මේ අනුව, සමාගමේ පුස්සැල්ලාව හා මතුරට යන වැවිලි සමාගම් දෙකට අයත් අයර් යන තේ වත්තේ කාමර 34 කින් සමන්විත හෝටලයක් හා ගෙරගම යන තේ වත්තේ කාමර 58 කින් සමන්විත හෝටලයක් තැනීමට සමාගම සැලසුම් කර ඇත.
මෙම හෝටල් දෙක ගොඩනැගීමේ සැලසුම් කටයුතු අවසන් අදියරට පැමිණ තිබෙන බවත් 2013 වසර වනවිට හෝටල් දෙක සංචාරකයින් වෙනුවෙන් විවෘත කළ හැකි බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් Browns Investments group සමාගමේ ප්‍රධාන විධායක මුරලි ප්‍රකාශ් සිය වාර්ෂික වාර්තාවෙන් කොටස් කරුවන්ට දැනුම් දී තිබේ.
මීට අමතරව, මෙම සමාගම විසින් කොස්ගොඩ වෙරළ තීරයේ කාමර 150 කින් සමන්විත හෝටලයක් ඉදිකරමින් සිටින අතර මේ සඳහා රුපියල් බිලියන 1.5 ක ආයෝජනයක් සිදුකරයි.
මෙම හෝටලයද 2013 වසරේදී සංචාරකයින් වෙනුවෙන් විවෘත කිරීමට නියමිතය.