TA යනු 'කොටස් වෙළඳ පොළේ මිල ගනන් ඉහල - පහල යාම පිලිබඳ අනාවැකි පල කිරීම සඳහා කොටස් වෙළඳ පොළේ ක්‍රියාකාරිත්වය(market action) පිලිබඳ, ප්‍රධාන වශයෙන් ප්‍රස්ථාර උපයෝගී කර ගෙන කරනු ලබන අධ්‍යයනය කිරීමයි.'
මෙහිදී කොටස් වෙළඳ පොළේ ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කිරීම සඳහා කරුනු තුනක් සැලකිල්ලට ගනු ලැබේ.
1.මිල (price)
2.පරිමාව (volume)
3.ජනප්‍රියතාවය (open interest)
TA වල සාර්ථකභාවය ප්‍රධන උපකල්පන තුනක් මත පදනම් වෙයි.
1.කොටස් වෙළඳ පොළේ ක්‍රියාකාරිත්වයෙන් සැම දෙයක්ම පෙන්නුම් කෙරෙයි. (Market action discounts everything)
2.මිල ගණන් රටාවකට ඉහල - පහල යයි. (Prices move in trends)
3.කලින් සිදු වුනු දෙය නැවත - නැවතත් සිදුවේ. (History repeats itself)
කොටස් වෙළඳ පොළේ ක්‍රියාකාරිත්වයෙන් සැම දෙයක්ම පෙන්නුම් කෙරෙයි. (Market action discounts everything) :-
TA වල මූලික ම උපකල්පනය මෙයයි.(cornerstone) කොටසක(share) මිල කෙරෙහි කරුනු රාශියක් බලපායි. උදා:-ආයතනයේ ක්‍රියාකාරීත්වය(fundamental value), දේශපාලනික බලපෑම්, ආයෝජකයන්ගේ මානසික මට්ටම
නමුත් TA කරන්නා සිතනු ලබන්නේ මේ සෑම දෙයක්ම කොටසක මිලෙන්(market price or share price) පිලිබිඹු වන බවයි. එනිසා අනාවැකි පල කිරීම සඳහා කොටසක මිල පිලිබඳ අධ්‍යයනය කිරීම පමනක් ප්‍රමානවත් බව ඔහු සිතයි.
ආර්ථික විද්‍යාවේ මූලික සෛද්ධාන්තය වන ඉල්ලුමේ හා සැපයුමේ (supply and demand) වෙනස්වීම් මිලේ ක්‍රියාකාරීත්වය(price action) මගින් පෙන්නුම් කෙරේ යැයි ඔහු විශ්වාස කරයි.
මිල ගණන් රටාවකට ඉහල - පහල යයි. (Prices move in trends) :-
මෙම උපකල්පනය ද ඉතාමත් වැදගත්ය.මිල ගණන් ප්‍රස්තාර ගත කිරීම කරුනු ලබන්නේ හැකිතාක් ඉක්මනට මෙම රටාව හඳුනා ගැනීම සඳහා ය.එම ඉහල හෝ පහල යෑමේ රටාව(trend) හඳුනා ගත් පසු එම රටාව(up trend or down trend) ආපසු හැරෙන තුරු දිගටම පවතින බව ද මෙහි දී විශ්වාස කරනු ලැබේ.(නිවුටන් ගේ පළමු නියමයට අනුව)
කලින් සිදු වුනු දෙය නැවත - නැවතත් සිදුවේ. (History repeats itself) :-
කලින් ඇතිවූ රටාවන් යලි - යලිත් ඇතිවන බව මෙහි දී විශ්වාස කරනු ලැබෙයි.එනිසා අතීත රටාවන් අධ්‍යයනය කිරීම තුලින් අනාගත රටාවන් පිලිබඳ අනාවැකි පල කල හැක.
(The book called TA of Financial Markets by John J. Murphy is used and I am very grateful to him.)
Last edited by rijayasooriya on Mon Apr 02, 2012 1:31 pm; edited 1 time in total (Reason for editing : Title changed)