පසුගිය 10 වසර තුල කොළඹ කොටස් වෙළඳපොල බරපතල ලෙස දීර්ඝ කාලයක් තිස්සේ කඩාවැටුන අවස්ථා දෙකක් තිබුනි. ඒ 2011පෙබරවාරි -2012 අගෝස්තු කාලයේ මාස 18ක් තුල අයෝජකයන්ට බිලියන් 460 අහිමි කරමින් හා 2015 ජනවාරි -2015 ඔක්තොබර් මාස 10 තුල ආයෝජකයන්ට රුපියල් බිලියන් 180 අහිමි කරමිනි. මේ දෙවාරයේම කොටස් වෙළඳපොල නියාමක වශයෙන් සිටියේ උද්දච්ච පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන, පක්ශ ගනනාවකින් එලවන ලද දේශපාලුවෙකු වන 74 වියැති තිලක් කරුණාරත්නය.ප්‍රග්ධන වෙළඳ පොල නියාමන පිළිබඳ මෙලෝ දැනුමක් නොමැති ඔහු මෙම තනතුර ලබාගත්තේ රට කරන ඇත්තන්ට දිවා රෑ කන්නලව් කිරීමෙනි. පෞද්ගලික ලකුනු දමා ගැනීම සඳහා තමුන් විසින්ම පාලනය වන කොටස් වෙළඳපොල තුල වංචා දූෂණ ඇතැය් බිල්ලෙකු මවන්නට මේ මෝඩ මිනිසා දරන උත්සාහය නිසා කොටස් වෙළඳපොල පිලිබඳ විශවාසය බිඳ වැටීම මේ අවසථා දෙකේදීම සිදුවු පොදු අකරතැබ්බයය්. 2012 අගෝස්තු මාසයේ අයෝජකයන්ගේ දැඩි ඉල්ලීම මත මුදල් අමාත්යන්ශය විසින් තිලක්ව එලවා දමන ලද නමුත් කොපමන විසිකලත් ආපසු ගෙදරටම හැරී වැටෙන ගෙම්බෙකු මෙන් මේ කාලකන්නි මිනිසා අගමැති රනිල් වික්‍රමසිංහ රවටා කොටස් වෙළඳ පොල නියාමක ලෙස ජනවාරි මාසයේ යලි පත්වීම රටේ අවාසනාවකි. පත්වූදා සිට අද වන තුරු කොටස් වෙළඳ පොල දියුනු කරනවා වෙනුවට මේ දුෂ්ට මහලු මිනිසා කරන්නේ තම පදවි බලතල භාවිත කරමින් කලින් වතාවේ තමුන් ඉවත් කිරීමට මුල්තැන ගත් ආයෝජකයන්ට විරුද්ධව විවිධ පරීක්ෂණ ආරම්බ කරමින් හිරිහැර කිරීම පමනි.
වාර දෙකකට සුරැකුම්පත් හා කොමිසන් සභාවේ සබාපති කම දරා තම විරුද්ධවාදීන්ට එරෙහිව පරීක්ෂණ 220 ට වඩා ආරම්බ කලත් අදවන තුරු එම එකම පරීක්ෂණයක් වත් තිලක්ට අවශ්‍ය ආකාරයට අවසන් වී නැත්තේ කොමිසමේ පළපුරුදු අධීක්ෂක නිලධාරීන් නීතියට පිටින් යමින් කිසිවෙකුට අසාධාරණ ලෙස දඩුවම් කිරීමට ඉඩ නොදෙන නිසාය. තිලක් ක්‍රියාකරන්නේ 1987 පිහිටවු සුරැකුම්පත් හා විනිමය කොමිසන් සහා පනතට පිටින් හිතුමතයට දේශපාලන හා පෞද්ගලික වෛර පිරිමහගන්නට නිසා තමුන්ට එවාට සහාය දිය නොහැකි බව මේඉ නිලධාරීන් නැවත නැවත පෙන්වා දී තිබේ.
මේ නිසා තිලක් කරුණාරත්න අලුත් තුරුම්පුවක් ගසන්නට සුදානම් වෙය්. ඒ ආයතන විධිවිදාන වලට පිටින් පරීක්ෂණ අංශයට එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු වන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කෙනෙකු හා තවත් හෙන්චය්යන් පිරිසක් බඳවා ගන්නටය. කොටස් වෙළඳ පොල ගැන මේ අයට මෙලෝ දැනුමක් නොමති වුවත් තමුන්ට අවශ්‍ය පලි ගැනීම් සඳහා මොවුන් යොදා ගැනීමටත් ඒ තුලින් යහපාලන ක්‍රමයට තම සතුරන්ට අති පදම් මඩ ගැසීමට මේ අනුව කරුණාරත්නට ඉඩ ප්‍රස්තාව සැලසෙනු ඇත.
කොටස් වෙළඳ පොලේ ආයෝජනය කර ඇත්තේ පොහොසතුන් පමනක් නොවේ. ආයෝජකයන්ගෙන් 90% ට වඩා ඉන්නේ පොඩි මිනිස්සුය. ඔවුන් කොටස් වෙළඳ පොලට ඇවිත් තිබෙන්නේ කීයක් හරි හොයා ගන්නටය. නමුත් තිලක් කරුණාරත්නගේ පලිගැනීමේ වියරුව තිබෙන තුරු ඔවුන්ට ඉතින් දෙය්යන්ගෙ පිහිට විතරය. මන්දයත් තිලක් කරුණාරත්න යනු කොටස් වෙළඳපොලට සාපයක් පමනක් නිසාය. ආයෙත් මේ පිස්සා එලවන තුරු කොටස් වෙළඳ පොල නම් ගොඩ යන්නේ නැති බව දන්නෝ දනිති.
නීති කැඩීම පහසුය. එහෙත් එවාට වන්දි ගෙවන්නට වන දවස ඈත නොවේ. මේ නිසා තිලක්ගේ පදයට නටන අනෙකුත් කොමිසම් සබා සාමාජිකයන්ට අප මතක් කරන්නේ ප්‍රසිද්ධ පුවත්පතක දැන්වීමක පලකොට විවෘත ක්‍රමවේදයකට සුදුසුකම් ඇති අය අධීක්ෂණ නිලධාරීන් පත් නොකට තිලක්ගේ උවමනාවට පොලිස් දඩ බල්ලන් සුරැකිම්පත් හා විනිමය කොමිසන් සභාවේ වගකිවයුතු තනතුරු වලට පත්කලහොත් අනාගතයේ උත්තර බඳින්නට වන්නේ තනි තනිව බවය.
කොටස් වෙළඳපොල කාගෙන කාගෙන යන මේ වියරු මිනිසා ගැන වගකිවයුත්තන් දැනුවත් කොට ඔහුගේ වෛරයෙන් රට බේරා ගැනීමේ සාමුහික වගකීම අනෙක් කොමිසන් සභා සාමජිකයන් නුදුරේදීම ඉටුකරනු ඇතය් ආයෝජකයන් ලෙස අපි බලාපොරොත්තු වෙමු.