මේ සඳහා රටවල් 21 නියෝජිතයන් පිරිස අද උදෑසන චීන ජනාධිපතිවරයා හමු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එම ගිවිසුමට අත්සන් තැබූ ප්‍රාරම්භක සාමාජික රටවල් 21 මේවාය.
Bangladesh, Brunei, Cambodia, China, India, Kazakhstan, Kuwait, Laos, Malaysia, Mongolia, Myanmar, Nepal, Oman, Pakistan, the Philippines, Qatar, Singapore, Sri Lanka, Thailand, Uzbekistan සහ Vietnam.
මෙම ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ අනුදත් ප්‍රාග්ධනය ඇ.ඩො.බි. 100ක් වන අතර මූලිකව මේ ප්‍රාග්ධනය සඳහා ඇ.ඩො.බි. 50ක් එක් කර ගැනීමට බලාපොරොත්තු වේ.
මෙම බැංකුව, ආසියාවේ අන්තර් ආණ්ඩු ප්‍රාදේශීය සංවර්ධන ආයතනයක් ලෙස කටයුතු කිරීමට නියමිත අතර චීනයේ බෙයිජිං නුවර එම බැංකුවේ මූලස්ථානය පිහිටුවා ඇත.
2015 වසරේ දී මීට අදාල ගිවිසුම් කොන්දේසිවලට අත්සන් තබා අවසන් කිරීමටත් 2015 අවසන් වන විට මෙම බැංකුවේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමටත් අපේක්ෂා කෙරේ.