(www.randora.lk-27/05/14 )- ලබන සිංහල අවුරුද්දට පෙර ජනාධිපතිවරණයක් සඳහා රජය දින නියම කරමින් පවතිද්දි කිසිසේත්ම හදිසියේ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා ඉවත් කිරිමේ අදහසක් රජය සතුව නැතැයි ,රජයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු හා අමාත්‍යාංශ ලේකම් වරයෙකු රන්දොරට කීය.
කෙසේවෙතත්,ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් ආචාර්ය ජයසුන්දර ඉවත්ව යාමට තිරණය කර ඇති පසුබිමක එයට සෙෘඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයේ මේ වන විට ආන්දෝලනයට තුඩු දි ඇති දොස්තර නිහාල් ජයතිලක මහතා පත් කිරිමටත් සෙෘඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැනට වැවිලි අමාත්‍යාංශයේ ලේකම් හා ශ්‍රී ජයවර්ධන පුර සරසවියේ උප කුලපති මහාචාර්ය එන්.එල්.ඒ කරුණාරත්න මහතාගේ බිරිද වන සුධර්මා කරුණාරත්න මහත්මියත් පත් කිරිමට තීරණය කර ඇතැයි හෙතෙම කීය.
කවුරු විවේචනය කළත් දෙස් විදෙස් සියළු බලවේග සමඟ සුහදව සබදතා පවත්වා ගෙන යමින් ආචාර්ය ජයසුන්දර මුදල් ලේකම් ධුරයේ මේ වන විට තමන්ට හැකි උපරිම සේවය කරනවා.මොහුගේ සේවය අභීභවා යන සේවයක් ලබා ගත හැකි අයෙකු මෙරටින් සොයා ගැනිම දුෂ්කර විය හැකියි.යැයිද හෙතෙම කීය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන ධුර කාලයේ සිවි අවුරුදු කාලය මෙම නොවැම්බර් මස සම්පුර්ණ විමට නියමිත අතර ඒ අනුව එදිනෙන් පසු සහ ලබන සිංහල අවුරුද්දට පෙර යළි ජනාධිපතිවරණයක් පවත්වා තෙවන වරටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කරවිම රජයේ අරමුණ බවද හෙතෙම කීය.