FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» COCR IN TROUBLE?
by ApolloCSE Yesterday at 2:01 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:24 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:22 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Thu Apr 25, 2024 9:26 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:25 pm

» THE KANDY HOTELS COMPANY (1983) PLC (KHC.N0000)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:23 pm

» ACCESS ENGINEERING PLC (AEL) Will pass IPO Price of Rs 25 ?????
by ddrperera Wed Apr 24, 2024 9:09 pm

» LANKA CREDIT AND BUSINESS FINANCE PLC (LCBF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:40 am

» FIRST CAPITAL HOLDINGS PLC (CFVF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:38 am

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:20 am

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
by sureshot Wed Apr 24, 2024 8:37 am

» Sri Lanka confident of speedy debt resolution as positive economic reforms echoes at IMF/WB meetings
by samaritan Mon Apr 22, 2024 9:28 am

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by LAMDA Mon Apr 22, 2024 12:58 am

» Construction Sector Boom with Purchasing manager's indices
by rukshan1234 Thu Apr 18, 2024 11:24 pm

» Asha Securities and Asia Securities Target AEL (Access Enginnering PLC )
by Anushka Perz Wed Apr 17, 2024 10:30 pm

» Sri Lanka: China EXIM Bank Debt Moratorium to End in April 2024
by DeepFreakingValue Tue Apr 16, 2024 11:22 pm

» Uncertainty over impending elections could risk Lanka’s economic recovery: ADB
by God Father Tue Apr 16, 2024 2:47 pm

» Sri Lanka's Debt Restructuring Hits Roadblock with Bondholders
by God Father Tue Apr 16, 2024 2:42 pm

» BROWN'S INVESTMENTS SHOULD CONSIDER BUYING BITCOIN
by ADVENTUS Mon Apr 15, 2024 12:48 pm

» Bank run leading the way in 2024
by bkasun Sun Apr 14, 2024 3:21 pm

» ASPI: Undoing GR/Covid19!
by DeepFreakingValue Thu Apr 11, 2024 10:25 am

» Learn CSE Rules and Regulations with the help of AI Assistant
by ChatGPT Tue Apr 09, 2024 7:47 am

» Top AI tools in Sri Lanka
by ChatGPT Tue Apr 09, 2024 7:21 am

» HDFC- Best ever profit reported in 2023
by ApolloCSE Mon Apr 08, 2024 12:43 pm

» WAPO 200% UP
by LAMDA Sun Apr 07, 2024 10:41 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube

Disclaimer
FINANCIAL CHRONICLE™ Disclaimer

The information contained in this FINANCIAL CHRONICLE™ have been submitted by third parties directly without any verification by us. The information available in this forum is not researched or purported to be complete description of the subject matter referred to herein. We do not under any circumstances whatsoever guarantee the accuracy and completeness information contained herein. FINANCIAL CHRONICLE™ its blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not in any way be responsible or liable for loss or damage which any person or party may sustain or incur by relying on the contents of this report and acting directly or indirectly in any manner whatsoever. Trading or investing in stocks & commodities is a high risk activity. Any action you choose to take in the markets is totally your own responsibility, FINANCIAL CHRONICLE™ blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental damages or loss arising out of the use of this information. The information on this website is neither an offer to sell nor solicitation to buy any of the securities mentioned herein. The writers may or may not be trading in the securities mentioned.

Further the writers and users shall not induce or attempt to induce another person to trade in securities using this platform (a) by making or publishing any statement or by making any forecast that he knows to be misleading, false or deceptive; (b) by any dishonest concealment of material facts; (c) by the reckless making or publishing, dishonestly or otherwise of any statement or forecast that is misleading, false or deceptive; or (d) by recording or storing in, or by means of, any mechanical, electronic or other device, information that he knows to be false or misleading in a material particular. Any action writers and users take in respect of (a),(b),(c) and (d) above shall be their own responsibility, FINANCIAL CHRONICLE™ its blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental violation of securities laws of any country, damages or loss arising out of the use of this information.


AI Live Chat

You are not connected. Please login or register

තෙල් සංස්‌ථාවේ කරුමය ජනතාවට "උරුම" නොවීමට

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

මේ දිනවල රැව්පිළිරැව් දෙන බාල ඩීසල් ප්‍රශ්නයේ අහිතකර බලපෑම් අප මුලින් සිතුවාටත් වඩා වැඩිය. දුම්රියට, ලංගමයට, තැපෑලට මෙන්ම එම රාජ්‍ය ආයතනවල මහජන සේවාවන් අඩාල කිරීමට ද "බාල ඩීසල්" ප්‍රශ්නය හේතු වී තිබේ.

