වසර හතළිහක් පුරා කාර්යක්‍ෂමව සිය සේවාවන් ලබාදෙන රේණුකා හෝටලය සහ රේණුකා සිටි හෝටලය ව්‍යාපාර අවශ්‍යතා සඳහා සහ විවේකය ගත කිරීමට එන සංචාරකයන්ට විශිෂ්ට ගණයේ සේවාවන් ලබා දෙයි. 'Rediscover Renuka' යන තේමාව යටතේ කළ ප්‍රතිසංස්‌කරණය කටයුතු මගින් හෝටලයේ බාහිර පෙනුම සහ සේවාවන්ගේ කාර්යක්‍ෂමතාව විශිෂ්ට ලෙස වැඩි දියුණු වී ඇත. නිරන්තරයෙන් පැමිණෙන්නන් සහ වැඩිහිටි පරම්පරාව අතර රේණුකා සිටි හෝටලය විශාල ජනප්‍රියත්වයක් ලබා ඇති අතර මෙම නැවත ඉදිකිරීමේ ප්‍රධාන ඉලක්‌කය වන්නේ නව තරුණ පරපුර ආකර්ෂණය කර ගැනීමයි. එමගින් හෝටලයේ පැවැත්ම ඉදිරියට ගෙන යැම තහවුරු වේ.
ඒකාබද්ධ කළමනාකාර අධ්‍යක්‍ෂිකා අර්නිලා තම්බිඅයියා මහත්මිය සිය අදහස් දක්‌වමින් ප්‍රකාශ කළේ, මෙම හෝටලය නැවත නිර්මාණය කර ඇත්තේ, වැඩිවෙමින් පවතින සංචාරකයන් සහ ඔවුන්ගේ වෙනස් වන අවශ්‍යතාවන් සපුරාලීමට බවයි. රේණුකා සිටි හෝටලය විවිධ අන්තර්ජාතික මට්‌ටමේ පහසුකම් සහ සේවාවන් හොඳම මිලට ලබා දෙයි.
http://www.divaina.com/2011/02/20