පීපල්ස් ලිසිං හි රු. දසලක්ෂ 469ක මුල්‍ය වංචාවක් Featured
24 June 2015මහජන බැංකුවට අනුබද්ධිත ආයතනයක් වන පීපල්ස් ලිසිං ආයතනයේ සිදුවී ඇති රුපියල් දසලක්ෂ 469 ක මුදලක් සම්බන්ධ මුල්‍ය වංචාවක් හෙලිදරව් කරගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අශෝක අබේසිංහ හා අචල ජාගොඩ මහත්වරු පවසති.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (23) පැවැති 'හෙළිදරව්ව' මාධ්‍ය සාකච්ඡා මාලාවේ දෙවන සාකච්ඡාවට සහභාගි වෙමින් මන්ත්‍රීවරු මේ බව ප්‍රකාශ කළහ.
එහිදී මන්ත්‍රීවරු දෙපළ සඳහන් කළ සෙසු කරුණු මෙසේ ය.
පීපල්ස් ලිසිං ආයතනය මගින් රුපියල් දසලක්ෂ 140 ක මුදලක් කිසිදු ඇපයක් නොමැතිව කොස්මික් කන්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් නම් ආයතනයකට ලබාදී තිබේ.
එමෙන්ම පීපල්ස් ලිසිං ආයතනය මගින් ඉකුත් ජනාධිපතිවරණයට රුපියල් දසලක්ෂ 250 ක මුදලක් සෘජු ලෙස ලබාදී ඇත.
බ්‍රෝකර් ගාස්තු ගෙවීමක් :
විදුලිබල මණ්ඩලය පීපල්ස් ලිසිං ආයතනයේ රුපියල් දසලක්ෂ 79 ක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීම නිමිත්තෙන් බ්‍රෝකර් ගාස්තු ගෙවීමක් පිළිබඳව ද අනාවරණය වන බව ඔවුහු පැවසුහ.
සාමාන්‍යයෙන් රාජ්‍ය ආයතන දෙකක් අතර සිදුවන ගණුදෙනුවකදී බ්‍රෝකර් ගාස්තු වශයෙන් පුද්ගලික අංශයට ගෙවීම නීති විරෝධි ක්‍රියාවකි.
ඒ සදහා මහබැංකුවේ පුර්ණ අනුමැතිය අනිවාර්ය වේ.
එවැනි අනුමැතියකින් තොරව කැපිටල් එලායන්ස් ඇන් සෙනෙට් නම් ආයතනයට කොමිස් ලෙස විශාල මුදලක් ගෙවීම නීති විරෝධි බව ඔව්හු පවසති.
එම වංචා පිළිබඳව සියලු තොරතුරු හා ලියකියවිලි පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ලබාදී තිබේ.
ඒවා පිළිබඳව එම කොට්ඨාශය මගින් විමර්ශනයක් කොට අදාල වාර්තාව නීතිපතිවරයා වෙත යොමුකර තිබෙන බවද ඔව්හු පවසති.
නිසි ක්‍රමවේදයක් යටතේ අදාල චුදිතයන්ට එරෙහිව රටේ පවතින නීති රාමුවට අදාලව නිසි දඩුවම් ලබාදීමට ක්‍රියාකරන බවද ඔව්හු පවසති.
කෝටි 3500ක් පොලු තියලා :
මහජන බැංකුව ලබාදෙන ලද රුපියල් කෝටි තුන්දහස් පන්සීයකට අධික ණය මුදලක් අයකරගත නොහැකිව (අක්‍රීය ණය) තිබෙන බවද එම මන්ත්‍රීවරුන් දෙදෙනා හෙළිදරව් කළේය.
වසර 2014 වන විට රුපියල් කෝටි හැත්තනමදහසක තැන්පතු බැංකුව සතුව තිබූ අතර ඉන් බැංකුව රුපියල් කෝටි හැටනමදහසකට වඩා ණය දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩ මහත්වරු පැවැසූහ.
මේ ණය ප්‍රමාණය සමස්ත ණයෙන් සීයට පහක් පමණ වන බවත් මන්ත්‍රීවරු සඳහන් කළහ.