TA වලින් කොටස් වෙළඳ පොලේ ක්‍රියාකාරීත්වය(market action) පිලිබඳ අධ්‍යයනය කරන අතර FA වලින් එම ක්‍රියාකරීත්වය සඳහා හේතු වූ කරුනු පිලිබඳ අධ්‍යයනය කෙරෙයි.
TA වල පළමු උපකල්පනයට(කොටස් වෙළඳ පොළේ ක්‍රියාකාරිත්වයෙන් සැම දෙයක්ම පෙන්නුම් කෙරෙයි) අනුව FA ද TA වල ඇතුලත් වන බැවින් නැවත වරක් FA අධ්‍යයනය කිරීම අනවශ්‍ය බව TA කරන්නා සිතයි.
එනමුදු මෙම විදි දෙක පිලබඳ වම අවබෝධයක් තිබීම වැදගත්ය.
TA වල ප්‍රධාන වැදගත්කම වන්නේ එය FA වලට වඩා පියවරක් ඉදිරියෙන් සිටින බැවිනි. එනම් TA කරන්නා මිල රටාව(price trend) කලින්ම හඳුනා ගනී.ඔහු FA වලදී මෙන් හේතුව පෙනෙනා තෙක් බලා නොසිටියි.මෙහිදී පැවසිය යුතු තවත් කරුනක් වන්නේ අතීතයේ ඇතිවූ සමහර ගොන් සහ වලස් චක්‍ර (bull and bear cycles) ආරම්භ වීමේදී fundemental හේතුවක් ඒ තරම් දක්නට නොලැබී තිබීමයි.
TA වල තවත් වැදගත් කමක් වන්නේ එය කාල රාමුවකට සීමා නොවීමයි.එනම් එය කෙටි කාලීන,මධ්‍ය කාලීන හෝ දිගු කාලීන යන සියලුම ආයෝජනයන් සඳහා උපයොගී කරගත හැකි වීමයි.FA කෙටි කාලීන ආයෝජනයකට යොදා ගත නොහැක.(intraday trading)
කෙසේ නමුදු අවසානයේ දී පැවසිය හැක්කේ TA වලින් පමනක් ගනු - දෙනු (trade) කල හැකි වුවත් FA වලින් පමනක් ගනු - දෙනු කිරීම අපහසු බවයි.
මෙම පූර්විකාව අවසාන කිරීමට මත්තෙන් TA වලට ඇති විවේචන කීපයකුත් දක්වමි.
1.අනාවැකිය නිසාම සිදුවෙන අනාවැකියකි.(Self-fulfilling prophecy)
2.අතීත මිල ගණන් මගින් අනාගත මිල ගණන් පිලිබඳ අනාවැකි පලකල හැකිද ?
3.කොටස් මිල අහඹු ලෙස ඉහල පහල යයි.(Random Walk Theory)
අනාවැකිය නිසාම සිදුවෙන අනාවැකියකි.(Self-fulfilling prophecy) :-
මෙහි කිසියම් සත්‍යයක් නැතිවාද නොවෙයි.එනමුදු TA මූලිකවම කරනු ලබන්නේ රටාවන් හඳුනා ගැනීම මගිනි.මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි.අනෙක් කරුණ නම් රටාව එකවර හඳුනා ගත්තත් කොටස් මිළදී ගැනීමේ (entry point) අවස්ථාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි.තවත් කරුණක් නම් ස්වයං නිවැරදි කරගැනීමේ ස්වභාවයයි. (self - correction) එනම් සාමූහිකව කරනා මිලදී ගැනීම, වෙළඳ පොලෙහි අමුතු වෙනස් වීමක් හෝ බලපෑමක් ඇති කරනා තෙක් පමණක් ප්‍රස්ථාරය පිළිබඳ විශ්වාසය තබන විශ්ලේෂකයා ඉන්පසු වඩාත් සැළකිලිමත් වෙයි.තවදුරටත් පැවසිය යුතු කරුනක් වන්නේ ආර්ථික විද්‍යාවේ ඉල්ලුම් - සැපයුම් න්‍යායද මෙහිදී අමතක කළ නොහැකි බවයි.
ඒ නිසා මෙම විවේචනය හැම විටම සත්‍යයක් ද නොවෙයි.
අතීත මිල ගණන් මගින් අනාගත මිල ගණන් පිලිබඳ අනාවැකි පලකල හැකිද ? :-
මෙයට දිය හැකි පිලිතුරක් වන්නේ අනාවැකි පල කිරීමට අතීත මිල ගණන් හැර වෙන කිසිවක් ඇත්තේද යන්නයි.
කොටස් මිල අහඹු ලෙස ඉහල පහල යයි.(Random Walk Theory) :-
සෛද්ධාන්තිකව හා තර්කානුකූලව මෙහි සත්‍යයක් ඇති බව පෙනී යන මුත් ප්‍රායෝගිකව ප්‍රස්ථාර දෙස බැලීමේදී අත්දැකීම් බහුල විශ්ලේෂකයාට එය එසේ නොවන බව පෙනී යයි.කිසියම් රටාවක් ඇතිබව අත්දැකීමෙන් අවබෝධ කර ගනී.
PS:-My intentions of writing this post are
1.To avoid the unnecessary criticism to this valuable art and science.
2.Prevention of drowning of new comers in deep ocean of TA.
Next I am going to translate something about Dow Theory.
Last edited by rijayasooriya on Tue Apr 17, 2012 12:57 pm; edited 1 time in total