රුපියල අවප්‍රමාණය වීම හා බලශක්ති වියදම් වැඩිවීම නිසා ඇතිවූ අනිසි බලපෑමට මුහුණ දීමට ක්‍රියාමාර්ග ගත් නිසා 2012 සැප්තැම්බර් කාර්තුවේදී සිය ලාභය සියයට 3.9 කින් වැඩිවූ බව ස්විට්සර්ලන්ත නෙස්ලේ සමාගමට අනුබද්ධ නෙස්ලේ ලංකා සමාගම කියයි.
මේ අනුව, ගෙවුණු සැප්තැම්බර් කාර්තුවේදී සමාගම විසින් රුපියල් මිලියන 798 ක ලාභයක් වාර්තා කර තිබේ.
සමාගම විසින් සැප්තැම්බර් කාර්තුවේදී කොටසකට අදාළව රුපියල් 14.86 ක ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබේ.
2012 සැප්තැම්බර් වලින් අවසන් වන මාස 09 තුළදී නෙස්ලේ ලංකා සමාගම කොටසකට අදාළව රුපියල් 37.74 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර ලැබූ සමස්ත ලාභය රුපියල් මිලියන 2044 කි.
2011 වසරේ මුල් මාස 09 තුළදී රුපියල් මිලියන 2027 ලාභයක් වාර්තා කර තිබුණි.
2012 සැප්තැම්බර් කාර්තුවේදී සමාගමේ ආදායම සියයට 4.1 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 7.09 ක් වෙද්දී විකුණුම් පිරිවැය සියයට 14.2 කින් අඩුවී ගොස් රුපියල් බිලියන 4.7 ක්වී ඇත.
මේ අනුව, දළ ලාභය සියයට 2.8 කින් වැඩිවී රුපියල් බිලියන 2.3 ක්වී තිබේ.
රුපියල අවප්‍රමාණය වීම හා බලශක්ති මිල ගණන් වැඩිවීම නිසා ඇතිවූ අනිසි බලපෑම සමාගම විසින් පියවාගෙන තිබෙන්නේ නිෂ්පාදනවල මිල වැඩිකිරීම, පිරිවැය පාලනය හා ලැබුණු බදු සහන නිසාවෙනි.
සමාගම පවසා තිබෙන්නේ ග්‍රාමීය ආර්ථිකයට රුපියල් බිලියන 2.6 ක මුදලක් මුදාහරිමින් ගොවීන් 18,000 කින් නැවුම් කිරි ලීටර් මිලියන 05 ක් සමාගම විසින් මෙම කාලයේදී මිලදීගෙන තිබෙන බවයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=932014097