පසුගිය නොවැම්බර් 04 වනදා සෙන්තිල්වේල් මහතා මෙම සමාගමේ කොටස් මිලියන 105.8 ක් මිලදීගැනීමත් සමග මේ ආකාරයෙන් කොටස් හිමිකම ඉහළ ගොස් ඇත.
සෙන්තිල්වේල් මහතාට මේ වනවිට වැලිබල් පවර් එරත්න සමාගමේ කොටස් වලින් මිලියන 107.8 ක් අයත්ය.
කුඩා ජල විදුලි බලාගාර පවත්වාගෙන යන වැලිබල් පවර් එරත්න සමාගමේ දෙවැනි විශාලතම කොටස්කරුවා වූ ඒෂියා එනර්ජි මැනේජ්මන්ට් සිස්ටම්ස් (Asia Energy Management Systems) නැමති විදේශීය සමාගම සියයට 21 ක්වූ සිය කොටස් හිමිකම නොවැම්බර් 04 වනදා රුපියල් බිලියනයකට ආසන්න මුදලකට විකුණා දැමීය .
අප සමග අදහස් දක්වමින් වැලිබල් පවර් එරත්න සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන නිමල් පෙරේරා මහතා පැවසුවේ මෙහිදී කොටසක් රුපියල් 6.60 ත් රුපියල් 5.50 ත් අතර මිලකට අලෙවි වූ බවයි.
මෙම සමාගම සතුව වැලිබල් පවර් එරත්න සමාගමේ කොටස් මිලියන 160 ක් තිබූ අතර මෙම සම්පූර්ණ කොටස් ප්‍රමාණයම අලෙවිකර ඇත.