2013 ජුනි කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධනය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 6.8 ක්වූ බව නවතම දත්ත අනාවරණය කරයි.
මේ අනුව, කෘෂි කාර්මික අංශය සියයට 1.1 කින් පසුබාද්දී කර්මාන්ත අංශය සියයට 10.1 කින්ද සේවා අංශය සියයට 6.6 කින්ද වර්ධනය වී ඇත.
මෙහිදී, තේ අංශය සියයට 0.5 කින් පහළ ගොස් තිබෙන අතර රබර් ක්ෂේත්‍රයේ තිබෙන වර්ධනය සියයට 2.0 ක්ද, වී වගාව සියයට 2.1 කින්ද වර්ධනය වී තිබේ.
පොල් වගා ක්ෂේත්‍රය සියයට 25.4 කින් පහළ යද්දී ධීවර අංශය සියයට 5.3 කින් පහළ වැටී ඇත.
කර්මාන්ත අංශයේදී නිමවුම් කර්මාන්ත සියයට 5.3 කින්ද, ඇඟලුම් සියයට 6.2 කින්ද කැණීම් සියයට 12.6 කින්ද වර්ධනය වෙද්දී සේවා අංශයේ තොග සහ සිල්ලර වෙළඳාම සියයට 6.6 කින්ද, ප්‍රවාහනය සියයට 10 කින්ද, හෝටල් හා අවන්හල් අංශය සියයට 21.1 කින්ද වර්ධනය වූ බව මෙම දත්ත හෙළි කරයි.
ටෙලිකොම් ක්ෂේත්‍රය සියයට 8.9 කින් ඉහළ ගොස් තිබෙන අතර බැංකු හා මූල්‍ය අංශයේ වර්ධනය සියයට 6.3 කි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1281775641