සිදුකිරීමට යන ඒකාබද්ධ කිරීම PLFP වෙත නියාමකයා විසින් මූල්‍ය සමාගමක් ලෙස මෙහෙයුම් කටයුතු කිරීමට දෙනු ලැබූ බලපත්‍රය ලබා දීමේදී පනවනු ලැබූ පෙර කොන්දේසියකි.
PLFP බලාපොරොත්තු වන්නේ කොටස් හිමියන්ගේ අනුමැතියට යටත්ව මෙම ඒකාබද්ධ කිරීම 2013 අප්‍රේල් 01 වනදා වනවිට අවසන් කිරීමටයි. අදාළ ඒකාබද්ධ කිරීම අවසන් වීම මත ෆිච් ආයතනය විසින් සිය ණය ශ්‍රේණි අධීක්ෂණය නිශ්චය කිරීමට නියමිතය.
ණය ශ්‍රේණි අධීක්ෂණය ධනාත්මක යන්නෙන් පිළිඹිබු වන්නේ පීපල්ස් ෆිනෑන්ස් හි, ණය ශ්‍රේණිය සාර්ථක ලෙස ඒකාබද්ධ කිරීම මත PLFP හි, ණය ශ්‍රේණිය සමග සමගාමී මට්ටමට ඉහළ දමන බවයි.
මෙවැනි ණය ශ්‍රේණිය ඉහළ දැමීමට තිබෙන හැකියාවක් මගින් සමාගමට තිබෙන පරිපාලන බාධාවන් හා නියාමන සීමා (උපරිම තනි පාර්ශව අනාවරණයන් වැනි) ඉවත් වීම පිළිඹිබු වන අතර වර්තමානයේ පීපල්ස් ෆිනෑන්ස් සමාගමට, PLFP වෙතින් ලැබෙන සහයෝගය ගලා ඒම අදාළ කිරීමට මේවා හේතුවිය හැකිය.
PLFP හි, ණය ශ්‍රේණිය ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව සහතික කිරීම මගින් පිළිඹිබු වන්නේ රාජ්‍ය හිමිකාරීත්වය සහිත එහි මව් සමාගම වන මහජන බැංකුව (මහජන බැංකුව, AA+(lka)/ස්ථාවර) සමග තිබෙන සම්බන්ධතාවය සැලසුම් කර ඇති ඒකාබද්ධ කිරීමෙන් පසුවද එලෙසම පවතිනු ඇතැයි ෆිච් ආයතනය තුළ ඇති දැක්මයි.
PLFP සහ පීපල්ස් ෆිනෑන්ස් යන සමාගම්වල ණය ශ්‍රේණි මගින් තව දුරටත් පෙන්නුම් කරන්නේ පිළිවෙලින් මව් සමාගම වන මහජන බැංකුවෙන් සහ PLFP මගින් ලැබෙනු ඇතැයි ෆිච් ආයතනය විසින් බලාපොරොත්තු වන සුවිශේෂී සහයෝගයයි. මෙයට හේතු වන්නේ PLFP මහජන බැංකුව, සමග ඇති සමීප ඒකාබද්ධතාවය සහ මහජන බැංකුවට PLFP හි, තිබෙන උපාය මාර්ගික වැදගත්කම මෙන්ම පීපල්ස් ෆිනෑන්ස් , PLFP සමග ඇති සමීප ඒකාබද්ධතාවය සහ PLFP ට , පීපල්ස් ෆිනෑන්ස් හි තිබෙන උපාය මාර්ගික වැදගත්කමයි.
මහජන බැංකු වෙළඳ සන්නාමය සමග PLFP සහ පීපල්ස් ෆිනෑන්ස් යන සමාගම් දෙකම ශක්තිමත් ලෙස සම්බන්ධය. මහජන බැංකුවට PLFP හි, කොටස් වලින් බහුතර ප්‍රමාණයක් අයත් වීම (සියයට 75%) සහ පීපල්ස් ෆිනෑන්ස් සමාගමේ බහුතර කොටස් ප්‍රමාණයක් අයත් වීමද (PLFP සමාගම හරහා සියයට 66.5 ක කොටස්) මෙම සමාගම්වල ණය ශ්‍රේණි සඳහා සහයෝගයක් ලබාදී ඇත.