පසුගිය වසරේ බාල පෙට්‍රල් ප්‍රශ්නයේදීත් අපට ඇසුණේ ඉදිරියට එවැනි දේ නොවීමට පියවර ගන්නා බවයි. දැන් මේ බාල ඩීසල් ප්‍රශ්නයේදීත් ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත කියන්නේ ඒ කතාවමය. හෙජින් ගිවිසුම්වලට වගකිවයුත්තන් සම්බන්ධයෙන්ද නීතිපති උපදෙස්‌ විමසා ඉදිරි පියවර ගන්නා බව ඔහු ගිය වසරේ (2011) දී ප්‍රකාශ කළත් එවැනි දෙයක්‌ද සිදුව නැත. කවරක්‌ නමුත් කොයි කාලයේ සිදු වුවද තෙල් සංස්‌ථාවේ සිදුවන මේ පාපකර්මවලට මහජනතාව වගකිව යුතු නැත. එසේ නම් හෙජින් සහ බාල තෙල් පාපකර්මවල කරුමය මහජනයා පිට නොපැටවීමට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග හෝ ගත යුතුව තිබේ. එම වැරැදිවලට ඇමැති ප්‍රේමජයන්ත පෞද්ගලිකව වගකිව යුතු නැති වුවත්, වත්මන් විෂයභාර ඇමැතිවරයා ලෙස ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුව ඇත්තේ ඔහු විසින් ය. මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ ඒ ගැනය.

දුම්රිය, බස්‌ රථ සහ වරායේ දොඹකර ඇතුළු ඩීසල් වාහන ලෙඩ කළ බාල ඩීසල්වල ප්‍රමිතිය පිළිබඳ සිදු කළ රසායනාගාර වාර්තා අනුව එම තෙල්වල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක්‌ නැත. එහෙත් එම තෙල් භාවිතයෙන් වාහන ලෙඩ වෙනවා නම් එම ඩීසල්වල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක්‌ තිබිය යුතුය. එය පිළිගන්නා ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පෙරේදා (07 දා) "දිවයින" සම්මුඛ සාකච්ඡාවේදී මෙසේ ප්‍රකාශ කර තිබිණි.

"ප්‍රශ්න මතු වූ ඩීසල් සම්බන්ධව කළ රසායනාගාර පරීක්‍ෂණ වාර්තා අනුව ඒවායේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක්‌ නෑ. නමුත් වාහන 150 ක්‌ අතරමග නතරවීම, දුම්රිය එන්ජින් පහක්‌ නතර වීම නිසා ඩීසල්වල ප්‍රශ්නයක්‌ ඇති බව පිළිගන්නවා. ඒ නිසයි මම උපදෙස්‌ දුන්නේ ඩීසල් සාම්පල් මැදපෙරදිග රටකට අමතරව යුරෝපයේ රටකට යවා පරීක්‍ෂා කරන්න කියලා."

