වාණිජ බැංකුවල පොලී අනුපාතය තීරණය වීමට බලපාන ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය පෙබරවාරි මාසයේදීද වෙනස් නොකිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කරයි.
මේ අනුව, වෙළඳ පොළට මුදල් නිකුත් කරන පොලී අනුපාතය සියයට 9.5 ක් ලෙස පෙබරවාරි මාසයේදී නොවෙනස්ව තැබෙනු ඇත.
2012 දෙසැම්බර් මාසයේදී මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය පහත දැමූ අතර පසුගිය ජනවාරි මාසයේදීද ප්‍රතිපත්ති පොලී අනුපාත වෙනස් නොකළේය.
මේ වනවිට, මෙරට උද්ධමනය සියයට 9.8 ක් දක්වා ඉහළ නැග තිබෙන අතර මෙය වසර හතරකට පසුව වාර්තාවූ වැඩිම උද්ධමන අනුපාතයයි.
ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ පොලී අනුපාතය තවදුරටත් අඩු කරන්නේ නම් උද්ධමනය ඉහළ නැගීමේ අවධානමක් තිබෙන බවයි.
කෙසේවෙතත්, මේ වනවිට සුරැකුම් පත් වෙළඳ පොළේ පොලී අනුපාත පහළ යන ප්‍රවණතාවයක් තිබුණද වාණිජ බැංකුවල පොලී අනුපාතය සාපේක්ෂ ලෙස පහළ ගොස් නොමැත.
පවතින ආර්ථික තත්ත්වය අනුව වැඩි ඉඩ කඩක් පවතින්නේ ඉදිරියේදී පොලී අනුපාත පහළ යාම සඳහායි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=345133868