සිය අමාත්‍යංශය සමග එවැනි කිසිම සාකච්ඡාවක් සිදු කොට නැති බවයි ඇමතිවරයා සංදේශයට ප්‍රකාශ කළේ.
සංදේශය සමග සාකච්ඡාවකට එක්වූ කෘෂි කාර්ම සංවර්ධනය පිලිබඳ ජනාධිපති උපදේශක තනතුරෙන් ඊයේ ඉල්ලා අස්වූ හේම කුමාර නානායක්කාර කියා සිටියේ 1916 දී පිහිටුවන ලද කුණ්ඩසාලේ කෘෂි බීජ ගොවිපොළ සම්පූර්ණයෙන්ම සමතලාකොට අභ්‍යන්තර ගුවන් තොටුපොළක් ඉදිකිරීම සඳහා සැළැස්මක් ඇති බවයි.
සීතා එළිය අර්තාපල් බීජ ගොවිපොළ පිහිටා ඇති භුමියේ ද අභ්‍යන්තර ගුවන් තොටුපොළක් පිහුටුවීමට සැළසුම් කොට ඇති නිසා තමා ජනාධිපති උපදේශක තනතුරෙන් ඉල්ලා අස්වූ බව හෙතෙම සංදේශයට ප්‍රකාශ කළේය.
ප්‍රශ්නයකට පිළිතුරුදෙමින් මහින්ද යාපා අබේවර්ධන ඇමතිවරයා, ගුවන් තොටුපොලක් සඳහා කුණ්ඩසාලේ කෘෂි භුමිය ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක නිරීක්ෂණ කටයුතු පමණක් සිදු කර ඇති බව පිළිගත්තේය.
එහෙත් ඒවා සුදුසු බවක් හෝ ඒ පිළිබඳව කිසිදු තීරණයක් හෝ ගෙන නොමැති බවයි ඇමති වරයා ප්‍රකාශ කළේ.
කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලය සුරකීමේ ව්‍යාපාරය, බීජ ගොවි පොළ ඉදිරිපිට අද දවසේත් ගුවන් තොටුපොළක් ඉදිකිරීමට ඇති සැලැස්මට විරෝධය පල කළ අතර එම සංවිධානයේ කැඳවුම්කරු, රසික දීපාල් විජේසිංහ පැවසුවේ මේ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යයංශයෙන් විමසා ලිපියක් යැවූද මෙතෙක් කිසිදු පිළිතුරක් ලැබී නැති බවයි.
එසේ ලිඛිත පිළිතුරක් යැවීමට තරම් ගැටළුවක් මතු වී නැති බව අප කළ විමසීමේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
රටේ දේශීය කෘෂිකර්මාන්තයට මේ ගන්නා තීරණ හේතුවෙන් සිදුවිය හැකි අනිසි ප්‍රතිවිපාක පෙන්වා දෙමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත තමා ලිපියක් ඉදිරිපත් කල බව හේම කුමාර නානායක්කාර ප්‍රකාශකළේය.
ඔහු ඉල්ලා අස්වූයේ පෞද්ගලික හේතු මත යැයි මහින්ද යාපා අබේවර්ධන ඇමතිවරයා පැවසීය
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2012/06/120623_hemakumara.shtml