විදෙස්‌ රටවලට යවා මේ තෙල් සාම්පල් පරීක්‍ෂා කිරීමටද බර වියදම් දැරීමට සංස්‌ථාවට සිදුවනු ඇත. එහෙත් එය සිදුකරන එක හොඳය. එමගින් තෙල්වල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නය හරිහැටි සොයාගෙන එසේම රජයේ විගණකාධිපතිවරයා මගින් සිදු කරන විගණන පරීක්‍ෂණයෙන් ද මීට වගකිවයුත්තන් ද සොයාගෙන, ඔවුන්ට එරෙහිව නිසි පියවර ගත හැකි නම් වඩාත්ම හොඳය. ඒ අනුව වරදකරුවන්ට නීතියෙන් දඬුවම් ලබා දී රජයට (මහජනතාවට) සිදුවන පාඩුව ඔවුන්ගෙන් අය කර ගත යුතු බව අපේ හැඟීමයි. එසේ නොකර මේ බාල තෙල් ප්‍රශ්නය ගැන මොන තරම් පරීක්‍ෂණ පැවැත්වුවත්, එම තෙල් සාම්පල් විදෙස්‌ රටවලට යවා පරීක්‍ෂා කරනු ලැබූවත් අවසානයේ සිදු වන්නේ එම විදෙස්‌ රසායනාගාර වාර්තා ලබා ගැනීමට යන වියදම් ද තෙල් සංස්‌ථාවේ දැවැන්ත පාඩුවට එක්‌වී එය මහා භාණ්‌ඩාගාරය හෝ තෙල් මිල ගණන් හරහා, මේ ප්‍රශ්නවලට වගකිවයුතු නැති මහජනතාව පිට පැටවීමයිá ඩීසල් වාහනයක්‌ තබා පාපැදියක්‌වත් නැති ජනතාව මත ද පැටවීමයි. වරදක්‌ සිදු වී ඇත්නම් වරදකරුවන් ද සිටිය යුතුය. මේ බාල ඩීසල් ප්‍රශ්නයේදීවත් එම වරදේ කරුමය මහජනතාව පිට නොපැටවෙන ලෙස පියවර ගන්නැයි මහජනතාව වෙනුවෙන් අපි ඛනිජ තෙල් ඇමැති සුසිල් ප්‍රේමජයන්තගෙන් මෙන්ම එම අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්‌. සමරතුංගගෙන්ද ඉල්ලා සිටිමු. මෙය අපට ලිවීම පහසු කටයුත්තක්‌ වුවත් එම වගකීම් ඉටු කිරීමට අපහසු දේශපාලන සංස්‌කෘතියේ ප්‍රශ්න එම දෙපළටම තිබෙනවා විය හැකිය. ඒ නිසා බාල තෙල් ප්‍රශ්නවලදී පමණක්‌ නොව රාජ්‍ය අංශයේ සිදුවන සියලුම වංචා, දූෂණ හා අක්‍රමිකතා පිටුදැකීමට නම් ජනාධිපතිවරයා ද ඒ සම්බන්ධයෙන් තදින් සිටිය යුතුය.

මේ දිනවල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විවිධ දිස්‌ත්‍රික්‌කවල විශේෂ සංවර්ධන රැස්‌වීම්වලට සහභාගි වෙයි. මේ අනුව අගෝස්‌තු 06 වැනිදා පැවැති බදුල්ල දිස්‌ත්‍රික්‌ විශේෂ සංවර්ධන රැස්‌වීමේදී ජනාධිපතිවරයා, පොලිසිය ඇතුළු අදාළ බලධාරීන්ට නියෝග කළේ මාදුරුඔය ජාතික වනෝද්‍යානය තුළ සිදු කෙරෙන දැව ජාවාරම් හා සතුන් දඩයම් කිරීම් වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසයි. එසේම ජනාධිපතිවරයා තවත් මහජන ප්‍රශ්න රැසකට කඩිනම් විසඳුම් ලබාදීමට උපදෙස්‌ දෙන අයුරුද ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට ඔවුන්ගේ වගකීම් මතක්‌ කර දෙමින් තදින් කතා කරන අයුරුද අපට විද්යුත් මාධ්‍ය මගින් දැක ගැනීමට ලැබිණි. මේවා අපි අගය කරමු. එහෙත් මේ පිළිවෙත බාල තෙල් ප්‍රශ්නවලදී, හෙජින් ප්‍රශ්නයේදී මෙන්ම සෙසු මහා පරිමාණ දූෂිත තත්ත්වයන්ට එරෙහිව ද එක ලෙසම තිබිය යුතු බව මහජනතාවගේ අපේක්‍ෂාවයි. ඒ නිසා රාජ්‍ය අංශය තුළ සිදුවන වැරැදිවලට එරෙහිව නිසි පියවර ගැනීමේ පිළිවෙත සුළු පරිමාණ මෙන්ම මහා පරිමාණ වැරැදිවලට ද එක සමානව ක්‍රියාත්මක විය යුතුය. ලොකු වැරැදිවලට වගකිවයුත්තන් නිදැල්ලේ සිටියදී පොඩි වැරැදි කළවුන්ට පමණක්‌ නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමේ විෂම පිළිවෙත නතර විය යුතුය. එසේම වංචා, දූෂණ සහ අක්‍රමිකතාවලට එරෙහිව පියවර ගැනීම මාධ්‍ය සංදර්ශනවලට පමණක්‌ සීමා නොවී සැබැවින්ම ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක්‌ විය යුතුය. එහෙත් රජයේ ඇතැම් ක්‍රියාකාරීත්වයන් තුළින් අපට පෙනෙන්නේ එය එසේ නොවන බවයි.

ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා පවසන පරිදි බාල ඩීසල් භාවිතයෙන් ලංගම බස්‌ රථ 250 ක්‌ ලෙඩ වී ලංකා ගමනාගමන මණ්‌ඩලයට රු. ලක්‍ෂ 60 ක පාඩුවක්‌ සිදුව ඇත. මේ බස්‌වල, හානියට පත් ඔයිල් ෆිල්ටර් දැමීමට ලක්‍ෂ හයක්‌ පමණ වැය වී තිබේ. බස්‌ ලෙඩ වීමෙන් ලංගමයට ගමන්වාර 289 ක්‌ අහිමි වූ අතර අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස්‌ රථ ද ඊට ඇතුළත් වූ බැවින් එම ගමන්වාර 38 ක්‌ ද අහිමි විය. මේ බාල ඩීසල් භාවිතයෙන් ලංගමයට සිදුවූ අලාභය තෙල් සංස්‌ථාවෙන් අයකර ගැනීම සඳහා ලංගමය දැන් තෙල් සංස්‌ථාවත් සමඟ සාකච්ඡා කරමින් සිටී. එසේ සාකච්ඡා කර ලංගමයට සිදුවූ පාඩුව තෙල් සංස්‌ථාවෙන් අය කර ගනු ලැබුවද සිදුවන්නේ ඒ පාඩුව නිසා තෙල් සංස්‌ථාවේ පාඩුව තවත් වැඩිවීමයි. මේ නිසා රාජ්‍ය ආයතන අතර බාල තෙල් පාඩුව කෙසේ හුවමාරු කර ගනු ලැබුවත් එහි බර මේ රටේ මහජනයා පිට පැටවීම වැළැක්‌විය නොහැකිය. එසේ වැළැක්‌වීමට නම් වැරැදි කළවුන්ට දඬුවම් දීමට අමතරව එම සිදුවූ පාඩුව ඊට වගකිවයුත්තන්ගෙන් අයකර ගත යුතු ද වෙයි.

බාල ඩීසල් යෙදීම නිසා තැපැල් දෙපාර්තමේන්තුවේ ලෙඩ වූ වාහන ගණන 26 කි. මේ නිසා තැපැල් ප්‍රවාහන කටයුතු අඩාල වී තැපැල් දෙපාර්තමේන්තුවට රු. දශ ලක්‍ෂයක පමණ පාඩුවක්‌ සිදුව ඇතැයිද වාර්තා වේ. බාල ඩීසල් නිසා ලෙඩ දුන් වාහන විසි හයේම තිබූ ඩීසල් සියල්ල ඉවත් කරනු ලැබූ අතර ඒවාට අලුත් ඔයිල් ෆිල්ටර් සවි කර අලුත්වැඩියා කිරීමට සිදුව ඇත. මේ සඳහා යෙදූ එක්‌ ඔයිල් ෆිල්ටරයකට වැය වී ඇති මුදල රු. 7,550 කි. තැපැල් දෙපාර්තමේන්තුවට සිය ප්‍රවාහන අවශ්‍යතා සඳහා දිනකට වාහන 50 ක්‌ අවශ්‍ය වුවද වාහන 26 ක්‌ ලෙඩ වීම නිසා එම ප්‍රවාහන කටයුතු අඩාල විය. ඒ අනුව සිදුවූ දේ නම් ලියුම් කණුවල ඇති ලිපි එකතු කර ගැනීමේ සහ බෙදාහැරීමේ කටයුතු අඩාල වීමයි මහජනතාවට නියමිත දිනට වඩා ප්‍රමාද වී අදාළ ලිපි ලැබීමයි. මේ නිසා කී දෙනෙක්‌ට නියමිත සම්මුඛ පරීක්‍ෂණ දිනයට පසුව අදාළ ලිපි ලැබුණේ දැයි අපි නොදනිමු. තව කී දෙනෙක්‌ කවර අපහසුතාවන්ට මුහුණ දුන්නේද යන්නත් අප දන්නේ නැත. තෙල් සංස්‌ථාවේ පසුගිය වසරක කාලයේදී සිදු කළ ඉන්ධන මිලදී ගැනීම් හා ඉන්ධන තොග කළමනාකරණය පිළිබඳ විගණනයක්‌ කිරීම සඳහා රජයේ විගණකාධිපතිවරයාට දැනුම් දෙන ලෙස ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා සිය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්‌. සමරතුංග මහතා ට දැනුම් දී තිබේ. මේ විගණනය තුළින් බාල ඉන්ධන ගෙන්වීමට සම්බන්ධ නිලධාරීන් සහ ඉන්ධන මාෆියාව පිළිබඳ සියලු තොරතුරු හෙළි කර ගැනීමට හැකිවනු ඇතැයි ද ඇමැති ප්‍රේමජයන්ත මාධ්‍යයට පවසා තිබිණි. එම විගණන වාර්තාව ලැබුණු පසු එම අකටයුතුකම්වලට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බවද ඇමැතිවරයා කියා තිබිණි. 2011.08.01 සිට 2012.07.31 අතර කාලයේ ක්‍ෂණික ඉන්ධන මිලදී ගැනීම් හා ඉන්ධන තොග කළමනාකරණය පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් මේ විගණන කටයුතු සිදු කිරීමට නියමිතය.

