මේ අනුව, සමාගම විසින් දැනට සිය වතුවල ජල මූලාශ උපයෝගී කරගනිමින් නිපදවන මෙගාවොට් 3.2 ක් වන විදුලි බලය 2013 වනවිට මෙගාවොට් 16 ක් දක්වා වැඩිකිරීමට සැලසුම් කර තිබෙන බවත් මෙම විදුලිය ජාතික පද්ධතියට විකිණීමට නියමිත බවත් සමාගම සිය වාර්ෂික වාර්තාවෙන් කොටස් කරුවන්ට දැනුම් දී ඇත.
මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට නියමිතව ඇත්තේ Browns Investments සමාගමට අනුබද්ධ සමාගමක් වන Free Lanka Capital Holdings සමාගම මගිනි.
මේ වනවිට, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමට අයත් ජල විදුලි බලාගාර දෙක වන්නේ Delta සහ Sanquhar යන බලාගාරයි.
සමාගමට අයත් මධ්‍යම කඳුකරයේ පිහිටි පුස්සැල්ලාව හා මතුරට යන වතුයායන්හි අක්කර 19,000 ක තේ හා අක්කර 13,000 ක රබර් වගාවක් ඇත.
vimasuma.com