මෛත‍්‍රීපාල සිරිසේන මහතා මහවැලි ඇමැති පදවිය දරන සමයේ අසාධාරණ ලෙස තමන්ට ඉඩමේ අයිතිය අහිමි කළ බවට චෝදනා කළ කාන්තාවක් එම ඉඩමේ අයිතිය ඉල්ලා ඊයේ (02දා* උදෑසන 5.00 ට පමණ මහවැලි එච්. කලාපයේ තඹුත්තේගම පිහිටි මහවැලි නේවාසික ව්‍යාපාර කාර්යාලය ඉදිරිපිට පිහිටි අඩි සියයක් පමණ උසැති සියඹලා ගසක් මුදුනට නැග විරෝධතාවයක නිතර වූවාය.
මෙසේ විරෝධතාවේ නිරත වූයේ තඹුත්තේගම තේක්ක වත්තේ පදිංචි සමන්මලී නමැති 45 හැවිරිදි සිව්දරු මවකි.
මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව එච්. කලාපයේ හිටපු නේවාසික කළමනාකාරවරයකු තම මවටත් කුඩම්මාටත් ඉඩම දෙකට බෙදා දීමෙන් පසු කුඩම්මා එම ඉඩම පිටස්තර පුද්ගලයකුට මුදලට විකුණාදීමෙන් තම දරු සිව් දෙනාට උන්හිටිතැන් අහිමි වූ බව කියූ එම කාන්තාව තමා මැරී වැටුනත් ඉඩමේ අයිතිය ලබා දෙනතුරු සියඹලාගසෙන් බිමට බසින්නේ නැතැයි පැවසුවාය.
සිද්ධිය සැලවීමත් සමග එම ස්ථානයට පැමිණි උතුරුමැද පළාත් ප‍්‍රධාන ඇමැති එස්. එම්.රංජිත් සමරකෝන් මහතා ඊයේ (02දා* දහවල් 12.00 ට පමණ උසස් මහවැලි නිලධාරීන් සියඹලාගස යටට ගෙන්වා ඇයට අහිමි කළ ඉඩමේ අයිතිය පරීක්ෂණයක් පවත්වා ලබා දෙන බවට ප‍්‍රතිඥා දීමෙන් පසු සිය විරෝධය අතහැර තේක්කවත්තේ සමන්මලී මහත්මිය සියඹලාගසෙන් බිමට බැස තිබේ.
එම්. එම්. පී. ජී. පෙරේරා නොච්චියාගම