බැංකු ක්‍රමයේ අතිරික්ත ද්‍රවශීලතාවයක් තිබුණත් අද දිනයේදී අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළඳ පොළේ පොලී අනුපාතය ප්‍රතිපත්ති පොලී අනුපාත වලට ලංවෙමින් සියයට 9.55/65 ක අගයක් ගෙන තිබේ.
මේ අතර, මුදල් වෙළෙඳුන් පවසන්නේ රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව අද ස්ථාවර මට්ටමක තිබෙන බවයි.
මේ අතර, බැංකු ක්‍රමයේ තිබෙන අතිරික්ත ද්‍රවශීලතාවය උරා ගැනීම සඳහා මහ බැංකුව විසින් රුපියල් බිලියන 6.5 ක ප්‍රති මිලදී ගැනීමේ වෙන්දේසියක් පැවැත්වීමට සූදානම් වේ.
පසුගිය සතියේදී අවස්ථා දෙකකදී මහ බැංකුව විසින් තමන් සතු භාණ්ඩාගාර බිල්පත් විකුණනු ලැබූ අතර විශ්ලේෂකයින් පවසන්නේ රුපියල ශක්තිමත් වීමට මෙය හේතුවනු ඇති බවයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=361640015