමිණියෝ නිසා සිරිල්ගේ මුලු පොල් වගාවම විනාශ වෙනවා, වසරකම ආදායම නැති කරල දාමින්. ඉතින් කොටස් හිමියන්ට හරිම ප්‍රශ්නයක්, ඇයි ඔවුන් කොටස් මිලට ගත්තේ තමුන්ගේ වැඩ වලට ඉතිරි කරගත්තු මුදල් වලින්නෙ. (margin traded)

රැවටිල්ල කඩා වැටෙනවා (Bubble Bursts)
ඉතින් යළි මුදල් අවශ්‍ය කොටස් හිමියන්ගෙන් දෙදෙනෙක්, තමුන්ගේ කොටස් යළිත් රු. 2000ට ගයාන්ට විකුණනවා. (කොටස් මිල පහළ යනවා) දැන් ඔහු ලඟ සිරිල්ගේ සමාගමේ කොටස් 3ක් තිබෙනවා. අනිත් කොටස් හිමියන් දෙදෙනාත් ඒකම කරන්න උත්සාහ කළත් ගයාන්ට කොටස් 3ක් ඇති, ඉතින් ඔහු තවත් මිලට ගන්න සූදානම් නෑ.
ඉතින් දැන් අනිත් කොටස් හිමියන් දෙදෙනාට හරිම ප්‍රශ්නයක්. ඉතින් මෙන්න ජයන්ත මේ කොටස් වලට රු, 1,500ක් ගෙවන්න කැමතියි. මොනව කරන්නද, ඒ කොටස් හිමියන් දෙදෙනා රු. 1,500 බැගින්තමුන්ගේ කොටස් දෙක ජයන්තට ලබා දෙනවා. (තවත් කොටස් මිල පහළ යනවා)
මේ කෙසේ වෙතත් සිරිල්ගේ පොල් වලට තිබෙන ඉල්ලුම එහෙමමයි,ඉතින් සිරිල්ට කොහොම හරි මේ පොල් කුරුමිණියන් ඉවත් කරල ආපහු පොල් ගස් ටික ගොඩ ගන්න ඕනෙ. නමුත් ඒකට කෘමිනාශක ගන්න සිරිල්ට මුදල් අවශ්‍යයි.

සිරිල් බැඳුම්කර නිකුත් කරයි. (Issuing of Bonds)
ඔහුගේ මිතුරන්ට සිදුවූ බොරුව නිසා යළිත් කොටස් නිකුත් කරන්න සිරිල්ගෙ උනන්දුවක් නෑ. ඔහු හිතනවා ණය මුදලක් ගන්න. නමුත් එකක් දැනටමත් අරගෙන නිසා ඔහුට යළිත් ණයක් ගන්න බෑ.
ඉතින් ඔහු බලනවා ඔහු ලඟ තිබෙන උපකරණ වලින් විකිණිය හැකි දේවල් තිබෙනවාද කියල. ඔන්න ඔහුට එනවා හොඳ අදහසක්. ඔහුගේ ලඟ තිබෙනවා භාජන ටිකක්. පොල් ඵලදාව නැතිව ඒවායින් වැඩක් නෑ, නමුත් යළිත් ඵලදාව ලැබෙනකොට ඒවා ඕනෙ වෙනවා.
ඉතින් සිරිල් කතා කරනවා ඔහුගේ අසල්වැසියා නිමල්ට.
"නිමල් මගෙ මිත්‍රයා, මම ඔබත් එක්ක පොඩි ගනුදෙනුවක් කරන්න කැමතියි. මගෙ මෙන්න මේ භාජන ටික රු. 5,000ක් වටිනවා. නමුත් මම හැමතියි ඒව ඔබට රු. 3,000ට විකුණන්න. නමුත් ලබන මාසයේදී මම ඒවා ඔබෙන් යළි මිලට ගන්නවා රු. 5,000ට" හ්ම්ම්. නිමල් මේ ගැන හිතල බලනවා, නරකම දෙයක් උනොත් ඔහුට ඒ භාජන ටික විකුණල දාන්න පුළුවන්නෙ. නැත්තම් මේක ලාභදායක වැඩක්නෙ, ඉතින් ඔහු ඒකට කැමති වෙනවා. ඉතින් ඒ ගනුදෙනුව සිද්ධ වෙනවා.
"මේකනෙ නිමල්, මේ ටික එහාට මෙහාට ගෙනියන එක කරදරයිනෙ, ඉතින් අපි මෙහෙම කරමු" කියපු සිරිල්, මේ ගනුදෙනුවට ලියවිල්ලක් සකසනවා.
නිමල් මෙහෙම අහනවා "මොකද්ද පොරොන්දු පත්‍රයක්ද?"
සිරිල් කියනවා, "ඔව් ඒ වගේ එකක් තමා, නමුත් අපි මේකට බැඳුම්කරයක් (Bond) කියල කියමු."
ඔන්න ඉතින් ඒ මුදලෙන් සිරිල් කෘමිනාශක අරගෙන ඔක්කොම පොල් කුරුමිණියන් ඉවත් කරල ආපහු පොල් වත්ත ගොඩ ගන්නවා. අර කිව්ව කාලයට පස්සෙ නිමල්ට මුදල් පොරොන්දු වූ පරිදි මුදල් ගෙවල යළිත් ඒ භාජන වල අයිහියත් ලබා ගන්නවා.

