(www.randora.lk-29/05/14 )- කොළඹ කොටස් වෙළෙඳ පොළ අද දිනයේ ඒකක 31.01 කින් ඉහළ යමින් ඒකක 6303.77 ක් වු අතරේ S&P දර්ශකය ඒකක 31.07 කින් ඉහළ යමින් ඒකක 3481.72 ක් විය.
ශ්‍රී ලංකා ටෙලිකොම්,බුකිත් ධාරා ,කොමාර්ෂල් බැංකු දිනයේ දර්ශකයේ ඉහළ යාමට දායක වි ඇත.
දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 811 ක් වු අතරේ එයින් රුපියල් මිලියන 307 කම දායකත්වය ජෝන් කීල්ස් විසින් ලබා දෙනු ලැබිය.
අද වාර්තා වු එකම ගිවිසගත් ගනුදෙනුව වුයේ ජෝන් කීල්ස් හි කොටස් 831,988 ක් කොටසක් රුපියල් 234 බැගින් හුවමාරු විමයි.
කොමාර්ෂල් බැංකුව රුපියල් මිලියන 94 කින්ද ,ටෙක්ස්ටර්ඩ් ජර්සි හා ලංකා දුම්කොළ රුපියල් මිලියන 48 කින්ද, දායක විය.
ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් මුළික කොටස් නිකුතුව සදහා ඊයේ වන විට රුපියල් මිලියන 303.8 ක අයදුම්පත් ලද බවද නිවේදනය විය.