පොළොන්නරුවට හදිසියේම දැඩි වර්ෂාවක්
Friday, 15 August 2014 20:08
දැඩි නියගය හේතුවෙන් පීඩාවට පත්ව සිටි පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ ගම්මාන කිහිපයකට මීට ටික වේලාවකට පෙර දැඩි වර්ෂාවක් පතිත වී තිබේ.
ඒ වැලිකන්ද, පුලස්තිපුර සහ මැදිරිගිරිය යන ප්‍රදේශවලටයි.ගිගුරුම් සහිතව මෙම වැස්ස පැය භාගයකට ආසන්න කාලයක් පැවති බවද වාර්තා වෙයි.එම ප්‍රදේශ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවලත් මේ වන විට දැඩි වැහි අදුරක් ඇති බවද ජනතාව පවසයි.