සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු සභාපති තිලක් කරුණාරත්න මහතා විසින් හෙළි නොකරමින් මාෆියා කල්ලිය ලෙස හැඳින්වූ කොටස් වෙළඳපොළ පාලනය කරන කණ්ඩායම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලාල්කාන්ත මහතා විසින් හෙළිදරව් කළේය.
අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරය විසින් ‘ආර්ථික ඝාතකයින්ට තවදුරටත් ඉඩ දෙමුද’ යන මැයෙන් කොළඹඳ සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයේදී ඒ මහකා මේ බව කීය.
ඒ මහතාට අනුව එම කණ්ඩායමේ වන්නේ නිමල් පෙරේරා, දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ සහෝදරයා වන රේනද සිල්වා, නේෂන් ලංකා ෆයිනෑන්ස් අධිපති සන්ඩේ ලීඩර් වත්මන් හිමිකරු අසංග සෙනෙවිරත්න, සොෆ්ට්ලොජික් අධිපති අශෝක් පතිරගේ, එන්.එස්.බී. කොටස් ගණුදෙනුවට සම්බන්ධ ඩිනාල් විජේමාන්න, තැප්‍රොබේන් සිකියුරිටීස් ආයතනයේ අජිත් දේවසුරේන්ද්‍ර, දෙරණ ආයතනයේ හිමිකරු දිනිත් ජයවීර, යන අයයි.
මෙම කල්ලිය විසින් ලංකාවේ කොටස් වෙළෙඳ පොළ මෙහෙයවන බවත් මහ බැංකු අධිපති අජිත් කබ්රාල්, මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දර රටේ ආර්ථිකය මෙහෙය වන බවත් වැඩිදුරටත් ලාල්කාන්ත මහතා කියා සිටියේය.
http://lankacnews.com/sinhala/news/76740/