පැනමා ලිපි ගොනු අතර සැගවූ ලංකාවේ හේමාස් ගැනත් තොරතුරු එළියට
- Sunday, 17 April 2016 05:10
- Written by Editor
- Be the first to comment!
- Print
- Email
- 1
- 2
- 3
- 4
- 5
[size]
(0 votes)[/size]
Editor
ලොව ක්‍රියාත්මක වන රහසිගත සමාගම් අතුරින් එකක් වන පැනමා රාජ්‍යයේ මොසැක් ෆොන්සේකා නීතිඥ ආයතනය සතු ලිපිගොණු මිලියන 11.5 ක අඩංගු රහසිගත තොරතුරු අතරෙහි ලංකාවේ ප්‍රසිද්ධ සමාගමක් වන හේමාස් සමාගමෙහි තොරතුරු ඇතුලත් වන බවට තොරතුරු හෙලිදරව් වී ඇත.
මොසැක් ෆොන්සේකා සමාගම පැනමා රාජ්‍යය තුළ වසර හතළිහක කාලයක් තිස්සේ ක්‍රියාත්මක විය
තම රටවල ආදායම් බදු සීමාවන්වලට හසු නොවී බදුවලින් රිංගා යෑම සඳහා වෙනත් රටවල සමාගම් ලියාපදිංචි කරන ධනවතුන්, දූෂිතයන් සහ අපරාධකරුවන් විසින් තම මුදල් එම සමාගම්වල යෙදවීම මෙම සමාගමෙහි මූලික කාර්යය වී ඇති අතර ඒ අනුව ලංකාවේ බදුවලින් රිංගා යාම සදහා අදාළ හේමාස් සමාගම ද මෙම මොසැක් සමාගමෙහි පිහිට පතා ඇති බවට තොරතුරු හෙලිදරව් වී ඇත.
සමාගමෙහි අධ්යක්ෂ මණ්ඩලයේ සහෝදරයින් තිදෙනෙකුගේ නම් මෙහි ඇතුලත් වන අතර අදාළ තොරතුරු හෙළිදරව් වීමත් සමග ලංකා මහ බැංකුව මගින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක්ද ආරම්භ කිරීමට පියවර ගනිමින් පවතින බවට තොරතුරු හෙළිදරව් වෙමින් පවතී.
අදාළ සමාගමෙහි බදු සම්බන්ධ සාක්ෂි ලෝකයාගෙන් වසන් කිරීමට මොසැක් සමාගම කටයුතු කොට ඇති අතර ජාත්‍යන්තර වත්කම් සීමාවලට හසු නොවන ආකාරයෙන් මුදල් විශුද්ධිකරණය කිරීමට හා නියමිත බදු ගෙවීමෙන් නිදහස් වී සිටීමට මොසැක් ෆොන්සේකා නීතිඥ සමාගම සිය සේවාදායකයන්ට පහසුකම් සලසා ඇත.
ඒ අනුව අදාළ ලිපි ගොනුවල හේමාස් සමාගමෙහි අධ්යක්ෂ මණ්ඩලයේ සමාජිකයින් වන හුසේන්ඉසුෆුලි ( husein esufally), අබ්බාස් ඉසුෆුල් (abbas esufally )හා මුර්ටාසා ඉසුෆුලි (murtaza esufally )යන තිදෙනාගේ නාමයන් අදාළ පැනමා ලිපිගොනු අතර වන බවට තොරතුරු හෙළිදරව් වී ඇත.
කෙසේ නමුත් මෙකී සමාගම සතුව ලංකාවේ ධනය කෝටි ප්රෙකාටි ගණනින් වන අතර සමාගමෙහි අණු කණ්ඩයන් විශාල ප්‍රමාණයක්ද ලංකාවේ මෙන්ම ලොව පුරාද ව්‍යාප්තව පවතී.
සාමාන්‍ය ජනතාව වෙත බදු නීති රීති පැනවීමේදී ලංකාවේ ආර්ථිකයේ ධනය මහ බැංකුව වෙත ගලායාමේ හා මූල්‍ය සංසරණයේදී සෘජු බලපෑමක් වන අතර අනේක විධ බදු පැනවීම් මග හැරීමට හේමාස් සමාගම මෙම පැනමා නීතිඥ සමාගමෙහි දීර්ග කාලයක් සේවය ලබාගැනීම සම්බන්ධයෙන් අදාළ විමර්ශන පැවැත්වීමට කටයුතු කරමින් පවතින බවද වාර්තා වේ.
සම්පූර්ණ උපුටා ගැනීම - pawura.com