ගූඩ් හෝප් හා CARGILLS (CEYLON) PLC(CARG.N0000) ධනාත්මකව දායක වෙද්දි ලංකා දුමිකොළ අද දර්ශකයට සෘණ වැඩිම දායකත්වය ලබා දිණි.
මේ අතරේ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂම ආන්තික ණය සැපයුම්කරුවන්ගෙන් ඉල්ලා ඇත්තේ පවත්නා අඩු පොළි ප්‍රවනතා සැලකිල්ලට ගෙන ස්වකිය ආන්තික ණය පොළි අනුපාත අඩු කරන ලෙසයි.පසුගිය දිනවල මෙම අනුපාත සියයට 29 ක මටිටමක තිබිණි.
පසුගිය දිනවල ඒකක 6800 අදියර විටින් විට පසු කළ කොළඹ කොටස් වෙළෙඳ පොළ මේ වන විට අධි මිළදි ගැණුම් කාලපයකට පැමිණ ඇති බව වෙළෙඳ පොළ විශ්ලේෂකයෝ පවසති.
මේ වසරේ මේ දක්වා සියයට 15 කට ආසන්න ප්‍රමාණයකින් වෙළෙඳ පොළ වර්ධනය වි ඇති අතර ඒ සදහා මුළිකව මේ දිනවල පවත්නා අඩු පොළි අනුපාත තත්ත්වයන් ඉවහල් වි ඇත.
මේ නිසා ආයෝජකයින් මේ උපරිම් මිළ මටිටම් වල සිට ලාභ ඉපයුම් සිදු කරමින් පවතින බවත් සදහන්ය.
කෙසේවෙතත්, ගෙවුණු ජුනි කාර්තුවේ සමාගම් ඉපයුම් සතුටුදායක විය හැකි බව විශ්ලේෂකයෝ පවසන අතර මෙහිදි ජෝන් කීල්ස් ලාභ අපේක්ෂා කළ මට්ටමට වඩා ජුනි කාර්තුවේ ඉහළ අගයක් වාර්තා කළද මෙහිදි එක්ස්පෝ ලංකා ස්වකිය ආයෝජනය විකිණිම නිසා ඔවුන් ලද රුපියල් මිලියන 386 ක ප්‍රාග්ධන ලාභය ප්‍රධාන වු බව ද කියති.
මේ වන විට කතා බහකට ලක් ව ඇති ෆී ලංකා කැපිටල් හෝල්ඩිංග්ස් අද පිරිවැටුමට ඉහළම රුපියල් මිලියන 51.4 ක දායකත්වය ලබා දෙමින් එහි කොටස් මිලියන 22.3 ක් අද හුවමාරු විය.
PCH හෝල්ඩිංග්ස් කොටස් මිලියන 08 ක්ද හුවමාරු විය.
අද විදේශ ගැණුම් රුපියල් මිලියන 136.65 ක් වු අතරේ විකුණුම් රුපියල් මිලියන 18.23 ක් විය.
Dunamis Capital පී.එල්.සී. මිලියන 10 ක ණයකර නිකුතුව අධි ඉල්ලුමක් ලදුව අද පස්වරු 4.30 ට අවසන් කර ඇත.