මේ අනුව, සමස්ත මිල දර්ශකය සියයට 2.71 කින් වැඩිවී ඒකක 6,452.28 ක්වූ අතර මිලංක මිල දර්ශකය සියයට 2.49 කින් වැඩිවී ඒකක 5,743.55 ක්වී තිබේ.
දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 1.5 කි.
අද දිනයේදී ජෝන් කීල්ස් කොටසක් රුපියල් 6.90 කින් වැඩිවී රුපියල් 195 ක්වූ අතර කොටස් 108,400 ක් ගනුදෙනු වී තිබේ.
Bukit Darah කොටසක් රුපියල් 58.90 කින් වැඩිවී රුපියල් 1,089 ක්ද, HVA Foods කොටසක් රුපියල් 5.80 කින් වැඩිවී රුපියල් 47 ක්ද, Colombo Land & Development Company කොටසක් රුපියල් 7.20 කින් වැඩිවී රුපියල් 62.50 ක්ද වෙද්දී Bimputh Lanka Investments කොටසක් රුපියල් 5.30 කින් වැඩිවී රුපියල් 47.50 ක්වී ඇත.
මීට අමතරව, ඩයලොග් කොටස් මිලියන 14.3 ක් අද ගනුදෙනු වුවත් කොටසක මිල රුපියල් අටක් ලෙස නොවෙනස්ව තිබුණි.
ගනුදෙනු අවසානයේදී හේලීස් කොටසක් රුපියල් 16.80 කින් වැඩිවී රුපියල් 387.80 ක්වූ අතර කොටස් මිලියන166,600 ක් ගනුදෙනු වී තිබේ.
http://www.vimasuma.com