මහජන බැංකුවේ හා PLFP ණය ශ්‍රේණි අතරත් PLFP හා පීපල්ස් ෆිනෑන්ස් ණය ශ්‍රේණි අතරත් තිබෙන අනු මට්ටම් දෙකක වෙනස මගින් පිළිඹිබු වන්නේ සහයෝගය ලබාදීමේ ස්ථර ව්‍යුහයන් තුළ සාමාන්‍යයෙන් පෙනෙන්නට තිබෙන අදාළ සහාය ගලා යාමට තිබීමට හැකි බාධායි.
මහජන බැංකුවට සිය පරිපාලිත සමාගම් වලට සහාය දීමේ හැකියාව ලැබෙන්නේ ශ්‍රී ලංකා රජය සතු ණය ශක්තිය මතයි. ෆිච් ආයතනය විශ්වාස කරන්නේ PLFP හෝ පීපල්ස් ෆිනෑන්ස් යන සමාගම් අසාර්ථක වුවහොත් රජයට තිබෙන සම්බන්ධතාවය නිසාත් රජයේ කීර්ති නාමයට තිබෙන අවධානම නිසාත් PLFP වෙත රජයේ සහයෝගය මහජන බැංකුව තුළිනුත් පීපල්ස් ෆිනෑන්ස් වෙත රජයේ සහයෝගය PLFP මගිනුත් ලැබීමට වැඩි අවස්ථාවක් තිබෙන බවයි.
මීට අමතරව, මහජන බැංකුවේ හා PLFP හි සම්බන්ධතාවය එලෙසම තිබෙන විට මහජන බැංකුවේ ණය ශ්‍රේණිය වෙනස් වීමකදී එයට සමගාමීව PLFP හි ණය ශ්‍රේණිය වෙනස් වීමට හැකිය. මහජන බැංකුව සතුව PLFP හි ඇති පාලිත කොටස් ප්‍රමාණය අත්හැරීම හෝ උපාය මාර්ගික වැදගත්කම අඩු කිරීම කළහොත් PLFP හි ණය ශ්‍රේණිය පහළ දැමීමට හැකිය. මෙම තත්ත්වයම PLFP සහ පීපල්ස් ෆිනෑන්ස් යන සමාගම් වල ණය ශ්‍රේණි වලටද අදාළ වේ.
මහජන බැංකුව, PLFP සහ පීපල්ස් ෆිනෑන්ස් යන සමාගම්වල වැඩිදුර තොරතුරු www.fitchratings.com සහ www.fitchratings.lk යන වෙබ් අඩවි වලින් ලබාගත හැකිය.
PLFP ණය ශ්‍රේණි:
දිගු කාලීන විදේශ මුදල් ජාත්‍යන්තර ණය ශ්‍රේණිය B+; ලෙස සහතික කර ස්ථාවර ඉදිරි දැක්මක් ලබාදී ඇත.
දිගු කාලීන දේශීය මුදල් ජාත්‍යන්තර ණය ශ්‍රේණිය B+; ලෙස සහතික කර ස්ථාවර ඉදිරි දැක්මක් ලබාදී ඇත.
ජාතික දිගු කාලීන ණය ශ්‍රේණිය AA-(lka); ලෙස සහතික කර ස්ථාවර ඉදිරි දැක්මක් ලබාදී ඇත.
සමාගමේ ඉතිරිව ඇති රුපියල් බිලියන 1.48 ක, ජ්‍යෙෂ්ඨ ඇප රහිත නිදහස් කළ හැකි ණයකර AA-(lka) ලෙස සහතික කර ඇත.
සමාගමේ ඉතිරිව ඇති රුපියල් බිලියන 03 ක, ශ්‍රේණිගත වාණිජ පත්‍ර F1+(lka) ලෙස සහතික කර ඇත.
පීපල්ස් ෆිනෑන්ස් ණය ශ්‍රේණි:
ජාතික දිගුකාලීන ණය ශ්‍රේණි: A(lka) ණය ශ්‍රේණිය, ධනාත්මක ණය ශ්‍රේණි අධීක්ෂණයකට යටත්ය.
ෆිච් රේටින්ග්ස් ලංකා ආයතනයේ කොටස් වලින් සියයට 1.78 ක් මහජන බැංකුව සතුය. ඒ හැර, කිසිදු කොටස් හිමියෙකු නොමැති අතර ෆිච් රේටින්ග්ස් ලංකා ආයතනයේ දෛනික මෙහෙයුම් කටයුතු හෝ සිදුකරන ණය ශ්‍රේණි විමර්ශන කටයුතු සඳහා එංගලන්තයේ ෆිච් රේටින්ග්ස් ආයතනය සම්බන්ධ වේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=4&newscode=764995262