ජර්මනියේ Graphitwerk Kropfmuhl සමාගමට අනුබද්ධ බෝගල ග්‍රැෆයිට් සමාගම සිය නවතම ගිණුම් වාර්තා හෙළිදරව් කර තිබේ.
මේ අනුව, සමාගම පවසා තිබෙන්නේ 2012 සැප්තැම්බර් කාර්තුවේදී සිය ලාභය සියයට 11 කින් රුපියල් මිලියන 16.8 ක් දක්වා වර්ධනය වූ බවයි.
මේ අනුව, මෙම කාර්තුවේදී සමාගමේ කොටසකට අදාළ ලාභය ශත 36 ක්වී තිබේ. සැප්තැම්බර් වලින් අවසන් වන මාස 09 තුළදී සමාගම කොටසකට අදාළව ශත 63 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර ලබා තිබෙන ලාභය රුපියල් මිලියන 29 කි.
සැප්තැම්බර් කාර්තුවේදී සමාගමේ ආදායම් සියයට 61 කින් වර්ධනය වී රුපියල් මිලියන 155 ක් වෙද්දී විකිණුම් පිරිවැය සියයට 43 කින් වැඩිවී රුපියල් මිලියන 104 ක්වී තිබේ.
මේ අනුව, දළ ලාභය සියයට 117 කින් වර්ධනය වී රුපියල් මිලියන 50 ක්වී තිබේ.
සමාගමේ බෙදාහැරීමේ වියදම් රුපියල් මිලියන 10 ක සිට රුපියල් මිලියන 17 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර පරිපාලන වියදම් රුපියල් මිලියන 9.4 ක සිට රුපියල් මිලියන 13 ක් දක්වා වර්ධනය වී ඇත.
සමාගම සතුව යූරෝ මුදල් ණයක් තිබෙන අතර ගිය වසරේ සැප්තැම්බර් කාර්තුවේදී රුපියල් මිලියන 15.9 ක විදේශ විනිමය ලැබීම් හමුවේ එය ලාභයට සහාය විය.
2012 වසරේ මුල් අර්ධයේදී රුපියල දුර්වල වූ අතර තුන්වන කාර්තුවේදී සුළු වශයෙන් ශක්තිමත් විය.
මේ හමුවේ සමාගම තුන්වන කාර්තුවේදී රුපියල් 168,000 ක විදේශ විනිමය ලාභයක් වාර්තා කර ඇත.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=223105390