ඔහු සමාගමේ වාර්ෂික වාර්තාවෙන් කොටස්කරුවන්ට පවසා තිබෙන්නේ මෙම සිනමා ශාලා නිසා ඉදිරියේදී මෙම සාප්පු සංකීර්ණයට විශාල පිරිසක් ඇදී එනු ඇතැයි විශ්වාස කරන නිසා ඒ තුළින් වාසි රැසක් අත්වනු ඇති බවයි.
මෙම සිනමා ශාලා තුන ගොඩනැගීම සඳහා තවත් මාස 6-9 අතර කාලයක් ගතවනු ඇතැයි හෙතෙම විශ්වාසය පළකර තිබේ.
මේ වනවිටත්, මෙම සාප්පු සංකීර්ණයේ සිනමා ශාලාවක් තිබෙන අතර අළුතින් ගොඩනගන සිනමා ශාලා බද්දට ලබාදීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.
මෙම ගොඩනැගීම් සඳහා රුපියල් මිලියන 75 ක පමණ මුදලක් වැයවනු ඇතැයි ගණන් බලා තිබෙන අතර සිනමා ශාලා බද්දට ලබාදීම මගින් වසරකට රුපියල් මිලියන 12 ක පමණ මුදලක් උපයා ගැනීමට හැකිවනු ඇති බවත් සෙල්වස්කන්දන් මහතා කොටස් කරුවන්ට දන්වා තිබේ.
පසුගිය මාර්තු වලින් අවසන් වන මුදල් වසරේදී මෙම සමාගම රුපියල් මිලියන 184 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර එය 2010 මුදල් වසර සමග සැසඳීමේදී සියයට 85 ක වර්ධනයකි
http://www.vimasuma.com/