අලෙවි නියෝජිත ආයතන 3කින් ඇරැඹුණු එහි නියෝජිත ජාලය මේ වන විට 21 දක්වා වර්ධනය වී තිබේ. එමෙන්ම තම වෙළෙඳපොළ කොටස ඉහළ නංවා ගනිමින් ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම් 3 අතරට පැමිණීමටද ගෙස්ටෙට්නර් ඔෆ් සිලෝන් සමාගම සමත් වී ඇත. පසුගිය අප්‍රේල් 29 වැනි දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති උත්සවයකදී ගෙස්ටෙට්නර් ඔෆ් සිලෝන් සමාගමේ නවතම ලාංඡනය හඳුන්වා දෙන ලදී. නව පෙනුමකින් යුත් මෙම සමාගම් ලාංඡනය රතු සහ නිල් යන වර්ණ දෙකින් සමන්විත වී තිබේ. කවාකාර ට් අකුරින් සමාගම පිරිනමන පරිපූර්ණ විසඳුම් නියෝජනය වන අතර ඊතලය මඟින් එහි වර්ධනය නිරූපණය වේ.
මීට සමගාමීව වඩාත් ශක්තිමත්ව පෙරට යෑම සඳහා පියවර රැසක් ගැනීමට ගෙස්ටෙට්නර් ඔෆ් සිලෝන් සමාගම කටයුතු කර ඇත. අත්දැකීම් බහුල වෘත්තිකයන් කිහිපදෙනකුම පසුගිය කාලයේදී සමාගම හා සම්බන්ධ වූ අතර ඔවුන්ගේ මඟ පෙන්වීම සමඟින් නැවුම් කණ්ඩායමක් ලෙස තව තවත් දියුණුව වෙත ගමන් කිරීම සඳහා සමාගම සූදානමින් සිටී. ඒ ඔස්සේ ඉදිරියේදී පෙරටත් වඩා පාරිභෝගික හිතකාමී සේවාවන් ලබා දීමට සමාගමට හැකියාව ලැබෙනු ඇත. මේ සියල්ල සමඟින් යන්තේරා්පකරණ අලෙවිය, බැහැර දීම් සහ තොරතුරු තාක්‍ෂණ සේවා ඇතුළුව දෘඪාංග හා මෘදුකාංග විසඳුම් සමඟින් සමාගම් හා ආයතනවල ඡායා පිටපත් ඇතුළුව එදිනෙදා කාර්යාලයීය අවශ්‍යතා සඳහා අඩු වියදම් හා කාර්යක්‍ෂම විසඳුම් ලබා දීමට ගෙස්ටෙට්නර් ඔෆ් සිලෝන් සැදී පැහැදී සිටී.
Courtesy: Mawbima Financial Times 13 may 2015