යළිත් ඔක්කොම යථා තත්වයට.

මොකද්ද මේකෙන් ඉගෙනගන්න පුළුවන්?
මේ කථාව හරහා කොටස් වෙළඳපළ ආයෝජනයේ සියළුම කොටස් නම් ආවරණය උනේ නෑ. නමුත් මෙහිදී එක් දෙයක් ඉතාම තදින් කියවුනා, ඒක තමයි, සිරිල්ගේ සමාගමේ කොටස් වල මිල තීරණය උනේ ආයෝජකයින්ගේ අදහස් මත කියන එක. ඒක සිරිල්ගේ පොල් වත්තේ ආදයම මතම යැපුනේ නෑ.
කොටස් වෙළඳපළ කියන්නේ වෙන්දේසියක්. කිසිම කොටසකට අදාල වටිනාකමක් නෑ. හැම වෙලේම ඒ වෙලාවට අනුව ඒ කොටසේ වටිනාකම වෙන්නෙ ඒ වෙලාවේදී ආයෝජකයින් ඒ වෙනුවෙන් වියදම් කරන්න බලාපොරොත්තු වෙන මිලයි.
මේ වටිනාකමේ විචලනය හරහා තමයි ආයෝජකයින් ලාභ ලබන්නේ. ඒක එක් වෙලාවකට නරකටත් තවත් වෙලාවක හොදටත් හිටිනවා. ඔබ අවමිලට කොටසක් ගත්තොත් ඔබල ලාභ ගන්නත්, අධිමිලට කොටසක් ගත්තොත් ඔබට අලාභයක් සිදුවෙන්නත් සිදු වෙනවා.

http://www.guidetocse.com/2010/11/blog-post_15.html#axzz1ROPPUF1p

dewminigamlath


Manager - Equity Analytics
Manager - Equity Analytics

ඉතා හොඳ සහ නිර්මාණශීලී කතාවක්. කොටස් වෙළෙඳපොළක සාමාන්‍යයෙන් සිදු වෙන දේවල් බොහොමයක් ලස්සනට පැහැදිලි කරලා තියෙනවා.

sameeramlc

sameeramlc
Equity Analytic
Equity Analytic

This is not my creation,I got this from Guide to CSE Blog

ISURU

ISURU
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Interesting!
This is another version of the monkey story. Have you heard it?



Last edited by ISURU on Thu Jul 07, 2011 3:03 pm; edited 1 time in total

ISURU

ISURU
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Once upon a time in a village, a man appeared and announced to the villagers that he would buy monkeys for $10 each.

The villagers, seeing that there were many monkeys around, went out to the forest and started catching them. The man bought thousands at $10 and as supply started to diminish, the villagers stopped their effort.

He further announced that he would now buy at $20. This renewed the efforts of the villagers and they started catching monkeys again.

Soon the supply diminished even further and people started going back to their farms.

The offer increased to $25 each and the supply of monkeys became so little that it was an effort to even see a monkey, let alone catch it!

The man now announced that he would buy monkeys at $50! However, since he had to go to the city on some business, his assistant would now buy on behalf of him.

In the absence of the man, the assistant told the villagers; “Look at all these monkeys in the big cage that the man has collected. I will sell them to you at $35 and when the man returns from the city, you can sell them to him for $50 each.”

The villagers rounded up with all their savings and bought all the monkeys. Then they never saw the man nor his assistant, only monkeys everywhere!

Now you have a better understanding of how the stock market works.

Are you left with monkeys?

Source : StocksWatch's post.

sameeramlc

sameeramlc
Equity Analytic
Equity Analytic

Good one

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum