අවසාන යාවත්කාලීන කිරීම : 2013 පෙබරවාරි 22 සිකුරාදා - 17:24 GMT
BBC Sandeshaya
වසර අවසානය වන විට විශේෂයෙන්ම යුරෝ මුදල භාවිත කරන කලාපයේ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන බවද වාර්තාව ප්රකාශ කරයි
යුරෝපා රටවල ආර්ථිකය මේ වසරේදී බලාපොරොත්තු වූවාට වඩා මන්දගාමී ප්රවණතාවයක් පෙන්නුම් කරනු ඇති බව අලුත්ම වාර්තාවල දැක්වේ.
යුරෝ මුදල භාවිත කරන රටවල ආර්ථිකය මේ වසරේදී වර්ධනය වනු ඇති බව කලින් බලාපොරොත්තු වූවත්, එය සියයට බින්දුවයි දශම තුනකින් බිඳ වැටෙනු ඇති බවයි එම වාර්තාව පවසන්නේ.
සමස්ත යුරෝපයේ ආර්ථිකය කිසිදු වර්ධනයක් හෝ අවවර්ධනයක් පෙන්නුම් නොකරන අතර යුරෝපය පුරා විරැකියාව ඉහල යනු ඇති බවත් එහි සඳහන්.
කෙසේ වුවත් වසර අවසානය වන විට විශේෂයෙන්ම යුරෝ මුදල භාවිත කරන කලාපයේ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන බවද වාර්තාව ප්රකාශ කරයි.