ඒෂියන් එලායන්ස් රක්ෂණ සමාගමේ සියයට 38 ක කොටස් රුපියල් මිලියන 1.8 කට ජර්මනියේ සහ නෙදර්ලන්තයේ ආයෝජන ආයතන දෙකක් විසින් මිලදී ගනී.
මේ අනුව, අනාවරණය වන්නේ ජර්මනියේ DEG ආයෝජන ආයතනය සහ නෙදර්ලන්තයේ FMO ආයෝජන ආයතනය මුලින් ගිවිසගත් පරිදි කොටසක් රුපියල් 128 ක් බැගින් වෙළඳ පොළින් පිට මෙම මිලදී ගැනීම සිදුකළ බවත් එක් ආයෝජකයෙකු රුපියල් මිලියන 912 ක් බැගින් මෙම මිලදී ගැනීම සඳහා වැයකළ බවයි.
ඒෂියන් එලායන්ස් රක්ෂණ සමාගමේ පාලන බලය හිමි සොෆ්ට් ලොජික් සමූහය පසුගිය දෙසැම්බර් මාසයේදී සඳහන් කළේ සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සහ සොෆ්ට්ලොජික් කැපිටල් සතු ඒෂියන් එලායන්ස් රක්ෂණ සමාගමේ කොටස් DEG සහ FMO වෙත විකුණා දමන බවයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=929853202