සමහරු එකග නොවේවී
ඒත් හිතෙන්නේ ම UNHRC එකේ රැස්වීම අද පෙබරවාරි 22 ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී ඇරඹීමට නියමිත කියන දේ යොදාගෙන මාර්කට් එක පහලට එනවා කියන කතාව එහෙන් මෙහෙන් යවලා අඩුවෙන් ගන්න කට්ටිය සෙට් උනා කියලමයි
මේකේ ඉන්න පැනික් සෙට් එකට පින්සිදු වෙන්න සමහරු අඩුවට කොටස් ගන්නවා
UNHCR එකේ ලොකූ ටෝක දැම්මට සමහර ඔස්තාර් ලා කියන ආර්තික සම්භාදක අරවා මේවා මුකුත් එන්නේ නැ
වගවී වැඩ කරන්න කියල ආණ්ඩුවට කියයි
අපේ පෞද්ගලික ආයතන වලට කොටස් වෙළදපල ලැයිස්තු ගත මහ ලොකු දෙයක් වෙන්න්නේ නැ
ඔය සරල යතාර්ත ය තේරුම් නොගෙන දගලන ඔස්තාර් ටෝක් දෙන අය කියන කතා වලට අලුත් අය දහස් ගණන් කලබල වෙනවා හැමදාම වුනේත් වෙන්නේත් ඕකමයි
සමහරු දගලන්නේ හෙට ලන්කාව විනාශ වෙලා කන්න අදින්න නැතිවෙනවා වගේ
අපි ලෝකෙට ණයයි තමයී රට චීනට යන්න ඉඩ තියනවා තමයී
ඒත් කඩා වැටෙන්නේ නෑ
පෝර්ට් සිටි එක
50% බදු සහන
රජයේ අනුබද්ද ආයතන කොටස් වෙළදපලට ඒම
පෞද්ගලික සමාගම් වල උපායශීලී කළමණාකරනය මේවා එක්ක බැන්කු පොළී වලට වඩා ආදායමක් ගන්න පුලුවන් එකම ආයෝජනය වෙන්නේ 2025 වෙනකම්ම CPE එක කොළඹ පැනික් වෙළද පලම.තමයී
තව අවුරුදූ ගාණක් බැන්කු පොළී අඩුම තමයී
ණයට නොගෙන මේ සතියේත් හොද කොටස් අඩූ මිලට අරන් මාර්කට් එක දිහා නොබලා ඉන්න සල්ලී ආයෝජනය කරන්න
බයි සෙල් බයි සෙල් විතරක්ම නොකර
වට්ස් ඇප් ගෲප් වල 90% ඉන්නේ කැසිනෝ ගහන්න කොටස් ගත්තු අය
වැළපෙන විදිහෙන් තේරෙනවා
නගිනකොට BIL 25 ට යනවා කිය කියා උඩ පැනපු අය අඩනවා
මෙහෙම අය නම් මාර්කට් එකෙන් චුත වෙන එකම තමයි හොද
ඉවසීම කොහෙත්ම නෑ
ආයෝජන කළමණාකරනය ඇත්තේම නෑ
සුමානෙන් ලක්ශපති වෙන්න ආපු අය තමයී ගොඩාක් ඉන්නේ
ටාර්ගට් දි දී ඉන්න අය හිතන්නේම කොටස් මිල ඉහල ඉහලම යා යුතුයි කියලා
ආයෝජනයන් කරන මිනිස්සු කොටස් වෙළදපලට ශක්තියක්
කැසිනෝ ගහන්න වගේ කොටස් ගන්න අය කොටස් වෙළදපලට ඇත්තටම කරුමයක්
ප්‍රදාන පෙළේ බ්‍රෝකර් ආයතන 6-7 ම කියන්නේ අද අලුත් ගිණුම් අයිති අයයි 60% වික්කේ කියල
ආයෝජකයන් වෙන්න
ට්‍රේඩින් කරන්න හැමෝටම බෑ හොදටම අත්දැකීම් තියන අයටවත් හැමදාම ට්‍රේඩින් කරන්න බෑ
දවස් දෙකෙන් තුනෙන් මාසෙන් දෙකෙන් පෝසත් වෙන්න ණයට පොළියට සල්ලි අරන්
කොටස් වෙළදපලට ඇවිත් නාස්ති වෙන්න එපා
ඇති හැකි පමණින් ආයෝජන කරන්න තොරාගත් ලාභාන්ශ ගෙවන සමාගම් 10 -12 කොටස් 100 /200 හරි ගන්න ආයෝජනය කරන්න
කලබල වෙන්න එපා දඩිබිඩියේ විකුණන්න වත් මිලයට ගන්නවත් වැළපෙන්නවත් යන්න එපා
සංජය පීරිස්