- සුබ දවසක්
- ඉදිරියේ දි ලාභ ගන්න කොළඹ කොටස් වලින් මේ ගැන හිතන්න
- මාර්කට් එක පසුගිය සතියේ ලොකුවට වැටුනා - පුල් බැක් එකක් (කොන්සොලිඩේශන් - රිට්රෙන්ච්මන්ට් ) වුනේ කියලයි මම හිතන්නේ - පුල්බැක් කියන්නේ මාර්ක්ට් එක ටිකක් වේගෙන් වැඩිපුර ඉහල ගියාම - එන පහල බැසීමකට ඒත් ඒවා තාවකාලිකයි - එහෙම පහල බහිනකොට සල්ලි තියනවා නම් තෝරා ගත්තු තාක්ෂණිකව හොද කොටස් මිලයට ගන්න එකෙන් වාසි වෙනවා වැඩී.
- අපි කලබල වෙලා ලොකු ලාභ නැති කොටස් පවා විකුණන එක පුල් බැක් එකකදී අපරාදේ
- ගොඩාක් අය කලබල වෙනවා
- සමහර බ්රෝර්කර් අය පවා මේක පැහදිලි නොකර විකුණන්න විකුණන්න පස්සේ අඩුවට ගන්න කිය කියා අපිව කලබල කරවනවා
- හිතන්න
- අපි විකුණන්න ගන්න විකුණන්න ගන්න එයාලට කම්ශන් එක එනවා .
- ලොකු ලාභ තියනකොට නම් විකුණන්න ඕනා නැතුව කොටස් එක ලව් කර කර ඉන්න එක ගොන්කමක්
- සමහරු වසර ගනන් වලට දාපු දීර්ග කාලීන ආයෝජන එහෙමම තියාන ඉන්න එක වෙනමම කතාවක්
- ඉතින් අපි ජනවාරි අන්තිම කාලෙත් පෙබරවාරි මුලත් එක එක කතා කිය කියා මාර්කට් එක රතු වෙන්න බැස්ස එක ගැන වැළපුනාට - පුල්බැක් කියන දේ (කොන්සොලිඩේශන් - රිට්රෙන්ච්මන්ට්) කියන දේ මාර්කට් වල වෙන්න ඕනා ,
- එහෙම වෙන මාර්ක්ට් එකේ සෞඛ්‍ය සම්පන්න බව වැඩී , ඒ වෙලාවට හොද ලාභ නැත්නම් තමන්ගේ කොටස් කලබලේට විකුණන එක හරියට ,
- අපි අපේ සල්ලි අනිත් කොටස් වෙළදපල ගැන දැනුම තියන සැබෑ සුපිරි ආයෝජකයන්ට කොටස් දන් දීමක්
- ඒත් අයිසේ අපි මාර්ජින් එකේ ඩොටේ ඉන්නේ - ඉතින් වික්ණුවේ නැතිනම් - බ්රෝකර්ලා මාර්ජින් සපයන අය විකුණනවානෙ ? ඔයා කියන්නේ මාර බයිලා නේ කියල කියයි
- ඒක තමයි අපි හැමතිස්සේම වගේ කියන්නේ
- මාර්ජින් සහ ණය කළමණාකරණය වැදගත් කියලා
- තමන්ට තියන අරමුදල් ප්‍රමාණය අනුව අපි ගේම ගහන්න ඕනා,ලොකු ලොකු සල්ලි කාරයෝ වගේ ගේම් නොගහ සල්ලි නැත්නම්.
- මාර්කට් එක ඉහලට යන්න යන්න
- අපිට අපේ තියන කොටස් මිල ඉහල යන්න යන්න - ඒ වා වල වටිනාකමට බයින් පවර් එනවා ඉතින් අපිට අනිවාර්යෙන්ම හිතෙන්නේ ගහයි ගහයි කියන කොටස් එක්කාසු කරගන්න ඒක සාමාන්‍ය මනුස්ස ගතිය
- උඩ යන කාල වල - පුල් බැක් එයි - මාර්කට් එක දිගටම ගහන්නේ නැ -රතු දවස් එනවා කියල අපිට මතක් වෙන්නේ නැ .අපි දිගටම බයි බයි
- මේ වුනා වගේ පුල්බැක් එකකදි අපි හිර වෙනවා
- එහෙම නොකර මාර්ජින් 15% 20% ඉතුරු කරන් ඉන්න අය සහ සල්ලි ටිකක් තියන් ඉන්න අය - බුවා ලා සේ - පුල්බැක් වැටීම් වලදී අඩුවට කොටස් එක්කාසු කරගන්නවා
- පුල්බැක් -රිට්රෙන්ච්මන්ට් - දිගු කාලයක් පවතින්නේ නැ - ටිකක් 10% -15% වැටිලා මාර්කට් එක ආපහු කොළපාටට එනවා දුවන්න ගන්නවා .
