කොළඹ කොටස් වෙළෙඳ පොල ගණු-දෙනු ගෙවි ගිය සතියේ නිවාඩු දිනයන් නිසා දින 03 කට පමනක් සිමා වු අතර බ්‍රහස්පතින්දා ගණු-දෙනු අවසානයේදි සියළු කොටස් මිල දර්ශකය ඒකක 269 .4 කින් පහළ යමින් ඒකක 5,316.9 (-4.8%) මටිටමේ හා මිලංක මිල දර්ශකය ඒකක 185.9 කින් පහළ යමින් ඒකක 4,627 (-3.9%) මටිටමේ පවතිනු දක්නා ලදි.
කොටස් තැරුවිකාර ආයතන විසින් ස්වකිය ගණු-දෙනු කරුවන්ට ලබා දුන් ආන්තික ණය සීමා දින ඉකුත්ව යාමත් සමගින් තමන් භාරයේ පවතින එම කොටස් (ණයට ලබා ගත් කොටස් මුදල් නියමිත දිනවලදි නොපියවිම මත -T+3 or 5)) විකිණිම මේ දිනවල බහුලව සිදු කරන අතර (forced selling) මෙම තත්ත්වයන් මෙම මිල දර්ශක පහළ යාමට තුඩු දුන් මුළිකතම හේතුව බවද තැරුවිකාර ආයතන ප්‍රධානි හු පවසති.
මේ අතරේ,කොටස් වෙළෙඳ පොල පසු බැසිමි හමුවේ ඉතා පහළ මිල ගණන් මට්ටමකට තල්ලු වි සිටින ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙද පොල ප්‍රාග්ධනිකරණයෙන් නොම්මරේ 01 පසුවන සමාගම වන ජෝන් කීල්ස් (කොටසක් අවසන් ගණු-දෙනු වු මිල රු.163.60) හා වෙළෙද පොල ප්‍රාග්ධනිකරණයෙන් සය වෙනි තැන ගන්නා කොමාර්ෂල් බැංකු ව (කොටසක් අවසන් ගණු-දෙනු වු මිල රු.101.00) වෙත මේ වන විට විදෙස් ආයෝජන ආකර්ෂනය ලක් ව ඇති බවද සදහන් කල යුතුය.
මේ අනුව,සතිය අවසන් වුයේ රුපියල් මිලියන 538 ක ශූද්ධ විදේශ ආයෝජන ගලා ඒමක් වාර්තා කරමිනි.
කෙසේවෙතත්, වැඩිවන පොලි අනුපාත හා විනිමය අනුපාතයේ පිරිහිමි පසු බසමින් පවතින වෙළෙඳ පොලට තව දුරටත් අහිතකරව බල පෑ හැකි අතරේ එය විදේශ ආයෝජන හකුලා ලිමටද හේතු විය හැකි බව වෙළෙඳ පොළ විශ්ලේෂකයෝ පවසති.
මෙම දර්ශක අගයන් පහළ යාම සදහා මුළික වශයෙන් ඉකුත් සතියට සාපේක්ෂව කොටස් මිල පහළ ගිය බුකිත් ධාරා (9.6%), Carsons Cumberbatch (8.1%), John Keells Holdings (2.8%), LOLC (12.6%) හා Dialog (5.9%) යන ඉහළ වෙළෙඳ පිරිවැටුමක් ඇති ලැයිස්තුගත සමාගම් වල බලපැම ඉවහල් විය.
සතියේ සාමාන්‍ය දෛනික පිරිවැටුම රුපියල් මිලියන 993.4 ක් වු අතරේ සාමාන්‍ය වෙළෙඳ පොල පරිමාව මිලියන 43.6 ක් විය.
සතිය තුල විදේශ මිලදි ගැනිමි රුපියල් මිලියන 730.6 ක් වෙද්දි විදේශ විකුණුම් රුපියල් මිලියන 602.9 ක් විය.ඒ අනුව ශුද්ධ විදේශ ආයෝජන ගලා එම රුපියල් මිලියන 127.7 ක් විය.
වෙළෙඳ පොල පිරිවැටුම සතියේ රුපියල් බිලියන 2, 045.0 දක්වා සියයට 2.4කින් ඉකුත් සතියට සාපේක්ෂව පහළ යද්දි මේ වසරට කොළඹ කොටස් වෙළෙඳ පොළද සියයට 08 කින් පසු බැස ඇත.
පසුගිය බදාදා කොළඹ කොටස් වෙලෙඳ පොල එක් දිනක් තුල වාර්තා වු වැඩිම බිද වැටිම වාර්තා කරමින් සියයට 10.41 කින් දර්ශක අගය පහළ ගිය අතර මේ සදහා අසීමාන්තික අනියත බියකින් සිදු කල විකුණුම් ඉවහල් විය.
පසුගිය සතියේ වෙළෙඳ පොල පිරිවැටුම සියයට 4.4 කින් පසුගිය සතියට සාපේක්ෂව පහත යමින් ත්‍රීලියන 2 මට්ටමක විය.
සාමාන්‍ය දිනක පිරිවැටුම රුපියල් මිලියන 1, 025.5 වු අතරේ සාමාන්‍ය සතියේ පරිමාව මිලියන 110.1 ක් විය.
පිරිවැටුමට Commercial Bank of Ceylon, John Keells Holdings, Distilleries Company of Sri Lanka හා Expo Lanka හි ව්‍යුහාත්මක වශයෙන් වැදගත් වු ගණු-දෙනු ප්‍රමුඛ දායකත්වයක් සැපයිය.
වෙළෙඳ පොලේ පහළ බසින ප්‍රවනතා හමුවේ වුවද බදාදා හා බ්‍රහස්පතින්දා සක්‍රීය විදෙස් සහභාගිත්වයක් දක්නට ලද අතර ඒ අනුව JP Morgan අරමුදල කොටසක් රුපියල් 7 බැගින් Expo Lanka හි කොටස් මිලියන 9.4 ක් ඉකුත් සතියේ මිලට ගත්තේය.
ඊට අමතරව,ජොන් කීල්ස් කොටස් 1,092.5K ප්‍රමානයක් කොටසක් රුපියල් 165 බැගින්ද Distilleries Company of Sri Lanka කොටස් 1,000K එකක් රුපියල් 135 බැගින්ද මේ රටේ ප්‍රමුඛ ආයෝජකයින් අතට පත් වුහ.
වෙළෙඳ පොල P/E හෙවත් මිල ඉපැයුමි අනුපාතය මේ වන විට t 12.6X මටිටමේ පසුගිය සතිය අවසන් වන විට ඇති අතර මෙය වෙළෙඳ පොල මුළික සිද්ධාන්ත අනුව ඉහළ මිලදි ගැනිමේ සංඥාවක් පෙන්නුම් කිරිමක් බවද වෙළෙඳ පොළ විශ්ලෝෂකයෝ පවසති.
මේ වන විට පැන නැගි ඇති ගෙවුම් ශේෂ අර්බුදයන් හමුවේ රුපියල ආරක්ෂා කර ගැනිම සදහා මහ බැංකුවේ සෘජු මැදිහත් විමක් පසුගිය සතියේ දක්නට ලද අතර පවතින පුද්ගලික අංශයේ ණය ප්‍රසාරනය විමි වලකා ලිම සදහා මේ වසර සදහා ණය වර්ධන සීමාව සියයට 18 කට සීමා කිරිමට මේ වන විට මහ බැංකුව අවශ්‍ය උපදෙස් ලබා දි ඇත.
බ්‍රහස්පතින්දා ඩොලරයේ අගය රුපියල් 114.3 ක මටිටමක පැවතිණි.
පසුගිය නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල් ධුරයෙන් මලික් කාදර් මහතා ඉවත් කිරිමත් සමගම ඇති වු පුරප්පාඩුව තවමත් පුරවා නැත. ඒ සදහා මුල් වරට කැදවු අයදුම් පත් අනුව සම්මුඛ පරික්ෂන කැදවා අවසන් වටයට තේරුණු නිෂාන් සුමනදිර,හර්ෂ ප්‍රනාන්දු හා මහාචාර්ය හරේන්ද්‍ර දිසා බණ්ඩාර පසෙක තිබියදි නැවත වරක් අයදුම් පත් කැදවිමට රජය මේ වන විට පියවර ගෙන ඇත.
විදේශ ආකර්ෂනයත් සමගින් Expo Lanka ගෙවිගිය සතියේ විශාල පරිමාවකින් ගණු-දෙනු වු සමාගම වු අතර ඒ අතරේ Asia Asset Finance, Commercial Bank of Ceylon හා Panasian Power සෙසු ඉහළ පරිමාව වාර්තා කල සමාගම් විය.
වෙළෙඳ පොල විදේශ සහභාගිත්වය ශුද්ධ පිටත ගලා යාම රුපියල් මිලියන 285.6 ක් විය .මේ අනුව විදේශ මිලදි ගැනිම් රුපියල් මිලියන 918.6 ක්ද විකුණුම් මිලියන 1,204 ක්ද විය.
Colombo Stock Exchange-Week 06
06/02/2012 to 09/02/2012