මේ අනුව, සිට්ට්‍රස් ලෙෂර් සමාගමට අනුබද්ධ කල්පිටිය බීච් රිසෝර්ට්ස් හා වස්කඩුව බීච් රිසෝර්ට්ස් යන හෝටල් රුපියල් මිලියන 470 කට වැඩි මුදලක් මහජන කොටස් නිකුතු මගින් රැස් කිරීමට සැලසුම් කර තිබෙන අතර ඒ සඳහා කොළඹ කොටස් වෙළඳ පොළේ අවසරය හිමිව ඇත.
මේ අනුව, නොවැම්බර් 30 වනදා විවෘත වන කල්පිටිය බීච් රිසෝර්ට්ස් කොටස් නිකුතුවේදී එකක් රුපියල් 17.50 ක් වන කොටස් මිලියන 16.2 ක් නිකුත් කරන අතර උපයා ගැනීමට සැලසුම් කර තිබෙන මුදල රුපියල් මිලියන 283 කි.
එදිනම මහජනයාට විවෘත වන වස්කඩුව බීච් රිසෝර්ට්ස් කොටස් නිකුතුවේදී එකක් රුපියල් 12.50 ක් වන කොටස් මිලියන 15.6 ක් නිකුත් කෙරෙන අතර රුපියල් මිලියන 195 ක් උපයා ගැනීමට සැලසුම් කර තිබේ.
මේ අතර, ඒෂියා කැපිටල් සමාගම් සමූහයට අයත් ඒෂියා ඇසට් ෆිනෑන්ස් ලිමිටඩ් යන ලියාපදිංචි මූල්‍ය සමාගම එකක් රුපියල් 2.50 ක් වන කොටස් මිලියන 120 ක් මහජනතාවට නිකුත් කිරීමට සැලසුම් කර ඇත.
මෙම කොටස් නිකුතුව නොවැම්බර් 28 වනදා මහජනතාවට විවෘත වන අතර මෙම කොටස් “දිරිසවි“ පුවරුවේ ලයිස්තු ගත කිරීමට අවසර ලබාදී තිබේ.
මෙම සමාගම 2011 මාර්තු 31 අවසන් වූ මුදල් වසරේදී රුපියල් මිලියන 79.7 ක මුදලක් ශුද්ධ ලාභ ලෙස ලබා තිබෙන අතර ඊට ඉහත වසරේ අදාළ කාලයේදී ලබා තිබුණේ රුපියල් මිලියන 84 ක පාඩුවකි.
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3542&Itemid=56