- අර ඊට පෙර ඉහලම අගයන් අභිභවා යනවා - රටේ දේශපාලන ආර්තික පසුබිම - යුද්ධ -සම්භාධක -බෝම්බ ආදී දේ නොවුනොත් ඕකයි වෙන්නේ ...
- මේක තේරුම් ගන්න එක අපිට වටිනවා
- ඒ එක්කම එකපාරටම වැඩි වේගෙන් ඉහල යන ට්‍රේඩින් ග් කොටස් එක්ක හිර වෙලා ඉන්න සෙට් වෙන්න එපා ඒකෙන් මාර්කට් එකම එපා වෙනවා
- ස්ටොප් ලොස් එක තම හිතින් යොදන්න ඉහල යයි කියල හිතලා තාවකාලිකව බයි කරපු කොටස් පල්ලම් බහින්න පටන ගත්තොත් 5% 7% 10% වගේ පාඩුවට දීලා හරි අයින් වෙලා -ආපහු පසුවට ට්‍රේඩින්ග් වලට එන්න පුල්බැක් අහවරක් වුනාම
- මම හිතන්නේ ( මේ පුරෝකතන වරදින්න පුලුවන් ) පුල්බැක් -කොන්සොලිඩේශන් එක ඉවරයි ලබන සතියේ සිට ආපහු කොළඹ කොටස් පුරුදු ගමන යන්න පටන ගනී - ආපහු ටික කාලෙකින් පුල් බැක් එන්න පුලුවනී
- සෝශල් මීඩියා -වට්ස් අප් ගෲප් වල ඉන්නේත් ( මමත් ඇතුලුව ) කොටස් ගන්න විකුණන අය - තමන් ලග තියන ඒව උස්සන්න උත්සාහ කරනවා - පොඩි දේත් ලොකු කරල වර්ණනා කරනවා ඒකත් අපි අමතක කරන්න හොද නැ
- අපේ අය ගාව තියන ලොකුම කුහක කම තමයි තමන් වික්ක ගමන් තමන් ම හොදයි කියපු කොටස් වර්ග වුනත් චාටර් කියල බස්සන්න බලන එක
- ඒක අපි සමහරු හිතන විදිහේ වරදක්
- අපි අව්‍යාජව අපි ලග තිබුනත් නැතත් හිද ශක්තිමත් කොටස් හොදයි කියල කියන්න ඕනා ඒක මාරකට් එකට හොදයි
- ඒක නිසා ඒක අපි ඒ කොටස් නොගත්තත් අපිටත් හොදයි මාර්කට් එක ගහනවා කියන්නේ අපේ ඇගට පතට හොද නිසා - අනිත් අය ලාභ ලබන එක ගැන සතුටු වෙන්න ඊර්ශ්‍යා නොකර ,
- නමුත් ඒක කරන්නේ බොහෝම ටික යි -ගොඩාක් ගෲප් වල - වට්ස් අප් වල කරන්නේ තමන් ලා ලග තියන කොටස් 3-4 ගැනම කියවන එකමයී
- අපේ කොළඹ කොටස් වෙළදපල සුලු ආයෝජකයන් කියන සමූහ වලින් කොටස් 70-80 ගැන ලියනවා කියල කියන අය අන්න ඒ වගේ ගෲප් වල නායකයෝ
- අපි කර යුත්තේ තොරතුරු -සහ දැනුම බෙදන එක මිසක් ගෲප් එකේ ඇඩ්මින්ලා ගන්න කොටස් විතරක්ම වර්ණනා කරන එක නොවෙයි කියලයි අපි හිතන්නේ ..
- අමතක කරන්න එපා අපේ රටේ උද්දමණය පෙර නොවූ විරූ ලෙස වැඩි වී ඇති බව - බැන්කු පොළී අනුපාත ටිකක් වැඩි වුනත් -උද්දමණය එක්ක බලනකොට තාමත් මිනිස්සුන්ට සල්ලි යොදන්න හොදම ආයෝජනය තමයී කොළඹ කොටස් ඒක නිසා ඉදිරිය සුබයි කල්පනාවෙන් මාර්ජින් සහ ණය කලමණාකරනය කරගෙන යන අයට
- ඔබට පෙබරවාරියේ ජයම වේවා
Registration with the Sri Lanka FINANCIAL CHRONICLE would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..
All information contained in this forum is subject to Disclaimer Notice published.
Thank You
FINANCIAL CHRONICLE
www.srilankachronicle.com