ලංකාවේ රූපවාහිණිය පැමිනීමත් සමග අප බලාපොරොත්තු වූ දහසක් දේ අතර මුල් තැනක් ගත්තේ නවීන විද්‍යාව හා ලෝක දැනුම ජන සමාජය ට පැතිරෙනු ඇති බවත් ආදි කල්පික මිත්‍යා විශ්වාස හදි හූනියම් ආදිය කෙමෙන් සමාජයෙන් තුරන් වි යනු ඇති බවත් ය.
නමුත් සිදු වූයේ කුමක් ද ?
රූපවාහිණිය කේන්දර, ගුරුකම් හා විවිධවූ ගුප්ත විශ්වාස සමාජය පුරා දැඩි ලෙස පතුරුවන මාද්‍යයක් වීමය.
බිස්නස් කාරයන් විසින් මුදල් යොදවා ප්‍රචාරය කළ විවිධ වැඩසටහන් හා ඒ ඒ චැනල තරගයට කරන ගුප්ත වැඩ සටහන් නිසා දැන් මෙය වසංගතයක් වී ඇත.
අමූලික බොරු කියමින් වාලම් පූරි විකුණන මහා මන්ත්‍රචාරිලාගේ සිට තමන් කියන පට්ට පල් බොරු වලින් එකක් දෙකක් අහඹු ලෙස හරි යෑම නිසා කෝටි පතියන්වූ හොර කේන්දර කාරයන් වැහි වැහැලාය.
උන් එක එකාගේ බොරුව හෙලිවන විට කෝටි ගණනක් උපයගෙන අවසන්. එකෙක් හැලෙන විට තව පෝලිමක් ඉදිරියට එයි.
කේන් දර කාරයෝත් චැනල් කාරයෝත් පත්තර කාරයෝත් එකිනෙකා ගේ උදව්වෙන් තම බිස්නස් වැඩි කර ගනිති.
යහපාලනේ කරන්න ආ අය කිසිවකු නොසිතූ මට්ටමින් රට අවුල් කරන විට උන්ට පොල් ගැසීමත් කාලි මෑණියන් ට කන්නලවු කිරීමත් අලුත්ම සෙල්ලම වී ඇත.
මිත්‍යා විශ්වාස සමාජයෙන් තුරන් කිරීම සමාජ ප්‍රගමනය සඳහා වැදගත් ය යන්න අදහපු හා ඒ අනුව මෙතෙක් ක්‍රිය කළ අයගේ කරුමය වන්නේ ,
මේ පොල් ගැසීම් වලින් පසු එකිනෙකට කිසිම සම්බන්ධයන් නැති හේතු මත හෝ අප නොදන්නා වෙනත් හේතු මත යහපාලන නියමුවෝ පෝලිමේ විවිධ අතවර , හානි, කරදර වලට පත් වෙමින් සමහර අය මරණය දක් වා ඇද වැටී තිබීමය.
අලුත්ම එක චම් පික ගේ රිය අනතුර ලු.
මේ කරදර එන්නේ රට රකින ගුප්ත බල වේග වල ප්‍රහාර නිසා යැයි සාමාන්‍ය ජනතාව පමණක් නොව බලවත් දේශපාලකයන් ද විශවාස කරන්නට පටන් ගෙන ඇති බව ඒත්තු යන්නේ රජයට සම්බන්ධ අයම කියන කතා නිසාය.
ඇවන් ගාඩ් සමාගමට විරුද්ධව දැඩි ලෙස ක්‍රියාකළ රාජිත හා චම්පික ඇමති වරුන්ට විරුද්ධව එම රජයේම ඇමති වරයෙක් හා ව්‍යාපාරිකයෙක් අනුරපුරේ "මෑණියෝ" ළඟ කාලි මෑණියන් ට කන්නලව් කළ බවත් ප්‍රතිඵල 'ෂුවර්' බව ඇය කී බවත් පසුගියදා ප්‍රසිද්ධ විය.
ඉන් පසුව කෙටි කලෙකින්ම රාජිත රෝහල් ගත විය. චම් පික අනතුරු ගත වීය.
දැන් "දැක්ක නේද අපේ දේව කන්නලව්වෙ බලේ " කියා ඇතුලේම අය කියති. මේවා ඇහෙන දකින විට රාජිත හා චම්පික කරදරයට පත් වූයේද අනිත් යහපාලන නායකයන් මිය යන්නේ ද මේ ගුප්ත බලවේග හා පොල් ගැසීම නිසා ඇති වූ දේව කෝපය නිසා බව දැන් මිනිස්සු තවත් අදහන්නට පටන් ගෙන ඇත.
සමාජ වෙබ් අඩවි හා රූප චැනල මේවාට මහත් ප්‍රචාරය දෙයි.
දැන් දැන් මෙතෙක් මේවාට විරුද්ධව කතා කළ අපටත් ඇත්තටම මේවාගෙ යම් බලයක් තියෙනවා දෝ යි දෙගිඩියාවට පත් වන්නටත් සිදුව තිබේ.
මින් සිදුවන්නේ තව තවත් මිත්‍යා අන්ධ විශ්වාස වල ඇලී ගැලී අනාගත සමාජය තවත් අගාධයට යාමය. හදි හූනියම් ගැන සැක කර ගහ බැන ගැසීම් මෙන්ම අහිංසකයින් මරා දැමීමද ඔඩු දුවනු ඇත. (තමන් ට හූනියම් කළා යැයි 'පේන' වලින් කියූ විට අසල්වැසියන් මරා දැමීම ලංකාවේ සිදුවේ)
උපන් දා සිට මේවා විශ්වාස කරන බහුතර දේශපාලකයන් ගුප්ත බලවේග කෙසේ වෙතත් තම විශ්වාසය නිසාම මානසිකව ඇද වැටී තවත් පිස්සු නටනු ඇත.
එපමණක් නොවේ මේ යන විදියට ගියහොත් හූනියම් ගුරුකම් කිරීමෙන් කොටස් උඩ යවන්න වට්ටන්න උත්සාහ කරන අය පවා ඇති වීමට පුලුවන්.
ඔබ සතු සමාගම් කොටස් දින 7න් ඉහලම අගයකට යවා දෙනු ලැබේ.
මහා මන්ත්‍රාචාරිණී ස්ටොක්වල්ලියා මාතාව .
බුදු මහේෂ් ගේ රහස ඇයයි. !
වැනි දැන්වීම් ඉදිරියේදී දැක්කොත් පුදුම විය යුතු නැත.