තෙල් සංස්‌ථාවේ මේ බලවත් අපල අතරේ පෙරේදා (07 දා) දිනයේ සංස්‌ථාවේ ඩීසල් බවුසරයක්‌ පෙරළී ගිය පුවතක්‌ද වාර්තා වී තිබිණි. එය තෙල් සංස්‌ථාවට අයත් මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයේ සිට හැටන් කොටගල පිහිටි ගබඩා සංකීර්ණය දක්‌වා ගමන්ගත් ඩීසල් ලීටර් 33,000 ක්‌ රැගත් බවුසරයකි. ඒවාත් බාල ඩීසල් දැයි අප දන්නේ නැත. කෙසේ වෙතත් එම ඩීසල් විශාල ප්‍රමාණයක්‌ කඳු බෑවුමෙන් ගලා බසින මහවැලි ගඟට ගලා ගොස්‌ ඇති බවද සිද්ධිය වන අවස්‌ථාවේ බවුසරය පැද වූ රියෑදුරා බීමත්ව සිටි බවද ඔහුව අත්අඩංගුවට ගත් බවද ගිනිගත්හේන පොලිසිය පවසා තිබිණි. බීමත්ව රිය පැදවීම අනතුරුදායක ක්‍රියාවක්‌ බව අපි දනිමු. එසේ තිබියදී "වහා ගිනි ඇවිලෙන සුලුය" කියා තෙල් බවුසරයේ ම ප්‍රදර්ශනය කරගෙන යන තෙල් සංස්‌ථාවේ රියෑදුරන් බීමත්ව ඒවා ධාවනය කිරීම වඩාත්ම අනතුරුදායකය.

තෙල් සංස්‌ථාවේ ඉහළ නිලධාරීන් මෙන්ම පහළ සේවකයන් ද වගකීමෙන් තොරව කටයුතු කරන බව ඉහත සිදුවීමෙන් අපට පෙනේ. එහෙත් වෙනසක්‌ ඇත. එනම් හෙජින් වැනි මහා පරිමාණ අකටයුතුකම්වලට වගකිවයුත්තන්ට එරෙහිව කිසිදු පියවරක්‌ නොගනිද්දී පහළ මට්‌ටමේ සේවකයාට නීතිය වෙනස්‌ අයුරින් ක්‍රියාත්මක වීමයි. ඉහත සඳහන් කළ ඩීසල් බවුසරය පැද වූ රියෑදුරු වහාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එහෙත් තෙල් සංස්‌ථාවේ මෙන්ම රාජ්‍ය ආයතනවල මහා පරිමාණ මට්‌ටමේ වැරැදි කරන නිලධාරීන්ට එරෙහිව වහාම හෝ ප්‍රමාද වී හෝ මේ ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක වන බවක්‌ අපට දකින්නට නැත. "ආසියාවේ ආශ්චර්යය" කරා රට ගෙන යනවාය කියන ආණ්‌ඩුව මේ මහා පරිමාණ වැරැදිවලට එරෙහිව නිසි ලෙස ක්‍රියා නොකිරීම ගැන අපට කීමට ඇත්තේ එය "ආසියාවේ ආශ්චර්යය" කරා යන ගමනට එරෙහි වීමක්‌ බවයි. එසේම එය එම වැරැදිවලට වගකිවයුතු නැති යුද ජයග්‍රහණයේදී මෙන්ම තවමත් රජයට ශක්‌තිය දෙමින් සිටින බහුතර මහජනයාට කරන බලවත් සතුරුකමක්‌ ද වන බවයි. රාජ්‍ය අංශය තුළ සිදුවන මේ මහජන සතුරුකම් මුළුමනින්ම නතර වීම කෙසේ වෙතත් ඒවා හැකිතාක්‌ උපරිම මට්‌ටමක්‌ දක්‌වා අවම කර ගැනීමට රජය පියවර ගත යුතුව තිබේ. එය ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරා රැගෙන යැමට අත්‍යවශ්‍ය දෙයකි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත - දිවයින පුවත් පත අනුග්‍රහයෙනි

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum