බැංකු ගිණුම් කටයුතු, ක්‍රෙඩිට් කාඩ්, නිවාස ණය, උකස් හා ඉලෙක්‌ට්‍රොනික වාණිජ කටයුතු එම අංශ පහ වේ.
සෙලාන් ක්‍රෙඩිට් කාඩ් බැංකු ක්‍ෂේත්‍රයේ ඉතාම ජනප්‍රිය වන අතර එය පාරිභෝගිකයන්ට මෙන්ම බැංකුවට ද ලාභදායී ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. විශේෂ තෑගි ක්‍රම, වට්‌ටම් දීමනා ආදී ප්‍රතිලාභ රැසක්‌ද ක්‍රෙඩිට් කාඩ් පාරිභෝගිකයන්ට හිමිය. ව්‍යාපාරවලට මුදල් බැර කිරීමේදී ව්‍යාපාර හිමියන් ක්‍රෙඩිට් කාඩ් වාසි බොහෝ සෙයින් ලබා ගන්නා බව නානායක්‌කාර මහතා සඳහන් කළේය.
"අපේ වීසා පිරී ජෙඩ් කාඩ් පතෙන් පහසුකම් රැසක් සලසා තිබෙනවා. ශ්‍රී ලංකා රුපියල්වලට අමතරව යුරෝ, පවුම්, ඩොලර් මේ හරහා ලබා ගන්න හැකියාව තිබෙනවා. විදේශ රටකදී මුදල් අවශ්‍යතා සඳහා ඒ.ටී.එම්. යන්ත්‍ර මගින් මේ ආකාරයට හදිසි අවස්‌ථාවක මුදල් ලබා ගන්න පහසුයි. යම් හේතුවකින් කාඩ් එක නැති වුණොත් ඒ මොහොතේම අපට දැනුම් දීමෙන් කාඩ් එක අවලංගු කර ගන්න පුළුවන්. නමුත් අපි අමතර කාඩ් පතක් ලබාදෙන නිසා ඒ වෙලාවේ සිට ම අමතර කාඩ්පත භාවිත කරමින් යන්ත්‍ර මගින් මුදල් ලබා ගත හැකියි. ඒත් එක්‌කම වීසා සහ මාස්‌ටර් කාඩ් මගින් ඕනෑම ගෙවීමක් කරන්නත් පුළුවන්කම තිබෙනවා. විදුලි බිල්, ජල බිල්, දුරකථන බිල් ආදිය එසේ ගෙවන්න පුළුවන්", යෑයි ඒ මහතා කීවේ ය.
මේ දිනවල නිවාස ණය සඳහා ද විශාල ඉල්ලුමක් පවතින බව අපට දැනගන්නට ලැබිණි. නිවාස ණය සඳහා වන පොලී අනුපාතයන් ඉහළ යැම ගැටලුසහගත තත්ත්වයක් බවට පත්ව ඇති නමුත් පාරිභෝගික ඉල්ලීම්වල කිසිදු අඩුවක් නැත. එබැවින් නිවාස ණය ලබාදීමේදී ඉතා කඩිනමින් එම ණය ලබාදීමට බැංකුව පියවර ගෙන ඇත.
"හදිසි මුදල් අවශ්‍යතාවකදී උකස් පදනම මත මුදල් ලබා ගැනීමටත් අප කෙරෙහි ජනතාව විශ්වාසය තබා තිබෙනවා. උතුරු නැගෙනහිර ජනතාව විශාල වශයෙන් අපගේ උකස් සේවාවේ ප්‍රයෝජන ලබනවා. උකස් තබන භාණ්‌ඩවල පූර්ණ ආරක්‍ෂාව අපි සපයනවා. ජනතාව ඒ කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා".
බැංකු ක්‍ෂේත්‍රයට අලුතින් එක් වූ ඉලෙක්‌ට්‍රොනික වාණිජ කටයුතු කෙරෙහි ද ජනතාවගේ විශාල උනන්දුවක් ඇතිවෙමින් පවතින බව නානායක්‌කාර මහතා කීවේය.
"අද ඕනෑම කෙනෙක් ළඟ ජංගම දුරකථනයක් තියෙනවා. මේ ජංගම දුරකථනයෙන් ඕනෑම බිලක් ගෙවන්න අද පුළුවන්කම තිබෙනවා. අපේ පාරිභෝගිකයින්ට අපි ඒ පහසුකම සලසා තිබෙනවා. දුරකථන බිල දුරකථනයෙන් ම ගෙවූ සැණින් යාවත්කාලීන වෙනවා. මූලිකව අපි ඩයලොග් ආයතනය සමඟ එක්‌ව පාරිභෝගික සේවාව දියත් කළා. අනෙකුත් ජංගම දුරකථන සේවා සමඟ එකතු වෙන්න අපි බලාපොරොත්තු වෙනවා".
සෙලාන් බැංකුව අධ්‍යාපන ණය ක්‍රමයක් ද ආරම්භ කර තිබේ.
"මෙහි දී අපි උසස් අධ්‍යාපනය, ඩිප්ලෝමා හා පිළිගත් පාඨමාලා හැදැරීම සඳහා උපරිමය රුපියල් මිලියන 10 ක් දක්‌වා මූල්‍යමය ආධාරයක් ලබා දෙනවා. එම මුදල වසර හතක් ඇතුළත මාසිකව ගෙවිය හැක.
ඊට අමතරව පරිගණක ණය ක්‍රමයකුත් අපි හඳුන්වාදී තිබෙනවා. මේ සඳහා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන දරුවන්ට උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව මෙම මුදල කොටස් වශයෙන් ගෙවිය හැකියි. ඒ වගේම අන්තර්ජාලය හරහා කිසියම් භාණ්‌ඩයක් හෝ සේවාවක් සඳහා මුදල් ගෙවීමට අවශ්‍ය නම් සෙලාන් බැංකුව ඒ සඳහා සෘජුව ම මැදිහත් වෙලා අවශ්‍යතාව ඉටු කර දෙනවා. ඒ සඳහා අපගේ අඅඅගැseහක්‌බගජදප වෙබ් අඩවිය හරහා තොරතුරු දැනගත හැකියි" නානායක්‌කාර මහතා සඳහන් කළේ ය.
වාණිජ බැංකුවක් වශයෙන් ලාභ ඉපයීමට කටයුතු කරන්නා සේම තම පාරිභෝගික විශ්වාසය උපරිම අයුරින් රැක ගනිමින් බැංකුව මගින් සිදුවිය යුතු සේවාවන් යුතුකමක් සේ සලකා නොපිරිහෙළා ඉටු කිරීමට සෙලාන් බැංකුවේ කළමනාකාරිත්වය හා කාර්ය මණ්‌ඩලය උපරිම කැපවීමෙන් ක්‍රියා කරන බව මෙහිදී කිව යුතුය.
තුෂාරී කළුබෝවිල
http://www.divaina.com/2012/05/11/velanda01.html